දැනට ලංකාවේ ඉන්න Beauty saloon ක්ෂේත්‍රයේ සිටින ලාබාලතම ධනවත් ම තරුණියක් ගැන අපි අද සොයා බලමු. ඇය නමින් මාෂි නිහෙන්ෂා (Mashi Nehansa) මේ තරුණිය අපට හමුවන්නේ මහනුවරින්. අඩු වයසින් තම ජීවිතය මෙන්ම තම පවුල ම සාර්ථකත්වයේ මංපෙත් වෙත රැගෙන යන ලංකාවේ ලාබාලතම ධනවත් තරුණිය මැයයි. ඇගේ ජීවිතයේ දුක දිනාගත් ආකාරය පැහැදිලි කරන්නේ මෙලෙසයි

පොඩි කඩ කෑල්ලක එක පුටුවකුයි, කණ්ණාඩියකුයි, පනා කීපයකුයි එක්ක මඩවල සැලූන් එක පටන් ගත්තා. අවුරුදු දෙකක් යනකල් සැලූන් එකේ එන ආදායමෙන් වෙන කිසි දෙයකට වියදම් කරන්නේ නැතිව සැලූන් එකට ඕනි බඩු ගත්තා. ඊට පස්සේ පළාතේ තිබුණු අංගසම්පූර්ණ සැලූන් එක මගේ සැලූන් එක වුණා. අපි Business එකෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ඒකට ම යොදවන්න ඕනි. නැත්නම් ඒක හැමදාම එකම තැන.

මම හැමදාම හිතෙන දෙයක් තියෙනවා. ඒ අද තමයි මම ලස්සන ම මනමාලි අන්දන්නේ කියලා. තමන් භාරගත්ත වැඩේ හරියටම ඉවර වෙනකල් ඒකට ම හිත තියන් ඉන්න ඕනි.දැඩි කැපකිරීමක් කරලා, සල්ලි ඉතුරු කරගෙන මහනුවර තියෙන අංගසම්පූර්ණ සැලූන් 10 අතරට එන්න මට පුළුවන් වුණා. සැලූන් එකක් මං නුවර පටන් ගත්තා. එතකොට මට අවුරුදු 26 යි. ඒ කොහොම වුණත් මෙච්චර අමාරුවෙන් ගොඩ නගපු හැමදේ ම ආදරයක් හින්දා බින්දුවෙන් බිංදුවට ම වැටුණා. හැම දෙයක් ම නැති වුණා. මං නුවර දාලා කොළඹ ගියා. මට ඒ මානසික පීඩනය දරා ගන්න බැරිව යන යන තැන කලන්තේ දාලා වැටුණා. මාස එක හමාරක් විතර මං බෙහෙත් බීවා.

මං සාර්ථක වෙලා ඉද්දි සැලූන් එකේ වැඩ පහසු වෙන්න App එකක් කරන්න වුවමනාවක් තිබ්බා. ඒ කාලේ මම ලසන්ත අයියට App එක ගැන කියලා Message එකක් යවලා තිබුණා. එයා ඒකට Reply එකක් එවලා තිබුණෙ මේ දවස් වල. මට App එකක් හදාගන්න තියා කන්ඩ බොන්ඩවත් අතේ සල්ලි තිබුණෙ නැහැ. එයා මට කියා දුන්නා තියෙන ප්‍රශ්න ඔක්කොම අතෑරලා Business එක විතරක් ඔලුව ගන්නේ කොහොමද කියලා. එයා කිව්වේ ”ඔයා හිතන විදිහ සම්පූර්ණයෙන් ම වෙනස් කර ගත්තොත් ඔයාට ඉක්මනට නැතිවුන තැන ඉදන් ආයෙත් පටන් ගන්ට පුළුවන් කියලා.” වැඩකට නැති හැමදේම මම අමතක කළා. අලුතින් වෙනස් වෙන සැලුන් ගැන මම Internet එකෙන් හෙව්වා. බැලුවා. මම ඒකටම හිත යෙදෙවුවා. ඒක හරිම පුදුම දෙයක් අපි හොඳ දේවල් හිතනකොට අපිට ලැබෙන්නෙත් එවාමයි. මට මගේ පරණ Clients කතා කරන්ඩ පටන් ගත්තා. ටික දවසක් යනකොට මට තේරුනා මට අයෙත් වැටුන තැන ඉදන් පටන් ගන්ඩ පුළුවන් කියලා. අපි දියණු වෙන්ඩ හරි නැතිවෙන්ඩ හරි තියෙන එකම දේ අපි හිතන විදිය. අලුත් විදියට හොඳ විදියට හිතනවනම් අපිට දියුණු වෙන්ඩ පුළුවන්. අනික අපි හිතනකොට අපෙන් පිට වෙන තරංඟ වලට ගැලපෙන දේවල් තමයි අපිව හොයාගෙන එන්නේ. මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. අපිට වාසනාව හොයාගන්ඩ පුළුවන්. අපි වසනාව හොයා ගෙන එනකන් ඉන්න ඕනි නෑ කරන්න තියෙන්නේ අපේ ඉලක්කය ගැන හිතන එක. එක ක්‍රියාත්මක කරන එක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here