වර්තමානයේ දියුණු වන තාක්ෂණයත් සමඟ ම විශේෂයෙන් ම තරුණ පරම්පරාව විවිධ තාක්ෂණ ක්‍රම ඔස්සේ මුදල් ඉපයීමට යොමු වී ඇත. අන්තර් ජාලය ඔස්සේ මුදල් සොයන ක්‍රම දැන් සියලු දෙනා අතර ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මුදල් ඉපයීමට වයසක් අවශ්‍ය නොවීම, තමන්ට හැකි පමණින් මහන්සි වීම වගේ දේවල් මෙම ක්‍රමය වඩාත් ජනප්‍රිය වීමට හේතු වේ. ප්‍රධාන ම හේතුව වන්නේ මුදල් ඉපයීමට ආරම්භ වූ විට එහි සීමාවක් නොමැති වීමයි. අපි අද කතා කරන්න යන්නේ, ජීවිතයේ නොයෙකුත් බාධා වලින් පන්නරය ගෙන අඩුම පහසුකම් යටතේ මුල් අවධියේ කැපවීමෙන් වැඩ කරලා වර්තමානයේ ඇදහිය නොහැකි තරම් ධනය උපයන කණ්ඩායමක් ගැනයි. ඒ අපි සියලු දෙනා අතර ජනප්‍රිය Youtube channel එකක් ආරම්භ කිරීමෙනි. ඔවුන් නමින් Vini Production ය. ඔවුන් දැනට You tube හි Subscribe 5M සීමාව ඉක්මවා යෑමට සමත්ව ඇත. මුලින් ම අපි ඔවුන්ට සුභ පතනවා. ඔවුන්ගේ කතාව ඔවුන්ගේ ම භාෂාවෙන් පැවසුවේ මේ ආකාරයට ය.

“අපි මුලින් ම කියන්න ඕනි අපිට මේ තැනට එන්න උදව් කරපු සියලු දෙනාට පිං කියලා. අපි මේ වැඩේ ඉස්සෙල්ලා ම පටන් ගත්තේ 4 දෙනෙක්ගෙන්. එතානොට අපි මේ Subscribe කියන ඒවා එහෙම දන්නෙත් නෑ. 4 දෙනෙක්ගෙන් තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. 2014 දී තමයි අපි මේක පටන් ගත්තේ. අපි මුලතිව් වලනේ. යුද්ධෙ කාලේ ගහපු බෝම්බ ගමේ අදටත් අපිට හම්බවෙනවා. අපි හිතුවේ මේ Subscribe එහෙම අපේ ගම් වලට අදාළ නෑ කියලා. Town වල අය තමයි මේවට Recommend වෙන්නේ කියලා අපි හිතුවේ. 2014 ඉදන් 2019 වෙනකල්වත් අපිට Views ලා 1000 ක්වත් හිටියෙ නෑ. අපි මේ වැඩේ ඉතින් ආතල් එකට තමා කළේ. ගමේ කට්ටිය මේක ඉතින් බලන් හිටියට කවුරුත් You tube එහෙම වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා අපි ජනප්‍රිට වුණේ නැහැ. අන්තිමේ දී ආතල් එකට කරපු මේ වැඩේ අපේ Luck එක වුණා. අපි තමයි You tube වල හොඳට ම කට්ට කාපු Set එක. දැන් ඉතින් අපි ජනප්‍රිය වුණා කියලා ලොකු කමක් නැහැ. හැමෝම අපිව දැනගන්න කලිනුත් අපි ගමේ කොල්ලෝ, අදටත් අපි ගමේ කොල්ලෝ විදිහට තමයි ඉන්නේ. අපේ Team එක කවදාවත් නැති වෙන්නේ නෑ. ඒ වගේම අපි හැමෝම එකා වගේ වැඩ කරනවා. මේක තමා අපේ සාර්ථකත්වය කියලා අපි හිතන්නේ. අපි අන්තිමට ම කියන්නේ කවදාවත් උත්සාහය අතාරින්න එපා. තමන්ගේ දක්ෂතාවයට වටිනාකමක් දෙන්න.අපි දැන් මේ කරන්නේ Joke පැත්තට නේ. ඒ වගේ හැමෝටම තියන හැකියාව පැත්තට හැම වෙලාවෙම යන්න Try කරන්න.”

ඉතින් අපි මේ කාණ්ඩායමට ලංකාවේ හොඳම තැනට එන්න තව තවත් ශක්තිය ලැබේවායි කියා එක සිතින් ප්‍රාර්ථනා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here