පිට ලෙඩරෝග හැදෙන්නේ අපි නොහිතන වෙලාවකයි. සමහර වෙලාවට අපි නීරෝගියි කියල හිතාගෙන හිටියත් අපිට නොදැනීම අපේ ශරීරය ඇතුලේ ලෙඩ රෝග වැඩෙමින් තියෙන්නට පුළුවන්. මේ ලිපියන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වැඩි දෙනෙක්ට බලපාන හදවත් ප්‍රශ්න ගැනයි. හදවත් ප්‍රශ්න කිව්වෙ ආදරය සම්බන්ද්ධ ප්‍රශ්න නම් නෙවෙයි. හදවත ආශ්‍රිතව ඇතිවෙන ලෙඩරෝග පිළිබඳවයි. ලෝකයේ ජීවිත් වෙන මිනිස්සුන්ගෙන් 31%ක් මිය යන්නේ හදවත් ආශ්‍රිත රෝගවලිනුයි. ඒ කියන්නේ අවුරුද්දකට ලෝකයේ මිනිස්ස්සු ලක්ෂ 179ක් හදවත් ආශ්‍රිත ප්‍රශ්න නිසා මිය යනවා. හිතාගන්නවත් බැහැ නේද ලක්ෂ 179ක් අවුරුද්දට. ලංකාවේදී මේ අගය 34%ක් විතර වෙනව. 2018 අවුරුද්දේදී හදවත් රෝග හෙඉතුවෙන් ලංකාවේ මිනිස්සු 28700ක් මැරිලාතියෙනවා. බුදුඅම්මෝ… මෙච්ච මැරෙනවදනේද ? ඒ අවුරුද්දෙ අගය අඩුයි කියලයි කියන්නෙ 24%. එතකොට හිතාගන්නකො 34% කොහොම ඇතිද කියල. දියුණුයි කියන ඇමරිකාවේ අවුරුද්දකට මිනිස්සු 610,000ක් හයලක්ෂ දහදාහක් හදවත්‍ රෝග නිසා මියයනවලු. මේ ජහදවත් රෝගවලට ප්‍රධානම හේතුව අපේ ජීවන රටාව. විශේශයෙන්ම ආහාර. මේ නිසා එකම පවුලක එක්කෙනෙක්ට හදවත්රෝගයක් හැදුනා කියන්නෙ අනික් අයටත් හැදීමේ ලොකුම ලොකු ඉඩක් තියෙනවා කියන එකයි. හදවතාශ්‍රිතලෙඩ හදෙන කොට අපේ ශරීරය අපිට අනතුරු ඇඟවීම කරනවා. ඒත් අපි ඒ ගැන හරියට දනුවත් නැති නිසා ඒවා හඳුනාගන්නේ නැහැ. මේ කියන්නේ අන්න ඒ වගේ අනතුරුඅඟවන ආකාර 8ක් ගැනයි.

1 – අත දිගේ පැතිරෙන වේදනාව

පිරිමි අයගේ නම් වම් අතේ වේදනාවක් ඇති වෙනවා නම් පරිස්සම් වෙන්නට ඕනා. ගහැණු අයගේ නම් අත් දෙකෙන් ඕනම අතක මේ වේදනාව ඇති වෙන්න පුළුවන්. සමහරවිට මේක අතදිගේ ගමන්කරන වේදනාවක් වගේ දනෙන්නට පුළුවන්. සමහර විට වැලමිටේ ඇති වෙන වේදනාවක් විදියට දැනෙන්නත් පුළුවන්. දන් හිතෙන්න පුලුවන් හදවතේ ප්‍රශ්නෙකට කොහොමද අත රිදෙන්නේ කියල. හදවතේ අති වෙන වේදානාව ස්නායු හරහා කෙලින්ම ගමන්කරන්නේ කොඳුඇට පෙලට එතනින් තමයි මොළයට යන්නේ. මේ ගමන් කරන ක්‍රමය නිසා මොළයට එකපාරටම හිතාගන්නට බැහැ වේදනාව එන්නේ කොහෙන්ද කියලා. ගොඩක් වෙලාවට මොළය ඒක තේරුම්ගන්නේ අතේ ඇති වෙන වේදනාවක් කියලයි.

