අපි කිසියම් හෝ රෝගයකින් පෙලෙනවා නම් ඒ පිළිබද අපිට සිරුරෙන් යම් දැනුම් දීමක් කරනවා. එනම් යම් රෝගයකින් පෙලෙනකොට අපේ සිරුරේ විවිධ වෙනස්කම් හා ලක්ෂණ දක්නට පුලුවන්. අපේ ශරීරයේ පවතින මෙම ඇතැම් වෙනස්කම් අපිට හදුනා ගැනීමට අපහසු තරම්ම ඉතා සියුම්. මේ නිසා අපි මේ පිලිබදව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් නිවැරදිව ශරීරය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. අපි අපේ ශරීරය ගැන ඉතාමත් සැලකිල්ලෙන් ඉන්නවා නම් දරුණු රෝගාබාධ පවා කලින් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සඳහා කලින්ම යොමු වෙන්න හැකියාවක් අපිට තියවනවා.අපි අද කතාකරන්න යන්නේ මේ වගේ දරුණු ලෙඩ රෝග කලින්ම හදුනාගන්න විදි කිහිපයක් ගැන. මේ ලක්ෂණ ඔබට තියනවානම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ලබාගන්න.

01. නියපොතු මත කළු රේඛා

අපේ සෞඛ්‍ය ගැන ගොඩක් දේවල් දැනගන්න නියපොතු වල ඇති වෙන වෙනස්කම් වලින් පුළුවන්. ඝන හෝ සිහින් නියපොතු තමයි සාමන්‍යයෙන් පුද්ගලයන්ට පිහිටන්නේ. ඔබට දකින්න ලැබුනොත් මේවායේ වර්ණයේ හෝ ව්‍යුහයේ වෙනසක් සිදු වෙලා තියෙනවා ඒ සඳහා අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මෙලනෝමා කියන චර්ම පිළිකාවේ ලක්ෂණයක් තමා නියපොතු වල කළු සිරස් රේඛාවක් දකින්න ලැබීම. හදිසියේ නියපොතු වල ලේ ගැලීමක් තැලීමක් වගේ හේතුවක් නැතුව මෙහෙම රේඛාවක් දක්නට ලැබුනොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න පරක්කු වෙන්න එපා.

02. ඇහිබැම සිහින් වීම

තයිරොයිඩ් තත්වයේ හයිපෝතිරයිඩයේ ලක්ෂණයක් ලෙස ඇහිබැමි සිහින් වීම ගත හැකියි. හෝමෝන ඕනවට වඩා නිපදවීමට හෝ අවශ්‍ය තරම් නොමැති වීමට තයිරොයිඩ් ග්‍රන්ථිය නිසියාකාරව ක්‍රියා කරන්නේ නැති වීම හේතු වෙනවා. මේ හේතුවෙන් ඇහිබැමි සිහින් වෙන්න පුළුවන්.

03. සුව නොවන කුරුලෑවක්

මුහුණේ කුරුලෑ ඇති වීම තරුණ වයසට එළඹීමත් එක්ක සාමන්‍ය දෙයක්.මුහුණේ තියෙන සිදුරු නිසා තමා කුරුලෑ ඇතිවන්නේ. බාසල් සෛල පිළිකා වල ලක්ෂණයක් ලෙස සති කිහිපයක් යනකල් අඩුවීමක් දක්නට නොලැබෙන සහ නිතරම ලේ ගැලීම සිදු වෙන කුරුලෑ ගත හැකියි. සමේ ඇති වෙන පිළිකා වර්ගයක් තමා බාසල් සෛල පිළිකා කියල කියන්නේ. බාසල් සෛල පිළිකා වල අවදානම අවමයි.  සිරුර පුරා පැතිරීමක් සිදු වන්නේත් නැහැ.ඉතාම කෙටි කාලයක් තුල සුව කරගැනීමටත් පුළුවන් කලින්ම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන්.

04. ඇඟිලි වේදනාව

පෙනහළු පිළිකා වල ලක්ෂණයක් ලෙස පැහැදිලි හේතුවක් නොමැතිව නිතර ඇඟිලි වල වේදනාවක් ඇති වීම ඝන සහ සංවේදී ඇඟිලි ගත හැකියි.  නියපොතු යට සහ ඇඟිලි තුඩු වල පටක වර්ධනය උත්තේජනය කරන සමහර රසායනික ද්‍රව්‍ය රුධිරයට මුදාහැරිම නිසාවෙන් අධික වේදනාවක් ඇති වීමක් පෙනහළු වල පිළිකාවක් ඇති උනාම දකින්න පුළුවන්. ඉතින් හදිසියේම ඔබේ ඇඟිලි ඝන වීමට හෝ ඉදිමීමට ලක් වුනොත් හරි අධික වේදනාවක් ගෙනදෙන්න පටන් ගත්තොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න දෙපාරක් හිතන්න එපා.

05. ඇස් යට අඳුරු රවුම්

අපි උඩින් සඳහන් කරපු දේවල් තරම් කලබල වෙන්න දෙයක් නෙවේ ඇසි යට කළු වීම එහෙමත් නැත්නම් අඳුරු වීම. අපි ප්‍රමාණවත් නින්දක් නොලබන බව අපට දැනුම් දෙන ලක්ෂණයක් තමා ඇස් යට කළු වීම කියල කියන්නේ. ඔබේ නින්ද සහ ජිවන රටාව ගැන ටිකක් වැඩිපුර සැලකිල්ලක් දක්වන එක හොඳයිමෙම තත්ත්වය ඔබටත් තියනවා නම්.

06. scalloped සහිත දිවක්

scalloped සහිත දිවක් කියලා කියන්නේ දිවේ දාර pie crust එකක් මෙන් දකින්නට ලැබෙන එකට තමයි. මේ තත්වය ඇති වෙන්නේ දිවේ පහලින් තියෙන හකු කම්පනය නිසා තමයි.සාමන්‍ය ඉදිමීමක් නිසා උනත් මේ තත්වය ඇති වෙන්න පුළුවන් හකු වල කම්පනයක් දක්නට නොලැබුනත්. මේ තත්ත්වය වෙනත් සාමාන්‍ය දේවල් නිසාත් වෙන්න පුලුවන් උනත් තයිරොයිඩ් ආබාධයක මුලික ලක්ෂණ ලෙස මේත් එක්කම එන කැක්කුම,හිසකෙස් නැතිවීම, අඩු රුධිර පීඩනය සහ තැලීම් වැනි වෙනත් රෝග ලක්ෂණ ගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here