ලස්සන කියන්නේ කාන්තාවකට ආභරණයක්. සමහරු නම් ගොඩාක් ලස්සනට ඉන්නේ ඔවුන්ට ස්වභාවිකව ලැබුණු පෙනුමෙන් විතරක්ම නෙවෙයි. මේ ආකාරයට ලොව පුරාම විවිධ රටවල් වල සිටින කාන්තාවන් ලස්සන වෙන්න යොදා ගන්නා බියුටි ට්‍රික්ස් කිහිපයක් ගැන අද අපි ඔයාලව දැනුවත් කරනවා.

01. ඕස්ට්‍රේලියාව

හිස්සොරි හා ඔලුව කැසීම යන තත්ත්ව වලට පිළියමක් ලෙස ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් තේ ගසේ තෙල් (tea tree oil) තමන්ගේ ෂැම්පු එකට බිංදු කිහිපයක් එකතු කරනවා. මෙම තෙල් වර්ගය වෙලඳපොලෙන් මිලදී ගත හැකි බැවින් එය සිඳීමට වෙනම කාලයක් වැය කරන්න ඕනි වෙන්නේ නැහැ. .

02. බ්‍රසීලය 

බ්‍රසීලයේ කාන්තාවන් සෙලියුලයිට් අඩු කරගන්න විශේෂ උපක්‍රමයක් යොදා ගන්නවා. තෙත් වැලි ටිකක් ගෙන එම තත්වය උද්ගත වී ඇති ප්‍රදේශයේ අතුල්ලන්න. මෙමගින් රුධිර වහනය ක්‍රමවත් කර මෙවැනි සමේ ඇති වන ගැටලු වලට පිළියම් ලබා දෙනවා.

03. ඊජිප්තුව

පුරාණ ඊජිප්තුවේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය ගැන කතා කරන කොට මුලින්ම මතක් වෙන්නේ ක්ලියෝපැට්‍රා ව නේද? කිරි මිශ්‍ර කළ වතුරෙන් ස්නානය කිරීම ප්‍රථමයෙන්ම සොයා ගත් කාන්තාව මැයයි. ඔයාගේ බාත් රූම් එකේ බාත් ටබ් එකක් තියෙනවා නම් ස්නානය කරන විට එයට කිරි ලීටර් 1ක් හෝ 2ක් යොදා පැණි ග්‍රෑම් 100ක් විතර එකතු කරන්න. මිනිත්තු10ක් 15ක් ඇතුලත ඔයාට සැබෑම වෙනසක් දැනේවි. මෙමගින් ඔයාට නම්‍යශීලී සහ මෘදු සමක් ලැබෙනවා. නැවුම් කිරි සොයා ගැනීමට අසීරු නම් ලැක්ටික් අම්ලය අන්තර්ගත නිෂ්පාදනයක් වෙළෙඳපොලෙන් මිලට ගන්න. නමුත් මෙය කිරීමට පෙර එයින් ඔයාට අසාත්මිකතාවයක් ඇති නොවන බවට තහවුරු කරගෙන ඉන්න.

04. කොලොම්බියාව 

කොලොම්බියාවේ ජීවත් වෙන කාන්තාවන් තමන්ගේ රූමත් බව තව තවත් වැඩි දියුණු කර ගන්න අලිගැට පේර පාවිච්චි කරනවා. ලතින් ඇමරිකානු කාන්තාවන් ෆේෂල්, හෙයාර් සහ බොඩි මාස්ක්ස් වලට විශාල වශයෙන් මේවා පාවිච්චි කරනවා. බැබළෙන කේශ කලාපයක් ලබා ගන්න අවශ්‍ය නම් අලිගැට පේර වලට ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කර අලේප කර ෂැම්පු වලින් සෝදා හරින්න.

05. චීනය

සමේ තියෙන රැලි ඉවත් කර ගැනීමට චීන කාන්තාවන් සහල් පෙඟවූ වතුර වලින් මුහුණ සෝදනවා. කරන්න තියෙන්නේ සහල් ටික මිනිත්තු 20ක් විතර වතුරේ පෙගෙන්න ඉඩ දීලා, එම සහල් වතුර වලින් හැමදාම මුහුණ සෝදන එක විතරයි. දින කිහිපයක් මෙසේ කළ විට ඔයාට වෙනසක් අත් විඳින්න පුළුවන් වේවි.

06. ජපානය

ජපාන් කාන්තාවන්ගේ සම පෝසිලේන් වගේ දිලිසෙනවා.මෙයට හේතුව ජානමය බලපෑම විතරක්ම නෙවෙයි. හිරු එළියට නිරාවරණය වන විට ඔවුන් ගොඩක් සැලකිලිමත් වෙනවා. අව්වේ යන විට හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට නිතරම කුඩයක්, හිස්වැස්මක් සහ අත් දිග කබායක් පාවිච්චි කරනවා. මීට අමතරව අයඩීන් අන්තර්ගත කෑම වැඩි වශයෙන්  ආහාරයට ගන්නවා.

07. ඉන්දියාව

ඉන්දීය කාන්තාවන් සූර්ය වන්දනාවට අදාල ව්‍යායාම කරන්නේ හරිම කැමැත්තෙන්. මෙයින් ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා.

08. කොස්ට රිකා

කොස්ට රිකා කාන්තාවන් දොඩම් බීමවලට ගොඩක් කැමතියි. තෙත පෑඩ් එකක් දොඩම් බීමවල පොගවා මුහුණේ මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න.

09. බල්ගේරියාව

ඔයා ලෝක ප්‍රසිද්ධ බල්ගේරියානු රෝස තෙල් ගැන අහලා තියෙනවා නේද? බල්ගේරියානු කාන්තාවන් මෙම රෝස තෙල් හා රෝස මල් පෙති ගොඩාක් පාවිච්චි කරනවා. සමේ තෙතමනය රඳවා තබා ගන්න ඔයත් හැමදාම රෝස වතුර භාවිතා කරන්න.

10. ෆීජී

මේ තියෙන්නේ ෆීජී කාන්තාවන් සියවස් ගණනාවකම ඉඳන් සමේ වර්ණය පැහැපත් කර ගන්න පාවිච්චි කරන විශේෂ උපක්‍රමයක්.

ක්‍රමය- මී පැණි තේ හැඳි 2ක්, මිරිකාගත් දොඩම් යුෂ,සීනි තේ හැඳි 1ක් හොඳින් මිශ්‍ර කර ඊට ලෙමන් භාගයක් එකතු කර  මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 2කින් සෝදා හැර පැහැපත් සමක් ලබා ගන්න ඔයාට පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here