ම රැළි වැටීම සම්බන්ධව ලෝකයේ විවිධ රටවල රූපලාවණ්‍යය විශේෂඥයන් විවිධ ක්‍රම අනුගමනය කරනවා. මේ රූපලාවණ්‍ය විධික්‍රම අනුගමනය කිරීම මගින් ඔබට සම රැළිවැටීම සහ අනෙකුත් සමේ ඇතිවන රෝගී තත්වයන් ඉතා පහසුවෙන් වළක්වා ගත හැකියි. අපි අද ඔබට අරගෙන එන්නේ ලෝකය පුරා රටවල් කිහිපයකම සම සම්බන්ධව ඇතිවන ගැටළු වළක්වා ගැනීම සදහා භාවිතා කරන උපක්‍රම 30ක්.

ප්‍රංශය
  • අයිස් කැට මුහුණේ ඇතිල්ලීම. මෙම සරල ප්‍රතිකාරය මගින් රුධිර පරිවහනය උත්තේජනය කරමින් ඔබට දිදුලන හා නිරෝගී සමක් ලබාදෙනවා.
  • මාරුවෙන් මාරුවට උණුසුම් හා සීතල ෆේස් පැක් භාවිතා කිරිම. මෘදු තුවායක් ඉතා උණුසුම් ජලයේ පොඟවා මුහුණේ තබන්න. එසේම මීළඟට ශීතල ජලයෙන් මෘදු තුවායක් පොඟවා තබන්න. මෙය මාරුවෙන් මාරුවට කිහිපවරක් සිදු කරන්න.
  • ලෙමන් යුෂ භාවිතයෙන් කුරුළෑ ආසාත්මිකතා අඩුකරගත හැකියි. ලෙමන් යුෂ ස්වල්පයක් කුරුළෑ සහ ලප කැළැල් මත ආලේප කිරීම මගින් ඉතා හොඳින් ප්‍රතික්‍රියා කරමින් කුරුළෑ වල ප්‍රමාණය අඩු කිරීම සහ රතු වීම අඩු කරයි.
චිලී
#1
  • දිදුලන සමක් සදහා රතු මිදි භාවිතා කරන්න. චිලී කාන්තාවන් කියා සිටින්නේ ඔවුන්ගේ දීප්තිමත් සමට හේතුව රතු මිදි වල ඇති ප්‍රතිඔක්සිකාරක බවයි.පිටි මේස හැඳි දෙකක් සමඟ රතු මිදි මිශ්‍ර කිරීමෙන් පේස්ට් එකක් සාදාගන්න. ඉන් පසු එම පේස්ට් එක මුහුණේ ආලේප කොට විනාඩි 10ක් තබා සෝදා හරින්න. මෙය උදෑසන ආලේප කිරීම මගින් වැඩි ප්‍රථිපලයක් ලබාගත හැකිය.
ස්වීඩනය
  • නිරෝගී ආහාර රටාව. බොහෝ රූපලාවණ්‍ය විශේෂඥයින් පවසන්නේ ස්කැන්ඩිනේවියානු කාන්තාවන්ගේ සම පැහැපත් වීමට හේතුව වන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල මාළු හා බෙරි වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමයි.
  • සවුනා. සවුනා වල තාපය මගින් ශරීරයෙන් විෂ ඉවත් කිරීම ඉතා ප්‍රථිපලදායී ක්‍රමයකි.
ජපානය
#2
  • සහල් වතුර භාවිතය. සහල් වතුර මගින් ඔබේ මුහුණ පිරිසිදු කරයි, කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි, එසේම ඔබේ සම වඩාත් සුමුදු කරයි.
  1. සුදු සහල් බ්ලෙන්ඩරයක හෝ කෝපි ඇඹරුම් යන්තයක අඹරන්න.
  2. යෝගට් වැනි අනුකූලතාවක් සහිත පේස්ට් එකක් සෑදීමට අවශ්‍ය තරම් උණුසුම් ජලය එක් කරන්න.
  3. ඔබේ මුහුණ තෙත් කර ඔබේ ඇඟිලි තුඩු භාවිතා කර ඔබේ සම සම්බාහනය කරන්න.
