චන්දන සේනානායක Chandana Senanayake අපිට හඳුන්වා සදන්නට හැකි වන්නේ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ නව නිපැවුම්කරුවෙකු ලෙසයි. ඔහු ගල්කියාගම පදිංචි අයෙකි

ඔහු විසින් විදුලිය පිළිබඳ වෙනස් ම තර්කයක් ඉදිරිපත් කරයි. වර්තමානයේ ලෝකය ප්‍රධාන වශයෙන් මුහුණ දෙන අර්බුදය වන්නේ බලශක්ති අර්බුදයයි. තවත් අවුරුදු 35 කින් පමණ ලෝකයෙන් බොරතෙල් ක්ෂය වී යනු ලබයි. චන්දන මහතා පෙන්නුම් කරන්නේ, ලෝකයටම අර්බුදයක් වන මෙම බල ශක්තිය නොමිලේ ම ලබා ගත හැකි ක්‍රමවේදයක් ඇති බවයි. ශ්‍රී ලංකාව දූපතකි. අප රට වටේම ඇති මුහුදින් විදුලිය නිපදවිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි. ලෝකය වගේ දෙසිය ගුණයකට විදුලිය ලබා දිය හැති බල ශක්තියක් මුහුද තුළ ගැබ්ව ඇති බව ඔහු ප්‍රකාශ කරයි. එයට තිබෙන හොඳම උදාහරණය වන්නේ ටොන් ගානක් බර නැවක් උඩට පද්දල පෙරලල දමන්න පුළුවන් වන්නේ මුහුදෙහි තිබෙන ශක්තියට බව ඔහු කියා සිටියි. මෙන්න මේ ශක්තිය අපට විදුලිය ලෙස පරිවර්තනය කරන්න පුළුවන් නම් මෙගාවොට් ලොකු ගාණක විදුලියක් අපට නිපදවා ගැනීමට පුළුවන්. මෙතෙක් මෙම සිද්ධාන්තය ලෝකයේ කවුරුන් හෝ සොයාගෙන නොමැත.

අප දැනටමත් දන්න  දැකලා තියෙන දෙයක් තමයි යම් යම් උපකරණ සහ ක්‍රම යොදාගෙන මුහුදු රළින් යම් විදුලියක් නිපදවා ගන්නවා. නමුත් එය ප්‍රාථමික ක්‍රමවේදයක්. ඔහු සඳහන් කරන්නේ මෙසේ ය. “අඩි 30 ක් 40 ක් යටට තියෙන නැව උඩට තල්ලු කළේ මුහුදේ නැගෙන රළ නෙවෙයිනේ. මුහුදු රළට යටින් බලය ශක්තියක් ලෙස නේ ද? මුහුදේ රැළි තුනක් ගත්තොත් ඒ රැළි තුනේ බලයෙන් මෙගාවොට් 1 ක විදුලියක් නිපදවන්න පුළුවන්. නිකම් හිතල බලන්න පැයකට මේවගේ රැළි කොච්චර ගාණක් ලංකාව වටා ඇතිවනවාද කියලා. අපි පිටරටකට ගිහින් මේක හඳුන්වලා දීලා ඒක සුද්දෝ හරි කිව්වොත් මේක පිළිගන්නවා. හැබැයි අපේ රටේ මිනිස්සු කීවට පිළිගන්නේ නැහැ. සරලව ම කීවොත් මේ තාක්ෂණය 9 වසරේ දරුවෙකුට වුණත් තේරුම් කරලා දෙන්න පුළුවන්. වර්ග කිලෝමීටර් 20 x 20 වගේ ඉඩ ප්‍රමාණයකින් දැනට ලංකාවට අවශ්‍ය මෙගාවොට් 2000 පමණ ලබා ගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි ලංකාව වගේ පස් ගුණයක් අපට මුහුද තියෙනවා. ඒ නිසා ඉන්දියන් සාගරයෙන් මුළු ලෝකයට ම විදුලිය සපයන්න පුළුවන් වේවි”

