ප්ලාස්ටික් සැත්කම් කරන්නේ ගොඩක් විදේශ රටවල කියලා හිතුවට, කරපු අය කිය කිය යන්නේ නැති නිසා අපට දැනගන්න විදියක් නෑ අපි අවට කී දෙනෙක් ප්ලාස්ටික් සැත්කම් කරලා තියෙනවද කියලා. ප්ලාස්ටික් සැත්කමක් කරනවා කියන එක නරක දෙයක් නෙවේ, තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ පෙනුම තමන්ට කැමති ආකාරයට වෙනස් කරගන්න එක වැරැද්දක් නෙවෙයිනේ. නමුත් ප්ලාස්ටික් සැත්කම් ගොඩක් ඒව තරමක් හෝ විශාල ලෙස වේදනාකාරී. ඒ වගෙම නිසිප්‍රමිති සහගත වෛද්‍ය කණ්ඩායමක් එක්ක සිදු කළේ නැත්නමිතාම නරක ප්‍රථිපල පවා ඇති වෙන්න පුලුවන්.

අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතින අමුතුම සහ අලුත්ම ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් ගැන විස්තරයි.

01. කෙස් සිටවීම

කෙස් සිටවීම කියන්නේ තරමක් පරණ ක්‍රමයක්, නමුත් දැන් හිසේ පමණක් නෙවෙයි පිරිමි අයට කැමතිනම් තමන්ගේ රැවුල, පපුවේ සහ උදරයේ රෝම සිටවා ගැනීමේ අවස්තාවත් ලැබිලා තියෙනවා.

02. මාංශපේෂි

මාංශපේෂි වර්ධනය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි, ජිම් එකේ බර උස්සමින් පැය ගණන් ගෙවන්නත්, නරක පුරුදු අතෑරලා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට හුරු වෙන්න වෙනවා. නමුත් ඔබට ලේසියෙන්ම මාංශපේශි ලබාගන්න පුලුවන් ශල්‍යකර්මයක් හරහාත්.

03. අනවශ්‍ය මේදය අඩු කරලා අවශ්‍ය තැන් වලට පුරවාගන්න

ඉස්සර නම් ශරීරයේ කොහෙ හරි තැන් පිරිපුන් කරන්න ඕන වුණාම ඒ සඳහා භාවිතා කරන්නේ සිලිකන්. නමුත් දැන් ඒ සඳහා අදාලපුද්ගලයාගේම ශරීරයේ වෙනත් තැනකින් ලබා ගන්නා මේද භාවිතා කරන විදිය වෛද්‍යවරු දන්නවා. උදරය නෙරා තිබෙන කෙනෙකුට තමන්ගේ උදරය කොටසේ මේදය ඉවත්කරගෙන නිතඹ වර්ධනය කරගන්න මේ ක්‍රමය ඔස්සේ පුලුවන්.

04. වල ගැහෙන කම්මුලක්

කම්මුල වල ගැහෙන එක සමහර අයට විතරක් ලැබෙන දෙයක් නේ. නමුත් දැන් නම් අවශ්‍ය නම් කම්මුලේ ඩිම්පල් එකක් හදාගන්න හැකියාව තියෙනවා. නමුත් මෙය හැදුවට පස්සෙ ඉවත් කිරීමේ හැකියාවක් නෑ. ඒ නිසා මේ සැත්කමට යොමු වෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.

05. දෛව රේඛා වෙනස් කරගන්න

හස්ත රේඛා ශාස්ත්‍රය විශ්වාස කරන අයට අවශ්‍ය නම් තමන්ගේ දෛවය වෙනස් කරගන්න අවස්ථාව දැන් ප්ලාස්ටික් සැත්කම් විද්‍යාව මගින් ඇතිකරලා තියෙනවා. වාසනාව, ආයුෂ වැඩි කරලා, අනතුරු කරදර අඩු කරලා කැමති විදියට ඔබේ දෛවය ඔඅබටම ලියාගන්න පුලුවන්.

06. ශක්තිමක් සහ පිරිපුන් බත්කෙණ්ඩ

හුඟක් අය තමන්ගේ කෙණ්ඩ පිහිටා ඇති විදිය ගැන දුක් වෙනවනේ. නමුත් දැන් ඔබට පුලුවන් ඔබ මුලු ජීවිත කාලෙම ක්‍රීඩා කලා වගේ පෙනෙනෙ බත් කෙණ්ඩ යුවලක් ලබාගන්න. මේ මෑතකාලීනව ප්ලාස්ටික් සැත්කම් සායන වල වැඩි වශයෙන්ම සිදු කෙරුණු ශල්‍යකර්මයක්.

07. නාභිය

ලස්සන නාභියක් කියන්නේ කාන්තාවන්ගේ ලස්සන වැඩි කරන ලක්ෂණයක්. නමුත් මේක ශරීරයේ සාමාන්‍යෙන් අඩුවෙන්ම අවධානය ලැබෙන තැනක්, නමුත් නාභිය වෙනස් කරන සැත්කම් මේ වෙනකොට කාන්තාවන් අතර ඉතාම ජනප්‍රියයි.

08. දවස් දෙකක් ආයුෂ තියෙන ප්‍රමාණයෙන් විශාල පියයුරු

සයිකොලොජිකල් සේල්‍යින් කියන ද්‍රව්‍ය පියයුරු වලට එන්නත් කිරීම මගින් පියයුරු වල ප්‍රමාණ්‍ය දෙගුණයකින් විශාලනය කිරීමේ ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. නමුත් දින දෙකකින් නැවත පියයුරු සාමාන්‍ය තත්වයට පත් වෙනවා.

09. දෙපා ඇඟිලි කෙටි කිරීම

කාන්තාවන් සමහර වෙලාවට ලස්සන ගැන හිතලා ඕනම දෙයක් කරනවා. ඉතාම අසාමාන්‍ය දේවල් පවා. උස් සපත්තු දැමීමෙන් ඇතිවන දෙපා වල සංකූලතාවයන් නැවත හැරවීමට වෛද්‍යවරුන්ට දැන් හැකියාව තිබෙනවා. ඒ වගේම උස් සපත්තු වලින් දෙපා වෙහෙසට පත්වීම සමනය කරන්න දෙපතුල් වලට මේදය එන්නත් කිරීමද ජනප්‍රියයි. දැන් තිබෙන අලුත්ම ප්‍රවණතාවයක් වන්නේ සපත්තු වල ඉදිරි කොටසින් දෙපා වඩා සුන්දර ලෙස පෙනීමට දෙපා ඈගිලි කොට කර ගැනීමයි.

10. ඇසේ වර්ණය වෙනස් කිරීම

ඇසේ වර්ණය වෙනස් කිරීමට යොදාගත හැකි එකම ක්‍රමය කාච පැළඳීම පමණක් නෙවෙයි. මේ සඳහා වෛද්‍යවරුන් සිලිකන් වලින් සෑදුන නවතම උපාංගයක් භාවිතා කරනවා. මෙය කැමති වර්ණයකින් තෝරාගත හැකියි වගේම නැවත නැවත වෙනස් කිරීමටද හැකියාව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here