  • දෛනිකව මුහුණ සම්බාහනය කිරීම. මෙමගින් සමේ නම්‍යතාවය වැඩි දියුණු කිරීමට සහ ඔක්සිජන් ලබාගැනීමට උපකාරීවෙනවා. මේ සදහා ඕනෑම ඔයිල් එකක් හෝ ක්‍රීම් එකක් යෝග්‍ය වේ.මෙහිදී භාවිතා කළ යුතු තාක්ෂණය ඔබේ මුහුණේ සම අනුව තීරණය කළ යුතුය.
  • මුහුණට අඩුවෙන් පියරු භාවිත කිරීම. ජපන් කාන්තාවන් විශ්වාස කරන්නේ නිරෝගී සමක් සදහා දීප්තිය ටිකක් තිබිය යුතු බවයි. මෙය ස්වාභාවික ක්‍රමයකි. මුහුණේ පියරු නිතිපතා භාවිතා කිරීමෙන් සිදුරු අවහිර වී අසාත්මිකතා ඇතිකරනවා
බ්‍රසීලය
  • කැරට් යුෂ යනු කුරුලෑ වලින් මිදීමට විශිෂ්ට නිවෙසේදීම කළ හැකි පිළියමක්. නැවුම් කැරට් යුෂ බීටා-කැරොටින් වලින් පිරී ඇති අතර එය ඔබේ මුහුණේ කුරුලෑ සුව කිරීමට උපකාරීවනවා.
‌ස්පාඤ්ඤය
#3
  • ඇස්‍ යට කළු වීම වළක්වා ගැනීම සඳහා අර්තාපල් භාවිතා කිරීම. අර්තාපල් පෙති සිහින්ව කපා ඇස් මත විනාඩි 10ක් තිබෙන්නට හැරීමෙන් ඇස්‍ යට කළු වීම් ඉවත් කරගත හැකිය.
කොරියාව
  • ගොළුබෙලි සෙවල. කොරියානු මුහුණු ආලේපිත ක්‍රීම් වල ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි ගොළුබෙලි සෙවල කියන්නේ. මේවායේ ඉලෑස්ටින්, කොලැජන් හා සුවවීමේ ගුණාංග රාශියක්ම අඩංගු වෙනවා.
  • ඔයිල් වර්ග භාවිතය. ඔබේ සම සිනිඳු කර ගැනීම සඳහා, ක්‍රීම් ආලේප කිරීමට පෙර පොල් තෙල් හෝ ආගන් තෙල් ස්වල්පයක් ඔබේ මුහුණට දමන්න. එසේම මෙම තෙල් ෆේෂල් මාස්ක් එකක් ලෙස භාවිතා කරන්න.
  • ස්වභාවික අමුද්‍රව්‍ය මත පදනම් වූ සෙරා සහ ඉමල්ෂන්ස්. කොරියානු කාන්තාවන් සෑම රාත්‍රියකම සේරම් භාවිතා කරන අතර බොහෝ විට එය ඔයිල් සමඟ ආලේප කරනවා. ඔවුන් සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කරන අනුපිළිවෙල වන්නේ සේරම්, ඔයිල් හා මොයිස්චරයිසර් ය.
  • විවිධ රූපලාවණ්‍යය නිශ්පාදන නිතර මාරු කරමින් භාවිතා කිරීම. මෙය ඔබේ සමට ඇතැම් අමුද්‍රව්‍ය වලට හුරුවීම වළක්වයි.
තුර්කිය
#4
  • ක්වීන්ස් මත පදනම් වූ දියර සහ මාස්ක්ස්. ඔබට තෙල් සහිත සමක් තිබේ නම්, මෙම මුහුණු සේදීමේ නිෂ්පාදන නිවැරදි තේරීමක් වේ.
  • ජේඩ් රෝලර්. ඔබේ මුහුණේ ජේඩ් රෝලර් භාවිතා කිරීමෙන් රුධිර සංසරණය සහ සමේ තානය වැඩි දියුණු වෙනවා.
ඊශ්‍රායලය
  • මුහුදු ලුණු සහිත ස්ක්‍රබ්. ඔබේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට මුහුදු ලුණු ස්ක්‍රබ් ඉතා යහපත්ය.

මුහුදු ලුණු 1/4 කෝප්පයක්, මුහුදු පැලෑටි කුඩු 13.5 fl oz (මිලි ලීටර් 400), සම්බාහන තෙල් 1/2 කෝප්පයක් සහ ලැවෙන්ඩර් තෙල් බින්දු 10 ක් මිශ්‍ර කරගන්න.

