අපගේ ශරීරය ගැන බොහෝ කරුණු අප පාසලේදී  ඉගෙන ගෙන තියනවා. වැඩිහිටියන්ගෙන් පවා අසා දැනගෙන තියනවා. ඒත් මේ ගොඩක් දේවල් ඇත්තමද කියන්න නම් අපි දන්නේ නෑ.

ඉතින් අද අපි කතකරන්න යන්නේ විශ්වාස නොකළ යුතු අපගේ ශරීරය පිළිබඳ මිථ්‍යවන් බවට පත් වූ කරුණු 11 ගැන.

01. විටමින් පෙති අපව නිරෝගීව තබා ගනී.

එක් ටැබ්ලටයක් පමණක් අපගේ සෞඛ්‍යයට හිතකර වන අතර දිගින් දිගටම විටමින් අපගේ  ශරීරයට ලබා ගැනීම අහිතකර වේ. අධිකව ටැබ්ලට් ආකාරයෙන් අප මෙය ලබා ගන්නවා නම් ඒ පිළිබඳව අප සැලකිලිමත් විය යුතුමයි.

02. ඩියෝක්සයින සහිත රුධිරය නිල් පැහැයෙන් යුක්ත වේ

හදවත දෙසට නහර හරහා ගමන් කරන ඔක්සිජන් නොමැති රුධිරය නිල් පැහැයක් ගන්නවා කියලා තමයි ගොඩක් දෙනා  විශ්වාස කරන්නේ. නමුත් එහි තියෙන්නේ තද රතු පැහැයක්. පාසලේ පෙළපොත් වල ඔක්සිජන් සහිත රුධිරය ට වඩා ඔක්සිජන් නොමැති රුධිරය වෙනස් බව අවධාරණය කිරීම සඳහා එය නිල් පාටින් පෙන්වල තියෙනවා. ඒ වගේම ඔබේ සම හරහා ඔබට පෙනෙන නහර වලත් නිල් පැහයක් පෙනෙනවා.

03. දුඹුරු සීනි සුදු සීනි වලට වඩා සෞඛ්‍ය සම්පන්නයි.

සැබැවින්ම දුඹුරු සීනි සහ සුදු සීනි අතර වෙනසක් නැති බව ඔයාලා දැනගෙන සිටියද? නිශ්පාදනයේදී  මොලැසස් භාවිතය අනුව එහි  වර්ණය වෙනස් වෙනවා. දුඹුරු සීනි සෞඛ්‍ය සම්පන්නයි කියල ගොඩක් අය කියන්නේ දුඹුරු සීනි සුදු සීනී තරම් රස නැති හින්ද.

04.මත්පැන් මොළයේ සෛල විනාශ කරයි

ඇල්කොහොල් විශාල ප්‍රමාණයක් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බලපාන අතර ඔක්සිජන් ඌනතාවයට හේතු වෙනවා. මෙය මොළයේ සෛල අතර සම්බන්ධතාවයට හානි කළ හැකි නමුත් එය සෛල වලට නම් කිසිවක් කරන්නේ නෑ.

05. සීනි ළමයින්ට අධි ක්‍රියාකාරීත්වයක් ඇති කරයි.

සීනී ළමයින්ට අධි ක්‍රියාකාරිත්වයක් ඇති කරනවා කියලා සමහරවිට ඔයාලත් අහල ඇති. නමුත් මේක නම් ඇත්ත වශයෙන්ම මිත්‍යාවක්. සීනි යනු කැලරි වන අතර කැලරි යනු ශක්තියයි. ඉතින් සමහර දරුවන් බොහෝවිට මිහිරි පැණි රස  දේවල් ආහාරයට ගන්නවා. ඒ නිසා ශක්තිය ඔවුන්ගෙන් ගලාගෙන යනවා. නමුත් සීනි පොඩ්ඩන්ගෙ දත් වලට හොද නෑ කියලනම් ඔයාල මතක තියාගන්න ඕනා.

06. ස්නායු සෛල නැවත උත්පාදනය නොවේ.

ස්නායු සෛල පුනර්ජනනය කළ නොහැකි කියල තමා ගොඩක් අය හිතාගෙන ඉන්නේ.ඒත් මේක නම් සත්‍යක් නෙවේ. ස්නායු සෛල මිය යාම නියත හා සම්පූර්ණයෙන්ම ස්වාභාවික ක්‍රියාවලියක්. නව සෛල මොළයේ විවිධ කොටස්වල දිස්වන අතර පුද්ගලයෙකුට ආතතියක් දැනෙන විට, මෙම සෛල භාවිතා වන්නේ සැබෑ ස්නායු සෛල වලට වඩා එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට හේතු වන රසායනික ද්‍රව්‍යයන් නිසා‍යි.

07.නිර්මාණශීලීත්වයේ ප්‍රභවය මොළයේ වම් අර්ධගෝලයයි.

මොළයේ වම් අර්ධගෝලය ඇතැම් කාර්යයන් සඳහා   ක්‍රියා කරන අතර අනෙක් ඒවාට  දකුණු  අර්ධ ගෝලයේ ක්‍රියා කරනවා.  නමුත් විද්‍යාඥයින් විසින් අනෙක් පැත්තට වඩා දියුණු එක් පැත්තක් ඇති පුද්ගලයින් තවමත් සොයාගෙන නැහැ.   මොළයේ කොටස් කිහිපයක් අපගේ නිර්මාණශීලීත්වයේ සාමූහික ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන අතර ඒවා දකුණු හා වම් අර්ධගෝල දෙකෙහිම පිහිටා තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here