2 – නොනවතින කැස්ස

කැස්ස ගැන අපි වැඩිය ගණන් නොගත්තාට කැස්ස කියන්නේ දරුණු රෝගවල රෝගවලට මතුවෙන රෝගලක්ශණයක්. හදවත්‍රෝගවලදීත් කැස්ස ඇති වෙනවා. දිගින්දිගටම නොනැවතී ඇතිවෙන කැස්ස සමඟ රෝසපාටට ලේ මිශ්‍ර කෙල හෝ සෙම එනවානම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුත්‍යි. උගුර තුවාලවෙලා හින්දා වෙන්න ඇති කිය කිය ගෙදරට වෙලානම් ඉන්න එපා.

3 – අසාමාන්‍ය අධික කාන්සාව

හදවත දුර්වල වීමේදී අපේ ශරීරයට අවශ්‍ය රුධිරය නිසියාකාරව නොලැබෙන නිසා කාන්සාව ගතියක් ඇතිවෙන්නට පුළුවන්. මුකුත්ම කරන්නට හිතෙන්නේ නැති මලානික ගතියක් ඇඟට දනෙනවානම් ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. කාන්සාව ගතිය විශේශයෙන්ම අධික රුධිර පීඩනය නිසා ඇති වෙන්න පුළුවන්.

4 – කකුල් ඉදිමීම

නිසියාකාරව නහරවල් තුලින් ලේ ගමන් නොකිරීමේදී එම ලේ නහරවලවට ඇති පටකවලට කාන්දුවීමක් සිදුවෙන්නට පුළුවන්. මෙහෙම කාන්දුවෙනකොට තමයි ඉදිමෙන්නේ. මේ බලපෑම කකුල්වලට විශේශයි. හබැයි කකුල් ඉදිමෙන්නේ හදවත් රෝගවලට විතරක් නෙවෙඉ. වෙනත් ගොඩක් ප්‍රශ්නවලදී කකුල් ඉදිමෙනවා. හැබැයි හදවත් රෝගවලත් ප්‍රධාන ලක්ෂනයක් තමයි කකුල් ඉදිමීම.

5 – කෑමරුචිය නැතිකම

නොකා හිටියත් කෑමකන්න ආසාවක් අතිනොවීමත් හදවත් රෝගයක ලක්ෂනයක් වෙන්න පුළුවන්. බඩ පිරිලා ඇතිබවක් දැනෙන්නේත් නැතුව කෑම කන්න රුචියක් එන්නේත් නැත්නම් ඒ ගන අවධානය යොමු කරන එක හොඳයි.

6 – දධ කුෂ්ඨ ඇතිවීම.

ශරීරයේ දද හෝ කුෂ්ඨ ඇතිවෙනවානම් අනිවාර්‍යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්නට යන්න. මීට අමතරව සමේ අසාමාන්‍ය ලෙස ලප ඇතිවෙනවානම් ඒකත් භයානක ලක්ෂණයක් විය හැකියි. නවතම පරීක්ෂන අනුව දධ හෝ කුෂ්ඨ ඇති අයගෙන් 44%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. තවත් 29% කොලෙස්ටරෝල් අධිකබවින් පෙලෙනවා.මේ නිසා මේක භයානක රෝග ලක්ෂනයක්.

7 – කලන්තය හෝ සිහිය නැතිවීම

ඔබට හුස්මගනීමේ අපහසුතාවයක් ඇතිවෙනවා නම් , එහෙමත් නැත්නම් කලාන්ත ගතියක් හෝ පාවෙන ස්වභාවයක් දනෙනවානම් අනිවාර්‍යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙන්න. මේ තත්ත්වය ඇතිවෙන්නේ නිසියාකාරව ලේ ගමනය සිදුවෙන්නේ නැති විටයි.

8 – සම සුදුමැලිවීම හෝ නිල් පැහයක් ගැනීම

ශරීරයේ සිදුවෙන මෙම පැහයේ වෙනස්වීමට හේතුව ලේවල රතුරුධිරාණු ප්‍රමාණය අඩුවීම හෝ නිසියාකාරව එම අවයවවලට ලේ නොලැබීමයි. මෙම වෙනස රක්තහීනතාවය නිසා ඇතිවෙන්නටත් පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවිමයි වඩා සුදුසු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here