මුරුංගා කියන්නෙ අපිට ඕනම එළවලු කඩේකින් ගන්න පුළුවන් එළවලුවක්නෙ. මිල වැඩි එළවලුවකුත් නෙවෙයි. ඒ නිසා අපි ගනන්ගන්නවත් අඩුයි නෙද? හැබැයි මුරුංගාවල වටිනාකම ලංකාවෙ මිනිස්සු දැනගත්තොත් හැමදාම වුණත් මුරුංගා කයි.ගැමිවහරේ කියන්නෙ දෙවියන් දුන්න ගහක් කියලයි. ඒ තරමට ගුණ වැඩී.මුරංගා ගහේ කරල් , මල්, කොල, පොතු කියන කොටස් ආහාරවලට එකතු කරගන්නවා. පිටරටවල්වලනම් මුරුංගා කොල වේලල කුඩු කරල කැප්සියුල් විදියට බොන්නත් හදල තියෙනවා. ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද. ඒත් අපි ඒ වාසනාව ප්‍රයෝජනයට ගන්නෙ නැති එකයි ප්‍රශ්නය. මුරුංගා වර්ග කීපයක් තියෙනවා. හේන් මුරුංගා,වැට මුරුංගා, මස් මුරුංගා කියන ප්‍රභේද තමයි ඒ අතරින් වැඩියෙන්ම දකින්නට ලැබෙන්නෙ.

අපි විස්තරය පටන්ගමුකො මුරුංග කරලෙන්. ඇමයිනෝ අම්ල සියල්ලම වගේ මුරුංගාවල අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔමේගා අම්ලය අතුළුව ශරීරයට අවශ්‍ය අම්ල කිහිපයක්ම අඩංගු වෙනවා. දැන් අපි බලමු මුරුංගා කරල්වල තිබෙන වෙනත් පෝෂණ ද්‍රව්‍ය මොනවද කියල. මේ තියෙන්නෙ මුරුංගා ග්‍රෑම් 100ක අඩංගු වෙන පෝෂනය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.7

ප්‍රෝටීන් ග්‍රෑම් 2.5

විටමින් A මයික්‍රොග්‍රෑම් 1100

විටමින් B1, මිලිග්‍රෑම් 0.05,

විටමින් B2 මිලිග්‍රෑම් 0.06,

විටමින් B3 – 0.2

විටමින් C මිලිග්‍රෑම් 120

කැල්සියම් මිලිග්‍රෑම් 30

මැග්නීසියම් මිලිග්‍රෑම් 24

පොටෑසියම් මිලිග්‍රෑම් 259

යකඩ මිලිග්‍රෑම් 5.3

මුරුංගාවල පිළිකා විනාශ කිරීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. විශේශයෙන්ම මුරුංගාවලින් මොළයේ ඇති වෙන පිළිකා විනාශ කිරීම සිදු වෙනවා.අග්න්‍යාසයේ ඉන්සියුලීන් ස්‍රාවය උත්තේජනය කරන නිසා දියවැඩියාව පාලනය කරනවා. බැක්ටීරියා, දිලීර, වයිරස් මර්ධනය කරනවා. කොලෙස්ටරෝල් පාලනය කරනවා. වළිප්පුව වළක්වනවා. තුවාල සුවකරනවා. මව් කිරි වර්ධනය කරනවා.ඇදුම සහ සෙම වැළැක්වීමේ හැකියාව තිබෙනවා. වකුගඩු ආරක්ෂා කරනවා. ඇස් සුව කරනවා. ස්නායු දුර්වලතා නැති කරනවා.

දොඩම්වල තිබෙනවා වගේ 5 ගුණයක පමණ විටමින් c ප්‍රමාණයක් මුරුංගාවල තිබෙනවා. කිරිවල මෙන් 4 ගුණයක කැල්සියම් මුරුංගා කොළවල තිබෙනවා තිබෙනවා. කෙසෙල්වල මෙන් 3 ගුණයක පොටෑසියම් මුරුංගාවල තිබෙනවා. නිවිතිවල තිබෙනවා මෙන් 3 ගුණයක යකඩ මුරුංගාවල අඩංගුයි.

මුරුංගා කොලත් මැල්ලුමක් විදියට ආහාරයට ගන්නවා. අපි බලමු මුරුංගා කොලවල තිබෙන්නෙ මොන වගේ පෝෂනයක්ද කියලා.

