ඔබ දන්නවාද ඔබ පාවිච්චි කරන හැමදෙයක්ම ඔබ ගන විස්තරයක් කියන බව. ත්වසත් සරල කරල මෙහෙම කියන්නන්කො. ඔබ පාවිච්චි කරන හමදෙයක්ම තෝරාගැනීමේදී ඔබේ මොළයනෙ තීරණය ගන්නෙ. එතකොට මොළය තීරණය ගන්නේ ඔබේ ආසාවල් අනුවයි. ඔබේ ආසාවල් තීරණය වෙන්නේ ඔබේ ගති ස්වභාවය අනුවයි. ඉතින් මේ ගැන කෙරුව පරීක්ෂනවලින් ලෝකය සොයාගෙන තියෙන දේවල් ගැන තමයි මේ කියන්නට සැරසෙන්නේ. ඔබ ආදරය කරන කෙනෙක් හෝ ඔබ දන්නා කෙනෙක් නිතරම අඳින ඇඳුමේ පාටවලින් ඔහු ගන අනාවැකියක් කියන හැටි ඔබට කියල දෙන්නයි යන්නේ. ඉන්ටර්නෙට් පත්තරය එක්ක දිගටම රැඩඳිලා හිටියොත් මේ වගේ අමුතු අමුතු දේවල් ඔබට දනගන්නට පුළුවන්.ඒකට කරන්න ඕන දේ ඉතින් දන්නවනේ… හරි, දැන් බලමු කොහොමද මේඅනාවැකිය කියන්නේ කියල. නිතරම පාවිච්චි කරන ඇඳුමේ පාට අනුව තමයි මේක කියන්නේ. ඔයාට සෙල්ලමක් විදියට මේ ක්‍රමයෙන් යාළුවො පුදුම කරන්න ඕනානම් මේ පාටවලින් රවුම් ඇඳල කැමති එක තෝරගන්න කියල කියන්නත් පුළුවන්.

1 – රතු පාට

ඔබ ඔබේ රකියාවේදී හෝ සාමාන්‍ය ජීවිතියේදී ඔබට කළ හැකි උපරිමයෙන්ම කටයුතු කිටරීමට කැමති කෙනෙක්. ඒ වගේම අනික් අය අතර කැපී පෙනෙන්නට සහ ජනප්‍රියත්වයට පත්වීමටත් කැමැත්තක් දක්වනවා.

2 – කහ පාට

ඔබ ජීවිතය ගැන ධනාත්මකව ශුභවාදීව හිතන කෙනෙක්. වැඩක් කිරීමේදී අවධානමක් ගන්නටත් බිය වෙන්නේ නැහැ. හැමදෙයක් ගැනම තර්කාණුකූලව බුද්ධිමත්ව සිතනවා. ඔබට කළහැකි සහ කළනොහැකි මොනවාද කියා ඔබ හොඳින්ම දන්නවා. ඒ නිසා අමාරුවේ වැටෙනවා අඩුයි. ඔබේ හැකියාවන් පාවිච්චි කරන්නට අවශ්‍ය ආකාරය ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා.

3 – තැඹිලි පාට

ඔබ ලද දෙයින් සතුටු වෙන පුද්ගලයෙක්. ඔබට නැති දෙ ගන ලබා ගැනීමට නොහකි දේ ගැන හිත හිත වද වෙන්නේ නැහැ. ඔබේ විශේශිතම දේ තමයි, කොයි තරම් ලොකු වැඩක් කෙරුවත් කුඩා පියවර විදියට කටයුතු කරන්නෙ. ඒ කියන්නේ පොඩි එකේ සිට ඉහළට යන්නටයි ඔබ කැමති. ඔබ යම්කිසි දෙයක් දැනගත්තාම ඒ පිළිබඳව විස්තර හොයලා හරියටම විස්තරාත්මකව දැනගන්නට කැමතියි. ඒ විස්තර අනුව ඒ දෙය ගැන හරියටම තේරුම්ගැනීmේ හැකියාවක් ඔබ සතුයි.

