රට ඉඳි කියන්නේ සුපිරි ආහාරයක් නොවුණත් ඒ තත්ත්වයට ගොඩක් ළඟින් තියෙන්නේ. පැණිරස හා රසවත් කෑමක් වන රට ඉඳි ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම ලැබෙනවා. එක සතියකට රට ඉඳි 3ක් ආහාරයට ගෙන පහත දැක්වෙන ප්‍රයෝජන අත්විඳ ගන්න.

01. අස්ථි සෞඛ්‍යය වර්ධනය වෙනවා.

රට ඉඳි වල පොස්පරස්, පොටෑසියම්, කැල්සියම් හා මැග්නීසියම් වගේ ඛනිජ ලවණ අන්තර්ගත වෙනවා. එමඟින් අස්ථි සවිමත් වන අතර ඔස්ටියෝපොරෝසිස් වගේ රෝගාබාධ වලට විරුද්ධව සටන් කරනවා.

02. ආහාර ජීර්ණ සෞඛ්‍යය වර්ධනය කරනවා.

ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා තන්තු අත්‍යවශ්‍යයි. රට ඉඳි වල තන්තු මට්ටම ඉහළ අගයක පවතිනවා. තන්තුමය ආහාර පරිභෝජනය කිරීමෙන් මල බද්ධය නැතිවන අතර නිතරම බඩවැල් චලනය උසස් තත්ත්වයට පත් කරනවා.

03. මානසික ආතතියට සහ අවපීඩනයට එරෙහිව සටන් කිරීමට සහය ලබා දෙනවා.

රට ඉඳි තුල අන්තර්ගත විටමින් බී 6 මඟින් මොළයේ සෞඛ්‍යය වර්ධනය කරනු ලබන සෙරොටොනින් හා නොරපිනෙප්‍රින් නිර්මාණයට සිරුරට සහය වෙනවා. සෙරොටොනින් මඟින් පුද්ගලයෙකුගේ මනෝභාවය නියාමනය කර නොරපිනෙප්‍රින් ආතතියට විරුද්ධව සටන් කරනවා. පහළ B6 මට්ටම මානසික අවපීඩනයට බලපාන බව අධ්‍යන මඟින් හෙළිවනවා. විටමින් බී 6 අධිකව ගන්නා තරමට ඒ බව ශාරීරිකව මෙන්ම මානසිකවත් දැනෙනවා.

04. සැලකිය යුතු තරම් ශක්තියක් සපයනවා

තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, විටමින් හා ප්‍රතිඔක්සිකාරක ආදියෙන් රට ඉඳි බොහොම පොහොසත්. Fructose හා  ග්ලූකෝස් වගේ සීනි අන්තර්ගත වන බැවින් එමඟින් කාලයක් පවතින පරිදි ශක්තියක් සපයනවා. අධ්‍යනවලට අනුව රට ඉඳි මඟින් ශක්තිය ඉහළ නැංවූයේ නැතත් වැඩ කිරීම නැත්නම් ක්‍රීඩා කිරීම වගේ මහන්සියක් දැනෙන ක්‍රියාවක නියැලීමෙන් අනතුරුව ඉක්මනින්ම ශක්තිය ලබා ගන්න මේවා සහයෝගය ලබා දෙනවා.

05. හදවත් රෝග නිවාරණයට සහය වෙනවා

රට ඉඳි වලට ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම මෙන්ම ඔක්සිකාරක ආතතිය අවම කිරීමේ හැකියාව පවතින අතර මේවා හදවත් රෝග හා ධමනි නිෂ්පාදනය කිරීමේ අවදානම් සාධකයි. එමෙන්ම මේවා පොටෑසියම් සුලබව පවතින ප්‍රභවයක් වන නිසා රුධිර පීඩනය අවම කර ආඝාතය හටගැනීමේ අවදානම මෙන්ම හදවත සම්බන්ධ වෙනත් රෝග අවම කරනවා.

06. මහා බඩවැලේ පිළිකා හටගැනීමේ අවධානම අවම කිරීමට සමත් වෙනවා 

රට ඉඳි මඟින් හානිකර බැක්ටීරියා වලට ආහාර ජීර්ණ පද්ධතිය හා බඩවැල් වලට හානි කිරීමට ඉඩ නොදී රැකගන්නවා. මේ නිසා එය මහා බඩවැල දක්වා පැතිරීමේ අවදානම අවම වෙනවා. ආහාර හා පෝෂණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ අධ්‍යයනයකට අනුව මේවා හැමදාම පරිභෝජනයට ගන්නා පුද්ගලයින් මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය වීමෙන් රැකගන්නා ශරීරයට හිතකර බැක්ටීරියා වර්ධනය ඉහල නංවනවා.

07. සිරුරේ බර අවම කර ගැනීමට සහය වෙනවා

ශරීරයේ බර අවම කර ගැනීමට රට ඉඳි සහය වෙනවා. රට ඉඳි වල තන්තු අඩංගු වෙනවා තමයි. ඒත් මේ තන්තු නිසා දිගු වෙලාවක් ඔයාට පූර්ණ හැඟීමක් ලබා දෙන නිසා එමඟින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල යාම වළක්වනවා. ඒ වගේම රට ඉඳි තුල ඇන්තොසියානින්, ෆීනොලික්ස් හා කැරොටිනොයිඩ් වගේ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඒවායින් සිරුරෙන් විෂ අයින් කරනවා. කෑම දිරවීම ඉහල දමනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය වර්ධනය කරනවා. මෙය ශරීරයේ බර අවම කර ගන්න හේතු වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here