01. විනූ සිරිවර්ධන – විනූ කියන්නේ මෑතක දී විවාහයට පත් වුණ ඉතා ජනප්‍රිය නිළියක්. ඇය විවාහ වූයේ ටික කාලයකින් කෝටිපතියෙක් වූ කසුන් ලියනගේ සමඟයි. උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යාව උගන්වන මොහු නුගේගොඩ ISM උසස් අධ්‍යාපන ආයතනයේ දේශකවරයෙක්. විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය වරයෙක් ලෙස ද මොහු සේවය කරයි. මොහු ඉතා කෙටි කලකින් කෝටිපතියෙක් වූ තරුණයෙකි.

02. බුවිනි චාපා දියලගොඩ – අප කවුරුත් ආදරය කරන වත්සලා දියලගොඩගේ නැගෙණිය මැයයි. මැය විවාහ වූයේ ද කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගුරාඩියන් ඔටෝහි අයිකරු සමඟයි.

03. භාග්‍ය ගුරුසිංහ – පුංචි තිරයේ අපි අතර ඉතා ජනප්‍රිය වූ ඇය විවාහයෙන් පසු රංගනයට දායක වුණේ නැහැ. මැය විවාහ වුණේ කතරගම දේවාලයේ කපු මහත්මයෙකු සමඟයි. ඇය දැන් ව්‍යාපාරික කාන්තාවක් ලෙස සිටිනවා.

04. සබීතා පෙරේරා – ඇය අපේ සිනමාව එක්තරා කාලයක දී ආලෝකමත් කළ ජනප්‍රිය තාරකාවක්. ඇය විවාහ වූයේ දොන් උපාලි ජයසිංහ නම් කෝටිපතියා සමඟ ය. වර්තමානයේ දී ඔහු D.P ජයසිංහ සමාගමේ වර්තමාන හිමිකරු වේ

05. සෙව්වන්දි නයනතාරා – කාගේත් ආදරය දිනා ගත් මැය විවාහ වූයේ රත්නපුරේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු සමඟයි. මෙය ආදර සම්බන්ධතාවයකින් සිදු වූවක් බව කියයි.

06. සජානා වනිගසූරිය – “අඬහැරය” වීඩීයෝ එක දිගට ම නැරඹුවේ නම් ඇය විවාහය ගැන හොඳින් කරුණු ඔබත් දන්නවා ඇත. ඇය විවාහ වූයේ කෝටිපති වෛද්‍යවරයෙකු වූ ප්‍රවීන් විදුර දයාසේන සමඟයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here