4 – කොල පාට

ඔබ ඔබේ නිදහස සහ ආරක්ෂාව ගැන ප්‍රධාන වශයෙන් සලකන කෙනෙක්. හැමවිටම සාධාරණව හිතන්නට උත්සාහ කරනවා. සන්සුන් මනසකින් සිටින්නටත් උත්සාහ කරනවා. ඒ වගේම ඔබ අන් අයට හොඳ මිතුරෙක්. හැබැයි ඔබට ඔබේ ජීවිතයේ වැදගත් දේවල් මඟහැරෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ ගැන අවධානයෙන් සිටින්න.

5 – රෝස පාට

බොහෝදුරට ඔබ ගෙවන්නේ දුක වේදනාව අඩු ජීවිතයක්. ඔබ ප්‍රශ්න ගන වැඩිය නොසිතන විනෝදයෙන් සිටින්නට කැමති කෙනෙක්. ජීවිතයේ ලැබෙන හැම මොහොතක්ම උපරිමයෙන් විඳීමට ඔබ කැමැත්තක් දක්වනවා. හැමොම සමඟ හොඳින් ඉන්නට සහ කාගේවත් නසිත නොරිදෙන විදියට කටයුතු කරන්න උත්සාහ කරන්න. සරළවම කිව්වොත් පොළොවෙ පයගහල ජීවත් වෙන්න. නැත්නම් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙනු ඇත.

6 – දම් පාට

ඔබ සංවේදී පුද්ගලයෙක්. සෑහෙනදුරට සිහින සැබාවුණ කෙනෙක්. ඔබට තිබුණ ගොඩක් අරමුණුවලට දැනටමත් ඔබ ළඟාවීමට අවශ්‍ය විශ්වාසය සහ ආත්ම ශක්තිය ඔබ සතුයි. ඔබ ඔබේ දැනුම ලාභය වෙනුවෙන් භාවිතා කරයි.

7 – නිල් පාට

ජීවිතයේ අරමුණුවලට ළඟාවීමේ අවශ්‍යතාවය ඔබට හොඳින් දැනෙන කෙනෙක්. එදිනෙදා කටයුතුවලදී සෑමදෙයක්ම සමබරව කල නොහැකි බව දන්නා නමුත් ඔබේ හැකි උපරිමයෙන් සමබරව සාධාරණව කටයුතු කිරීමට උත්සාහ දරයි. ඔබ ඔබේ ජීවිතයත් ඔබේ සමීපතමයන්ගේ ජීවිතත් හොඳින් පවත්වාගෙනයාමව උත්සාහ දරයි.

8 – අළු පාට

ඔබේ ප්‍රධානම ලක්ෂණය තමයි තාර්කික බව. හැම දෙයක් ගැනම තාර්කිකව හිතනවා විතරක් නෙවෙයි අනික් අයටත් ඒ ගැන පහදා දෙන්නට කැමතියි. ඔබ හැමවිටම ඔබේ සමීපතමයන් මුලාවෙන් මුදවාගනිමින් නිවැරදි දේ පෙවන්වාදෙමින් ඔවුන්ව නිවරදි මඟ යවමින් ජීවත් වෙන කෙනෙක්.

ඔන්න පාට 8යේ අනාවැකිය ඉවරයි. ඔයාම හිතල බලන්නකො ඔයා කැමති පාට අනුව අනාවැකිය හරිද කියල. මේකට විද්‍යාඥ්ඥයො කියන්නෙ ලූශර් පාට පරීක්ෂණය කියලයි. ඔයාගෙ පවුලේ අයට සහ යාළුවන්ට මේ අනාවැකිය කියල පුදුම කරවන්න. කටපාඩමින් කිව්වොත් එයාල ගොඩක් පුදුම වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here