01. සචිනි අයේන්ද්‍රාගේ පෙම්වතා පැහැරගත් නිළිය දන්නවා ද?

එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණු සචිනි අයේන්ද්‍රා, අප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. කාලයක් තමන්ට අතිශයින් සමීප මිතුරියක් වෙලා හිටපු කලාකාරිණියක් දුරස් කර දැමීමට හේතු වූ කාරණය පිළිබඳව හෙළි කර තිබුණා. එවකට සචිනිගේ පෙම්වතාව ඇයගෙන් බිඳවා ඔහු සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට එම නිළිය කටයුතු කර තිබෙනවා. කොහොම වුණත් කාලයත් සමඟ එම පෙම්වතා ඒ නිළියවත් අතහැර දමා තිබෙනවා. පසුව ඇය යළිත් සචිනි සමග මිතුරියක් වීමට උත්සාහ කළත් තමන්ට ඇයව විශ්වාස කිරීමට අපහසු බව සචිනි පවසා තිබෙනවා. ඇය පවසන පරිදි ඒ අනර්කලී අකර්ෂා ය.

02. ෆ්ලොරීඩාට ලැබුණු තෑග්ග

60 දශකයේ අපගේ සිනාමේ වඩාත් සුපිරි ම යුගයැයි අපට කිව හැකි ය.‘සැඩ සුළං’ කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. කොටින් ම කියනවානම් මෙය නරඹන්න සිනමාහල්වල මිනිස්සු පොර කෑවා. ආදායම් වාර්තා බිඳ දැමීමට පවා මෙයට හැකි විය. මේ චිත්‍රපටය ලබපු අසීමිත සාර්ථකත්වය නිසා අධ්‍යක්ෂක සෝමසේකරන් විසින් සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ෆ්ලොරීඩා ජයලත්ට වොක්ස්හෝල් වර්ගයේ මෝටර් රථයක් ත්‍යාග විදිහට ලබා දුන්නා. ලංකාවේ නළුවෙකුට හෝ නිළියකට චිත්‍රපටයක සාර්ථකත්වය නිසා මෙවැනි වටිනා ත්‍යාගයක් ලැබුණු පළමු අවස්ථාව විදිහට අදටත් මෙය සැලකෙනවා.

03. සරච්චන්ද්‍රට පහර දීමට කැමති වූ නළුවා

අපි හැමෝම දන්න ඉතා ප්‍රසිද්ධ කරුණක් තමයි එක්සත් ජාතික පක්ෂ රජය සමයේදී ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ රැස්වීමකට සම්බන්ධ වීම නිසා මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට පහර දෙන්න ක්‍රියා කළා කියලා. ස්වභාවයෙන්ම අතිශයින්ම නිවුණු සහ අහිංසක පුද්ගලයෙකු වූ සරච්චන්ද්‍ර පෑනෙන් සටන් කළා මිසක් කවදාවත් අතපය ඉස්සර කරගත්ත කෙනෙක් වුණේ නැහැ. නමුත් අවාසනාවට කරුණ වුණේ ඒ අවස්ථාවේදී එතුමාට පහර දෙන්න ප්‍රමුඛත්වය ගත්තේ සුප්‍රකට සිනමා නළුවෙකු වුණු ඔස්වල්ඩ් ජයසිංහ වීමයි.

04. පාංශු චිත්‍රපටයෙන් පසු නීටා ගෙදර අරන් ගිය දේ

මෙය මෑතක දී නිර්මාණය වූ විශිෂ්ට චිත්‍රපටයක්. ‘පාංශු’ චිත්‍රපටය ඔබ නැරඹුවානම් මතක ඇති බබා නෝනාගේ තනි නොතනියට ඉන්න පුංචි බලු පැටියා, ඇත්තටම කිව්වොත් ඇය බැල්ලියක්. චිත්‍රපටය රූගත කරද්දී මුළු කාර්ය මණ්ඩලයේම සුරතලා බවට ඇය පත් වුණා. චිත්‍රපටිය අවසානයේදී මේ බලු සුරතලාට කරන්නේ කුමක් ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබ්බා. අන්තිමේදී නීටා ප්‍රනාන්දු මහත්මිය විසින්ම මේ බලු සුරතලාව තමන්ගේ නිවසට ගෙනියන්න තීරණය කළා. නීටා ප්‍රනාන්දු කියන්නෙ කොතරම් මානුෂික ගුණයෙන් පිරුණු තැනැත්තියක්ද කියන්න මේ එක උදාහරණයක් විදිහටයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ.

05. තම ගුරුතුමට යුතුකම් ඉටු කරන රෝහිණී ජයකොඩිට

ලංකාවේ පළමු වරට වෙනත් අයකුගේ සහයෝගයෙන් තොරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ ගෞරවය ද ඇයට හිමි වේ. තමාව සිනමාවට හඳුන්වා දී ගුරුහරුකම් ලබාදුන් පුද්ගලයාට ඇය අතිශයින්ම ගරු කළා. හියුගෝ මාස්ටර් නම් වූ ඒ විශිෂ්ට කලාකරුවාට ය. ඇය තම ගෞරවය දක්වන්නේ ඔහුගේ ඡායාරූපයකට මල් මාලයක් දමා තම නිවසේ සාලයේ තබා ගැනීමෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here