ඔහු අදහස් කරන තාක්ෂණයට එක් උදාහරණයක්

මෙම නිර්මාණය ඔහු කියන විදිහට අපේ රටේ තියෙන තාක්ෂණය, දැනුම හොඳටම ප්‍රමාණවත් බවයි. මේ මගින් ලංකාවේ විශාල රැකියා අවස්ථා බිහි වන බව ඔහු පවසයි. මේ මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අප රටට සොයා ගත හැකියාව ඇත. තවදුරටත් ඔහු පවසන්නේ නව සොයා ගැනීම මාධ්‍යයක් මගින් ප්‍රසිද්ධ කළ විට ඒ සඳහා පේටන් බලපත්‍රයක් ලබා ගත නොහැකි බවත්, වෙනත් රටක ඉන්ජිනේරුවෙකුට හෝ විද්‍යාඥයෙකුට මෙය නරඹා ඉතා ලෙහෙසියෙන්ම ඔහුගේ නිර්මාණයක් ලෙස එළි දැක්විය හැකි බව ය. එවිට මේ නිර්මාණය අප සියලු දෙනාට අහිමි වනු ඇත.

චන්දන සේනානායක මහතා විසින් දැනටමත් නිර්මාණය කර ඇති නව නිපැයුම් සහ ඔහු විසින් ඉදිරිපත් කර ඇති තවත් නිපැයුම් කිහිපයකි.

  • ගෘහස්ත ජල ටැංකියක හෝ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන ගබඩා ටැංකියේ දැනට අඩංගු පරිමාව ලෙහෙසියෙන් ගනණය කළ හැකි ලාභදායි උපකරණයක් වෙළඳපළට හඳුන්වා දීම.
  • ධාන්‍ය වර්ග සාමාන්‍යයෙන් ආහාරයට පෙර එක් රාත්‍රියක් පොගවා ගත යුතු අතර එයට පැය 5 පමණ ගතවන අතර එම කාලය විනාඩි 15 කට පමණ අඩු කළ හැකි උපකරණයක් ගෘහණියන්ට හදුනවා දීම.
  • රථවාහන වල දැනට සවිකර ඇති Shock absorber වෙනුවට ගැස්සීම බිංදුවටම අඩු කරන නව Shock absorber අත්හදා බලමින් සිටීම.
  • දැනට අපි භවිතා කරන බැටරිය තව දුරටත් වර්ධනය කරමින් ලෝකය වගේ ගුවන් යානාවක් නොනවත්වා ගමන් කිරීමට බලය ලබාගත හැකි බැටරියක් ලෙස එය සංවර්ධනය කිරීම.

ඉක්මනින් ධාන්‍ය වර්ග පොගවා ගන්නා යන්ත්‍රය

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නව සොයාගැනීම් කළ දක්ෂයන් කොපමණ නම් ඔබද මාද දැක ඇති ද? ඇත්තටම එය එක් අවස්ථාවක එම මාධ්‍ය ආයතනය සඳහා හොඳ පුවතක් පමණි. ලංකාවේ මේ නව නිපදවන්නන් හට අත හිත දෙන්නට ඇති රාජ්‍ය ආයතන කෙතරම් ඇද්ද? ඇත්තටම ඔවුන් ඔවුන්ගේ කාර්යයන් අවංකව ඉටු කොට ඇතිද?  ලොව බොහෝ රටවල් දියුණු වී ඇත්තේ නව නිර්මාණ තුළින් නොවන්නේ ද? අප රටට විතරක්ම නව නිපයුම් කරුවන් නොවටින්නේ මන්දැයි අප අපගෙන්ම අසා දැන ගත යුතු නොවන්නේ ද? මේ අපේ රටේ අවාසනාවද නව නිර්මණ සොයා ගන්නන්ගේ අවාසනාවද නොදනිමි. මෙසේ අපට සිදුවනන්නට ඇත්තේ ඇයි දැයි අප සිතා බැලිය යුතුය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here