ශ්‍රී ලාංකිකයන් වන අපි තවමත් සාම්ප්‍රදාය අගය කරන පිරිසක් බව ඔබට අමුතුවෙන් කිය යුතු කරුණක් නොවේ. මෙම සාම්ප්‍රදානුකූල දේවල් වලදී “විවාහය” ට හිමි වන්නේ මුල් තැනකි. මුතුන්මිත්තන්ගේ සිට අද වර්තමාන තරුණ තරුණියන් අතරත් මෙම කරුණු යම් යම් වශයෙන් දැක ගන්න පුළුවන් බව අපට පෙනෙයි. විවාහයේ දී ”වයස” යනු ඉතා වැදගත් කරුණකි. අපේ සම්ප්‍රදානුකූලව පුරුෂයා ස්ත්‍රියට වඩා වයසින් වැඩි විය යුතු ය. අප අපි සොයා බලන්නේ අපේ කලා ලොවේ මෙම සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියා කළ නළු නිළියන් පිළිබඳවයි.පබෝධා

01. සංදීපනී – සිදත් හරේන්ද්‍ර

පබෝධා සංදීපනී කියන්නේ අති දක්ෂ ඒ වගේ ම ජනප්‍රිය නිළියක්. පබෝධාගේ ස්වාමි පුරුෂය ඇයට වඩා අවුරුදු කිහිපයක් වයසින් බාලයි කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. මුලින් ම ඔවුන්ට පවුල් පසුබිමෙන් මේ සම්බන්ධයෙන් බාධා වුණත් දැන් ගෙවන ජීවිතයට එය කිසිම බාධාවක් නොමැති බවයි. දැන් ඔවුන්ගේ කැදැල්ලට පුංචි පුතෙක් ද එකතු වී තිබෙනවා. ඔවුන්ට සැමදාම මේ ලෙස ආදරයෙන් ජීවත් වීමට හැකි වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

02. දිනේෂ් තරංග – රැන්ඩෙලා මාරිස්

දිනේෂ් තරංග කියන්නේ රියලිටි ක්ෂේත්‍රයේ ඔස්සේ පෑයූ නවක ගායන තරුවක්. මොහු විවාහ වී ඇත්තේ ද තමාට වඩා වැඩිමහල් යුවතියක් සමඟයි. ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 9 ක් බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මොහු සඳහන් කරන්නේ ද විවාහයට වයස බාධාවක් නොමැති බවයි. තව දුරටත් ඔහු පැවදුවේ ඔවුන් සතුටින් කාලය ගත කරන බවත් දැන් ඔවුන්ට සුරතල් දුවෙක් සිටිනා බවත් ය. ඔවුන්ට සැමදාම මේ ලෙස ආදරයෙන් ජීවත් වීමට හැකි වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

03. නෙහාරා පිරිස් – මේනක රාජපක්ෂ

මේ දිනවල මේ චරිත දෙන ඉතා ප්‍රසිද්ධ චරිත දෙකක් වී ඇත. ඒ නෙහාරා පීරිස් මව් පදවිය ලැබිමත් සමඟ ය.අන්තර් ජාලයේ සඳහන් වන පරිදි මොවුන්ගේ වයස් පරතරය අවුරුදු 1 ක් බවයි. මේ දින වල පුංචි දූ සුරංගනාවිත් එක්ක මුළු පවුලම සතුටින් කාලය ගත කරන බව සඳහන්වේ. ඔවුන්ට සැමදාම මේ ලෙස ආදරයෙන් ජීවත් වීමට හැකි වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

04. නිල්මිණි තෙන්නකෝන් – මධුමාධව අරවින්ද

මේ දෙදෙනාම අපි ගොඩක් ආදරය කරන චරිත දෙකක් තමයි. මොවුන් දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 8 කි. මේ වන විටත් ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වී සිටිය ද අතීතයේ සිටම අද දක්වා අපේ සිත් දිනා ගත් ආදරණීය චරිත දෙකක් කියලා කියන්න පුළුවන්.

05. මාලනී ෆොන්සේකා – ලකී ඩයස්

හෙළ සිනමාවේ නිලි රැජින ලෙස හඳුන්වන්නේ මැයයි. 1986 දී ලකී ඩයස් සමඟ ඇය විවාහ වෙයි. ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 4 කි. හෙළ සිනමාවේ ලකී – මාලනී කියලා වෙන ම යුගයක් ද තිබුණි. දැන් මේ දෙදෙනා වෙන් වී ඇති නමුත් එදා වගේ ම අදත් ඒ දෙපළට අපේ ආදරය නොඅඩුව ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here