සිනමාව කියන්නේ අපේ ජීවිතේ කොටසක් වගේ. ඉස්සර වගේ නෙවෙයි හැමෝටම නෙට්ෆ්ලික්ස්, යූ ටියුබ් තියනවා, අන්තර්ජාල සබඳතා තියනවා, ඒ නිසා අපි ඔක්කමලා හොඳ ෆිල්ම් ෆෑන්ස්ලා වෙලා. 2020 නම් අපට ගොඩක් ෆිල්ම්ස් මගහැරුණා. නමුත් ඊළඟ අවුරුද්දෙ නම් මිස් කරගන්න හොඳම නැති සුපිරිම ෆිල්ම්ස් ටිකක් රිලීස් වෙනවා. අපි මේ බලන්නෙ හොලොවුඩ් වල රිලීස් වෙන හොඳම ෆිල්ම්ස් මොනවද කියලා.

01. ගොඩ්සිලා කින්ග් කොන්ග් එක්ක ගැටුමක්

Godzilla vs. Kong

ගොඩ්සිලා කියන්නේ අපි ඉස්සර බලපු ෆිල්ම් වලින් බයානකම එකක් නේ. කින්ග් කොන්ග් වුණත් එහෙමයි. මේ දෙකම ෆිල්ම් හෝල් එකක බලල තියනවා නම් ඔයා දන්නව ඇති කොච්චර ලොකු සද්ද ගොඩක්ද තිබ්බෙ කියලා. හිතන්නකෝ මේ දැවැන්තයෝ දෙන්න එකට හැප්පෙන ෆිල්ම් එකක මොන තරම් ලොකු සද්දයක් තියේවිද කියලා.

ඇඩම් වින්ගාඩ් විසින් අධ්‍යක්ෂනය කරන ලද මේ චිත්‍රපටය තිරගත වීමට නියමිත 2021 මැයි මාසයේ සිටයි.

02. වැඩිහිටි තොත්ත බබාගෙ වැඩ කිඩ ආයෙමත්

The Boss Baby 2

‌ඔයාලට බොස් බේබි පළවෙනි ෆිල්ම් එක මතකයි නේද? කියුට් පෙනුමක් තියෙන ඒ වුණත් ලොකු වැඩ කරන බබා ආයෙමත් 2021 දී එනවා. ටොම් මැග්‍රාත් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ඩ්‍රීම් වර්ක් ඇනිමේෂන් ස්ටුඩියෝ එකේ හදලා තියෙන්නෙ. යුනිවර්සල් පික්චර්ස් තමයි බෙදා හරින්නෙ. මේ චිත්‍රපටය ඇමරිකාවෙ තිරගත වෙන්න නියමිත 2021 මාර්තු මාසේදියි. මේකත් කලින් එක වගේම බඩ පැලෙනකල් හිනාවෙන්න පුලුවන් එකක් වෙයි.

03. අලුත්ම මාවල් මූවී එක

Shang-Chi and the Legend of the Ten Rings

2021 දී අලුත්ම Marvel මූවී එකක් රිලීස් වෙනවා. මාවල් චිත්‍ර කතා වල ඉන්න ෂැන්-චී කියන චරිතය තමයි මේ චිත්‍රපටයේ සුපිරි වීරයා. මේ චරිතය බිහිවෙලා තියෙන්නෙ සුපිරි සටන් නළුවකු වෙන බෲස් ලී පාදක කරගෙන කියලා කියනවා. මුලින්ම 1980 බෲස් ලීගේ පුතා යොදාගෙන මේ චිත්‍රපටය කරන්න සැලසුමක් තිබුණාලු. මේ චිත්‍රපටය 2021 මැයි මාසෙ තිරගත වීමට නියමිතයි. මේක මාවල් ස්ටුඩියෝ එකේ හදලා බෙදහරින්නෙ වෝල්ට් ඩිස්නි සමාගම විසින්.

04. සටන් පිරුණු අවුරුද්දක්

Mortal Kombat

Mortal Kombat බලල නැති අය නම් හරිම අඩු ඇති, ඒ වගේම ගොඩාක් අය Mortal Kombat ගේම් එකත් ගහල ඇති. සබ්සෙරෝ, ලූ කාන්, ස්ක්‍රෝපියන්, සොන්‍යා වගේ සුපුරුදු චරිත එක්ක 2021 ජනවාරි මාසේදි අලුත්ම Mortal Kombat ෆිල්ම් එක බ්‍රසීලයේදී තිරගත වීමට නියමිතයි. සුප්‍රකට Call of Duty චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සයිමන් මැකොයිඩ් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ.

05. 2021 දීත් ඇක්ෂන් සහ ත්‍රිල් උපරිමයෙන්

Escape Room 2

මේ චිත්‍රපටයේ පළැවෙනි එක බලපු අයට ඒක හොඳට මතක ඇති. මේ චිත්‍රපටය පාදක වෙන්නෙ ප්‍රෙහේලිකා ආකාරයට සැකසූ කාමරයකින් ගැලවී යන්න පිරිසක් යොදන උත්සහයක් වටා. එක් එක්කෙනා මැරෙන තරමට භයානකයි මේ කාමරය. මෙතනට එකතු වෙන්නෙ මුලුමනින්ම නොදන්නා අය කිහිප දෙනෙක්. පළවෙනි චිත්‍රපටය අවසන් වෙන තැනින්ම දෙවැනි එක පටන් ගන්නවලු. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඇඩම් රොබිටල්, ඔහු තමයි මේ චිත්‍රපට සීරිස් එකම අධ්‍යක්ෂණය කරන්නෙ. මේක නම් 2020 දෙසැම්බර් 31 සිංගප්පූරුවේදී රිලීස් වෙනවා. 2021 පටන් ගන්නකොටම මුලින් බලන්න ලැබෙන ෆිල්ම් අතර මේකත් තියේවි.

06. රහස් පරීක්ෂණ වලට කැමති අයට

355

මේක අලුත්ම චිත්‍රපටියක්. මේකෙ කතාව ගෙතෙන්නෙ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් භයානක අවියක් ලබා ගැනීම වළක්වන්න වැඩ කරන කාන්තාවන් පස් දෙනෙකු වටායි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Dark Phoenix චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සයිමන් කින්බර්ග් විසින්. මේකත් අවුරුද්දේ මුලදිම බලාගන්න පුලුවන්. මේක එංග්ලන්තයේ තිරගත වෙන්නෙ ජනවාරි මාසෙ මැද හරියෙදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here