පුරාණ චීන වෛද්‍ය ශාස්ත්‍රයේ අඩංගු වෙන විවිධ ක්‍රම භාවිතා කර සිරුරේ විෂ දෙපතුලෙන් ඉවත් කල හැකියි. මෙම ශාස්ත්‍රයට අනුව මිනිස් සිරුරේ හැම ඉන්ද්‍රියකටම එයට අනුරූප ස්වභාවික ශක්ති කලාප තියෙනවා. ඔවුන් මේ කලාප උත්තේජනය කර ශරීරයේ විෂ ඉවත් කරනවා. මේ ආකාරයට විෂ ඉවත් කරන ක්‍රම කිහිපයක් ගැන අපි අද ඔයාලව දැනුවත් කරනවා.

01.  IONIC FOOT BATH- අයනික පා දෝවනය

මේ ක්‍රමයේදී සිරුරේ තියෙන විෂ පදාර්ථ විද්‍යුත් ව්ච්ඡේදනය, විද්‍යුත් ධාරාවක් යොදා ගෙන රසායනික ප්‍රතික්‍රියාවක් සිදුකිරීම මගින් ඉවත් කරනවා. මෙහිදී සිදු වෙන්නේ ජලයේ තියෙන අයන කොටස් යටි පතුල් හරහා සිරුරට ඇතුළු වෙලා සිරුරේ තියෙන විෂ පදාර්ථ ඉක්මනින් ඉවත් කිරීම. මේකට පාවිච්චි කරන්නේ උණු ජලය හා ලුණු. එමගින් යටි පතුල් වල සමේ තියෙන සිදුරු විවෘත වී විෂබීජ නැසෙනවා. සාර්ථකව විෂ ඉවත් වූ බව ජලය අඳුරු පැහැයට හැරීම මගින් දැන ගත හැකියි. එවැනි ආයනික පා දෝවන ක්‍රම කීපයක් සිදු කරගන්නා අයුරු පහත දැක්වේ.

02. විෂහරණ ලුණු දෝවනය (SALT DETOX BATH)

අමුද්‍රව්‍ය 

මුහුදු ලුණු කෝප්ප 1 

එප්සම්(Epsom) ලුණු කෝප්ප 1 

බේකින් සෝඩා කෝප්ප 2

ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් (ACV)

ඔයාට අවශ්‍ය තෙල් බිංදු කිහිපයක්

ක්‍රමය

‌නටන තෙක් ජලය රත් කරගෙන එයට ලුණු දමා හොඳට දිය කරන්න.ඇපල් සයිඩර් විනාකිරි සහ තෙල් ස්වල්පය බැගින් එක කර, සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වන තෙක් මිනිත්තු 30ක් පමණ ඔබේ  දෙපා ඒ තුළ ගිල්වා තියන්න. සමහර විට ඔයාට  වෙහෙස ගතියක් දැනේවි. නමුත් මේ තත්වය ඔයාගේ සිරුරෙන් විශාල විෂ ප්‍රමාණයක් ඉවත් වෙන නිසා ඇති වන සාමාන්‍ය දෙයක්.

03. විෂහරණ මැටි දෝවනය. (CLAY DETOX BATH)

අමුද්‍රව්‍ය

එප්සම්(Epsom) ලුණු කෝප්ප ½

බෙන්ටෝනයිට් මැටි(Bentonite Clay) කෝප්ප ½ 

ඔබ කැමති අත්‍යවශ්‍ය තෙල් වලින් බිංදු කිහිපයක්

ක්‍රමය

‌‌නටන තෙක් ජලය රත් කරගෙන එයට ලුණු දමා හොඳට දිය කරන්න. එයට තෙල් සහ මැටි යොදා පොල්කටු හැන්දක් භාවිතයෙන් සියල්ලම හොඳින් දිය වන තෙක් හැඳි ගාන්න. දෙපා ගිල්වා විනාඩි 20-25ක් තියා ගන්න. මෙයින් මැග්නීසියම් ප්‍රමාණය වැඩි වී සිරුරේ විෂ ඉවත් වෙනවා.

04. විෂහරණ ඔක්සිජන් දෝවනය. (OXYGEN DETOX BATH)

අමුද්‍රව්‍ය

ඉඟුරු කුඩු මේස හැඳි 1

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කෝප්ප 2 

ක්‍රමවේදය

උණු ජලයට ඉඟුරු කුඩු සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කර ඔබේ පාද විනාඩි 30ක් පමණ එහි ගිල්වා තියන්න.මෙමඟින්  සිරුරේ විෂ ඉවත් වෙනවා වගේම සමේ ආසාත්මිකතා වලටත් හොඳ ප්‍රතිකාරයක්.

05. විෂහරණ පාද රදවන – (FOOT DETOX PADS)

මෙය හරිම සරල ක්‍රමවේදයක්. මේවා ඉතාම පහසුවෙන් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ රාත්‍රී නින්දට කලින් මේ DETOX PADS ඔයාගේ යටි පතුල්වල අලවා ගන්න එක විතරයි. ඉන්පසු උදේට ඉවත් කරන්න. ඒවා අඳුරු පැහැ වෙලා නම් මේ ක්‍රියාවලිය නිසියාකාරව සිදු වී ඇති බව සහතික වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here