කොකාකෝලා වෙළඳ නාමය කියන්නේ මුළු ලෝකය පුරාම ජනප්‍රිය වෙළඳනාමයක්, ඇමරිකාවේ සිට අප්‍රිකාවේ දුෂ්කර ගම්මාන දක්වාත්, යුද්ධයෙන් බැටකන රටවලත් වෙනසක් නැතිව තම සන්නාමය ජනප්‍රියව පවත්වාගෙන යන්න කොකාකෝලා සමාගම සමත් වී තිබෙනවා. නමුත් අපි අද කතා කරන්නේ කොකාකෝලා වලින් ඔබට ලබාගත ගත හැකි වෙනත් විකල්ප ප්‍රයෝජන 10ක් ගැනයි.

01. කොණඩයේ කැරළි හදාගන්න

කොකාකෝලා වල අඩංගු ඕත්ෆොස්පරික් ඇසිට් හිසකෙස් වල කියුටිකල් එක සවිමත් කරනවා. මෙයින් හිසකෙස් දිලිසෙන්න පටන් ගන්නවා වගේම තරමක් රැළි සහිත වෙනවා. කොකා කෝලා වල අඩු pH මට්ටම ද වියළි හා අස්ථාවර හිසකෙස් ඇති අයට වැදගත් වන අතර අම්ල – ඇල්කලයින් සමබරතාවය සාමාන්‍යකරණය කරනවා. කොකා-කෝලා වලින් ඔබේ කෙස් කැරලි තෙත් කරන්න, මිනිත්තු 5-10 කට පසු ඔබේ හිසකෙස් ෂැම්පූ වලින් සෝදන්න. ප්‍රකට නිළියක් සහ නිරූපිකාවක් වන සුකී වෝටර්හවුස් සමහර විට මේ ක්‍රමය භාවිතා කරන බව කියා තිබෙනවා.

02. චුවින් ගම් ඉවත් කරන්න

හදිස්සියේ ඔබේ හිසකෙස් වල චුවින්ගම් එකක් ඇලුණොත්, එතනට කොකාකෝලා ටිකක් වත්කරන්න. ඉන් පසු මිනිත්තු කිහිපයකට පස්සේ සෙමෙන්, පරිස්සමට චුවින්ගම් එක ඉවත් කරන්න. මේක වෙලා යන වැඩක් උණත කොණ්ඩය කපනවට වඩා හොඳයිනේ.

‌03. කොණ්ඩය බ්ලීච් කරන්න

ඔයාගේ කොණ්ඩයට දාලා තියෙන කලර් එක කාලයත් එක්ක අඩු වෙලා ගිහිල්ල නම්, ඒක ඉවත් කරගන්න ඔයාගේ කොණ්ඩය කොකාකෝලා වලින් සෝදා බලන්න. මේක සිද්ධ වෙන්නේ කොකා කෝලා ව්ල තියන සිට්‍රික් ඇසිඩ් සහ සිට්‍රික් අම්ල නිසා බව සිතන්න පුලුවන්.

04. පළිබෝධනාශකයක් ලෙස භාවිතා කරන්න

ඉන්දියාවේ ගොවීන් තමන්ගේ වගාවන් පළිබොධක කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කොකාකෝලා භාවිතා කරනවා. කොකා කෝලා වලින් වෙන්නේ පලිබෝධකාන්ගේ දරුණුම් සතුරන් වන රතු කුහුඹින්ව වගාවට ආකර්ෂනය කරන එකයි. මේක වෙන්න හේතුව කොකාකෝලා වල අඩංගු සීනි වෙන්න පුලුවන්.

ඔබේ වගාවට හම්ගොල්ලාගෙන් හානි වෙනවා නම් පීරිසි කිහිපයකටකොකාකෝලා දාලා තැන තැන තියලා බලන්න.

05. වේදනා සමනයට

කෘමි සතුන් දෂ්ට කිරීමෙන් ඇතිවෙන වේදනාවට, දැවිල්ලට සහ කැසීමට කොකාකෝලා වලින් සහනයක් ලබා ගන්න පුලුවන්. පුලුන් කෑල්ලක් කොකාකෝලා පොඟවා අදාල ස්ථානයේ තියන්න. මේ වේදනාව අඩුවීමට හේතුව කොකාකෝලා වල අඩංගු කැෆේන් විය හැකියි.

විශේෂයෙන් ජෙලිෆිෂ් මාලුන්ගේ දෂ්ට කිරීම් වලට කොකාකෝලා භාවිතා වෙනවා.

06. නාන කාමරය පිරිසිදු කිරීමට

කොකාකෝලා වල අඩංගු ඕත්ෆොස්පරික් ඇසිඩ් එක තමයි මේකටත් උදව් වෙන්නේ. ඔබට කරන්න තියෙන්නෙ නාන කාමරයේ සහ වැසිකිලි බඳුනේ අවශ්‍ය ස්ථාන වල ස්පොන්ජ් කැබැල්ලක ආධාරයෙන් කොකාකෝලා ගාලා රැයක් එලිවෙන තුරු තියලා හෝදලා අරින්නයි.

07. භාජන වල බැඳුණු කෑම ඉවත් කිරීමට

කොකා වලට මේදය දිය කරන්න පුලුවන්, ඒනිසා ඉඳුල් රැඳුනු, සෝදන්න අපහසු මුලුතැන්ගෙයි උපකරණ හා භාජන පැය කිහිපයක් කොකාකෝලා වල ගිල්වා තියා සොදන්න.

08. ඇඳුම් වල දුර්ගන්ධයන් ඉවත් කිරීමට

ඇඳුම් වලට භූමිතෙල්, පෙට්‍රල් වැනි දේ හැලීමෙන් එන ගන්ධයත්, වෙනත් පිළී ගන්ධයන් පවා කොකාකෝලා වලින් ඉවත් කරගන්න පුලුවන්. ඇඳුම සෝදන්න පෙර ජලය සහ කොකාකෝලා සමාන පරිමා වලින් එකතු කරගත් දියරයක ඇඳුම පොඟවා ගන්න, නමුත් ලා පාට ඇඳුම් වලට නම් මේක කරන්න එපා ඒකෙන් ඇඳුමේ පාට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කොකාකෝලා වොසින් මැෂින් එකට දාන්නත් එපා.

09. කාසි පිරිසිදු කරන්න

මළ බැඳුණු හා අවපැහැ ගැන්වුණු කාසි පිරිසිදු කිරීමට කොකා කෝලා සහිත කෑන් එකකට එම කාසි දාන්න. විනාඩි 10-15 ක් අතර තියෙන්න ඇරලා, කෑන් එක හොඳින් හොල්ලන්න. ඉන්පසු කාසි එලියට අරගෙන ගලන ජලයෙන් සෝදන්න.

10. මළකඩ ඉවත් කිරීමට

වාහනයේ හෝ වෙනත් ඇණ මුරිච්චි වල මලකඩ බැඳී ඇත්නම් එය ඉවත් කිරීමට කොකාකෝලා ඒ මතට වක් කරලා විනාඩි කිහිපයක් තියලා රෙදි කෑල්ලක් ආධාරයෙන් අතුල්ලා සෝදා ගන්න. මලකඩ පැල්ලම් පර්ණයි නම් ෆොයිල් එකක් භාවිතා කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here