මිනිස් මොළය කියන්නේ පුදුමාකාර දෙයක් නේ. සමහරුන්ට අනුව නම් ලෝකයේ දැනට බිහිවෙලා තියෙන අද්වීතියම පරිඝණකය තමයි මිනිස් මොළය වෙන්නේ.ඒ කතාවේ කිසිම වැරැද්දක් නෑ. අපේ මිනිස්සු අතරෙන් එක් කොට්ඨාසයක මොළයේ වම් අර්ධ ගෝලය ,දකුණු අර්ධ ගෝලයට සාපේක්ෂව ක්‍රියාකරිත්වයෙන් වැඩියි. ඒ පුද්ගලයෝ මේ වගේ. ගණිතය, අවකාශමය දැනුම, භාෂාව යනාදිය ඉගෙන ගැනීම සඳහා ක්‍රියාකාරී වන්නේ මොළයේ වම් අර්ධගෝලය. ඒ නිසා විවිධ භාෂාවන් ඉගෙන ගන්නේ, ගණිතය හෝ එවැනි කුමක්‌ හෝ විෂයක්‌ වඩාත් ප්‍රගුණ කර විශේෂඥ උපාධියක්‌, උසස්‌ දැනුමක්‌ ලබා ගන්නේ මෙන්න මේ වගේ පුදගලයෝ. එතකොට දකුණ? මෙහෙමයි.ඔබ සෞන්දර්යයට ප්‍රිය කරන, කලාකාමී නිර්මාණශිලී අයෙක් නම් ඔබේ දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලය වමට සාපේක්ෂව ක්‍රියාකාරීයි.

හරි අද අපි අරන් ඇවිත් තියෙන්නේ, පොඩි මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකමක්.මොහොතකට හැමදේම අමතක කරලා. මේ රූපේ දිහා බලන්න.ඔබට හිතෙන විදියට මෙතනින් සතුටෙන් ඉන්නේ A  ද B ද?

ඔබේ පිළිතුර අනුව අපි කියන්නම් ඔබ ගැන.

ඔබේ පිළිතුර A  නම් ,

ඔබ අපි කලින් කතා කරපු වම් මස්තිෂ්ක අර්ධ ගෝලයේ ක්‍රියාකාරිත්වය වැඩි පුද්ගලයෙක්ට සමානයි. තව විදියට කිව්වොත් පරිකල්පනයට වඩා ඔබ තීරණ ගන්නේ තාර්කිකව. ඔබ විවේචනාත්මකව හිතන කෙනෙක්.බුද්ධියට ඉඩ දෙන ඔබ විවිධ කෝණ ඔස්සේ හිතලා ඔබේ තීරණයේ නිරවද්‍යතාව තහවුරු කරගන්න කැමතියි.

ඔබේ පිළිතුර B නම්,

එහෙනම් ඔබ දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයේ ක්‍රියාකාරිත්වය වැඩි පුද්ගලයෙක්ට සමානයි. ඔබ පරිකල්පනය මෙහෙවන්න කැමතියි. හැමදේකම ඔබ අලුත් පැත්තක් දකිනවා.ඔබට තියෙන්නේ හරි අපූරු චින්තන ශක්තියක්.

හැබැයි මතක තියාගන්න මෙතනින් මොන කොට්ඨාශයට අයිති ඔබ අනිවාර්යයෙන්ම අපූරු පුද්ගලයෙක්. ඒ ගැන සැකයක් නෑ. එහෙනම් අනිත් අයටත් මේ ගැන දැනගන්න share කරන්න. සුභ දවසක්!Share

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here