චීනය
  • ගොජි බෙරි තේ. ඔබේ සම පිරිසිදු කිරීම සඳහා ශාකසාර හා බෙරී තේ විශිෂ්ටයි.

‌ගොජි බෙරි තේ පෝච්චියක තබන්න, උතුරන වතුරට වත් කරන්න. බෙරි යනු විටමින් සී, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල සහ කැරොටිනොයිඩ් වල ඉතා පොහොසත් ප්‍රභවයකි.

ඉන්දියාව
  • මී පැණි හා ලෙමන් ෆේස් මාස්ක්. ලෙමන් ඔබේ නළලෙහි ගැටිති අඩු කරයි. මී පැණි මගින් ඔබේ සම සමනය කරයි.

ලෙමන් තේ හැදි 1ක් කුඩා භාජනයකට මිරිකා, ඉන්පසු මී පැණි තේ හැදි 1ක් එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කර ඔබේ ගැටළු සහිත ප්‍රදේශයට දිනකට මිනිත්තු 20-30 අතර කාලයක් යොදන්න. සතියකින් ඔබට වෙනස පෙනෙනු ඇත.

රුසියාව
#5
  • ඕට්ස් ස්ක්‍රබ් එක. ඔබේ සම පිරිසිදු කර සිදුරු තද කර ගැනීමට මෙම ස්ක්‍රබ් එක භාවිතා කරන්න.

ඕට් මීට්ස් කොටස් දෙකක් (බ්ලෙන්ඩරයක හෝ ආහාර සකසනයක සිහින් කරගෙන), එක් කොටසක් මී පැණි, සහ එක් කොටසක් ආමන්ඩ් තෙල් (හෝ පොල් තෙල් හෝ ඔලිව් තෙල්).ඔබට ඇලෙන සුළු මිශ්‍රණයක් ලැබෙන තුරු සියලුම අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න.ඔබේ මුහුණට ඕට්ස් ස්ක්‍රබ් එක ආලේප කරන්න. මිනිත්තු කිහිපයක් තබන්න.

ග්‍රීසිය
  • යහපත් ආහාර රටාවක්. ග්‍රීක කාන්තාවන් ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරු හා එළවළු ගොඩක් අනුභව කරනවා. ඔමේගා -3 සහ ඔමේගා -6 මේද අම්ල ඉහළ මට්ටමක පවතින විවිධ මාළු වර්ග ද ඔවුන්ගේ ආහාර වේලට ඇතුළත් වෙනවා.
  • මුහුණට හුමාලය ඇල්ලීම. උතුරන වතුර කෝප්ප 2 කට චමමයිල් මල් හැදි 2 ක් වත් කර විනාඩි 20 ක් පමණ ඔවුන් මුහුණට හුමාලය අල්ලනවා.
  • අයිස් වතුර. එය සමේ සෛල අළුත් කිරීම ප්‍රවර්ධනය කරන අතර ස්වාභාවික කොලජන් හා ප්‍රත්‍යාස්ථ තන්තු සංස්ලේෂණය උත්තේජනය කරනවා. තවද, අයිස් සහිත ජලය මගින් සමේ පැහැය වැඩි දියුණු කරනවා.
  • කහ ෆේස් මාස්ක්ස්. මෙම ෆේස් මාස්ක්ස් වල ශක්තිමත් ප්‍රතිබැක්ටීරීය හා විෂබීජ නාශක ගුණ තිබෙනවා.අමු මී පැණි සමඟ කහ කුඩු මිශ්‍ර කරන්න. මෙම මාස්ක්ස් දෙවරක් යෙදිය හැකිය.
  • ඔලිව් ඔයිල්. ඔලිව් තෙල් සම්බාහනය මගින් ඔබේ සම සෞඛ්‍ය සම්පන්න හා මොයිස්චරයිසින් කිරීමට උපකාරී වනවා.
ඊජිප්තුව
  • සුදු මැටි ෆේස් මාස්ක්ස්. සම පිරිසිදු කිරීම, පෝෂණය කිරීම සහ සුදු කිරීම සඳහා සුදු මැටි මාස්ක්ස් ඔවුන් භාවිතා කරනවා.
  • කෝමාරිකා ක්‍රීම්. කෝමාරිකා මගින් සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කරයි. මෙම ශාකය සෛලවල තෙතමනය සමතුලිත කිරීම සඳහා ඉතා යහපත්‍ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here