ප්‍රායෝගිකව, දිනපතා කරන සෑම දෙයක්ම අප පුරුද්දක් ලෙස ස්වයංක්‍රීයව සිදු කරනවා. නමුත් අපි ඒවා කරන ආකාරය වැඩිදියුණු කිරීමේ හෝ ඵලදායී කිරීමේ ක්‍රම ගැන මොහොතකටවත් සිතන්නේ නෑ.
මේ නිසා ඔබේ කාලය ඉතිරි කර ගැනීම සඳහා, සාමාන්‍ය පුරුදු වලින් ටිකක් ඔබ්බට ගිහින් වඩාත් ඵලදායී ලෙස කල හැකි සරල දේවල් ටිකක් අපි අද අරන් ආවා.

බැටරි ආරෝපණ කාලය වේගවත් කිරීමට

ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය ෆ්ලයිට් මෝඩ් හි තබා අරෝපණය කරන විට ආරෝපණ වේගය වැඩිය.

ෆවුන්ඩේශන් තෝරා ගැනීම

ෆවුන්ඩේශන් එකක් තෝරාගැනීමේදී, ඔබට වඩාත් ගැළපෙනම වර්ණය තෝරා ගැනීමට, මුහුණේ හෝ මැණික් කටුවෙහි නොව ඔබේ බෙල්ලේ වර්ණය පරීක්ෂා කරන්න.

යතුරු වර්ග කිරීම

සමාන පෙනුමක් ඇති යතුරු නිසා ව්‍යාකූල නොවීමට, නෙයිල් පොලිෂ් භාවිතයෙන් ඔබට එකිනෙකට වෙනස් වර්ණයන් පින්තාරු කළ හැකිය.

බිත්තරයක් පහසුවෙන් කටු ඉවත් කරන්නේ කෙසේද?

කරදරයකින් තොරව තම්බා ගත් බිත්තරයක් එහි කවචයෙන් ඉවත් කිරීම සඳහා, වතුර නටන්නට පෙර බේකිං සෝඩා තේ හැන්දක් වතුරට දමන්න.

විදුලි ස්ත්‍රීක්කයක් නොමැතිව ඇඳුම් අයන් කරන්නේ කෙසේද?

ඔයා ඇඳුම් අයන් කරන්න කම්මැළි කෙනෙක් නම්, මේ කුඩා උපක්‍රමය අත්හදා බැලිය හැකියි. අයිස් කැට තුනක් සමඟ ඔබේ ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයේ වියළනය තුළ තබා විනාඩි 15 ක් ක්‍රියාත්මක කරන්න. වියළීමේ ක්‍රියාවලිය මඟින් නිපදවන වාෂ්ප ඔබේ ඇඳුම්වල ඇති සියලුම රැළි ඉවත් කරයි. නමුත් එක් වරකට ඇඳුම් ආයිත්තම් විශාල ප්‍රමාණයක් නොයැවීමට මතක තබා ගන්න.

ස්නානය කිරීමේදී

වැඩිපුර ෂවර් ජෙල් හෝ බොඩි වොෂ් භාවිතා කිරීමෙන් ඔබේ සමෙහි ඇති තෙල් අනවශ්‍ය ලෙස ඉවත් වීමෙන් සම සෞඛ්‍ය සම්පන්න නොවේ. ඔබේ මුළු සිරුරම කැසීම ඇති කිරීමට අමතරව, මෙම වියළි බව නිසා දද වැනි සමේ ගැටළු උත්සන්න විය හැකිය. එමනිසා, නානකාමරයේ වැඩිපුර වේලාවක් ගත කිරීමේ ඔබේ සිතුවිලි නවතාගන්න.

දුරකථනය තෙතමනයෙන් ආරක්ෂා කරන්න

ඔබ වෙරළේ සිටින විට හෝ ස්නානය කරන විට ඔබගේ දුරකථනය ජලය හා තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීමට සාමාන්‍ය මුද්‍රා තැබිය හැකි ප්ලාස්ටික් බෑගයක් භාවිතා කරන්න.

ප්ලාස්ටික් බෝතල් සඳහා තවත් ජීවිතයක්

සාමාන්‍ය ප්ලාස්ටික් බෝතලයක බෙල්ල සහ පියන ආධාරයෙන්, ඉක්මනින් වියළී යාමට ඉඩ ඇති ආහාර අඩංගු බෑග්, හුලං නොවදින ලෙස සම්පූර්නයෙන් මුද්‍රා තැබිය හැකිය.

කොණ්ඩ කටු භාවිතය

කොණ්ඩ කටු, රැලි සහිත ලෝහ කොටස පහළට මුහුණලා සිටින සේ පැළඳිය යුතුය – මෙය ඔබේ කොණ්ඩය වඩාත් පහසුවෙන් සවි කිරීමට උපකාරී වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here