මුරුංගා අමු පත්‍ර

ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 13

ප්‍රෝටීන් ග්‍රෑම් 6.7

විටමින් A මයික්‍රොග්‍රෑම් 6800

විටමින් C මිලිග්‍රෑම් 220

විටමින් B 1 මිලිග්‍රෑම් 0.06, විටමින් B2 මිලි

ග්‍රෑම් 0.05, විටමින් B3 මිලිග්‍රෑම් 0.8

කැල්සිම් මිලිග්‍රෑම් 440

මැග්නීසියම් මිලිග්‍රෑම් 24

පොටෑසියම් මිලිග්‍රෑම් 259

යකඩ මිලිග්‍රෑම් 7

විටමින් E මිලිග්‍රෑම් 448

මුරුංගා වියළි පත්‍ර පවුඩර්

ග්‍රෑම් 100ක පෝෂණය

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38

විටමින් C මිලිග්‍රෑම් 17.3

ප්‍රෝටීන් ග්‍රෑම් 27

කැල්සියම් මිලිග්‍රෑම් 2003

විටමින් A මයි‍ක්‍රොග්‍රෑම් 16,000

මැග්නීසියම් මිලිග්‍රෑම් 368

විටමින් B1 මිලිග්‍රෑම් 2.6, B2 මිලිග්‍රෑම් 20, B3 මිලිග්‍රෑම් 8.2

පොටෑසියම් මිලිග්‍රෑම් 1324

යකඩ මිලිග්‍රෑම් 28

විටමින් E මිලිග්‍රෑම් 113

මුරුංගා කොල කියන්නෙ විශාල පෝෂනයක් අඩංගු ආහාරයක් කියල ඔබට දැනටමත් පැහැදිලි ඇතිනෙ. මේ කොලවලට පුළුවන් ශරීරයේ තිබෙන විශ විනාශ කරන්න.මේ නිසා තමයි ඉස්සො, කකුළුවො, දැල්ලො වගෙ ඌශ්ණ අධික කෑම වර්ග උයනකොට ඒකට මුරුංගා කොල ටිකක් එකතු කරන්නේ. ඉන්දියාව වගේ රටවල්වලනම් මුරුංගා කොල වේලලා කුඩු කරලා ආහාරවලට එකතු කරගන්නවා. මම කලිනුත් කිව්වෙ , මුරුංගා කොලවල තිබෙනවා කිරිවල වගේ 4 ගුණයක කැල්සියම්. මුරුංගා කොල මැල්ලුමක් විදිහට වගේම කඳ සහ බීමක් විදියටත් ලබාගන්න පුළුවන්. ලේවල යකඩ ප්‍රමාණය අඩු අයට මේ මුරුංගා කොල පානය දිව්‍ය ඖෂධයක් වගේ.

මුරුංගා ඇටත් අපි ආහාරයට ගන්න දෙයක්. අප්‍රිකානු රටවල්වල වතුර හිඟයිනෙ. තියෙන වතුරත් අපිරිසිඳු වතුර. ඉතින් මේ වතුරවල තිබෙන විශ විනාශ කිරීමට ඔවු මුරුංගා ඇට කුඩු කරල මිශ්‍ර කරනවා. මුරුංගා ඇටවල අධික විටමින් E ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම අක්මාවේ ඇතිවෙන ෆයිබ්‍රෝසිස් නවත්වන්නත් මේ ඇටවලට පුළුවන්. සමහරු ග්‍රීන්පීස් වෙනුවට මුරුංගා ඇට බත්වලට එකතු කරගන්නවා.

මීට අමතරව මුරුංගා පොතු ආහාර ඉවීමේදී එකතු කරගන්නවා. ඒ වගේම පොතු සහ මුල් සර්ප විශ නසන්නට සහ ඉදිමුම් අඩු කිරීමට ඖෂධයක් විදිහට ගන්නවා. සමහරු මුරුංගා පොතු වේලාගෙන කුඩු කරලා කුළුබඩුවක් විදිහට ව්‍යන්ජනවලට එකතු කරගන්නවා. මේ විදියට නිතරම ආහාරයට ගැනීමෙන් හර්ද රෝග, මුත්‍රා රෝග, බඩේ ගල්, පණු රෝග, අස්ථි රෝග, කන ආශ්‍රිත රෝග, ඇදුම, කැස්ස වගේ ගොඩාක් රෝග හොඳ කරගන්න වගේම ඒවලින් වැළකී ඉන්නත් පුළුවන්

මුරුංගාවල ගුණ ලියන්න ගියොත් කෙලවරක් නැති තරම්. බඩේ ආහාර ජීර්ණයටත් මුරුංගා ගුණයි. ශක්ති වඩන ආහාරයක් විදියට ගන්නත් පුළුවන්. මුත්‍රා රෝග හර්ද්ද රෝග වගේම තවත් රෝග විශාල ප්‍රමාණයක් මේ මුරුන්ගාවලින් හොඳ කරගන්න පුළුව්න්. ඒත් අපිට කඩේ ගන්න තියෙන මුරුංගාවලනම් විසත් කවලම් වෙලා ඇති. අනික් එළවළුවලට වගේම මුරුංගාවලටත් විස ගහලනෙ හේනවල වවන්නෙ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මුරුංගා ගස් කීපයක් තමුන්ගේ ගෙවත්තේ වවාගන්න. මුරුංගා ගස් කිය්න්නෙ මහා ලොකු ගස් නෙවෙයි. සාමාන්‍ය මට්ටමේ පොඩි ගසක් විදියට කප්පාදු කරල තියාගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here