අපි දින වකවානු වලින් හදන වයස නෙමෙයි අපේ ශරීරයට තියෙන්නෙ, මනසටත් එහෙමයි. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. සමහර විට ශරීරය ඉක්මණින් වයසට යනවා. සමහර විට වයස ගියත් ශරීරය තරුණ විදියට තියෙනවා. මේකට ජානමය බලපෑමකුත් තියෙනවා, නමුත් අනෙකුත් සාධක ගොඩකුත් බලපානවා.

අපි අද කතාකරන්නේ මුහුණේ සම වයසට යාම වළක්වා ගන්න ඔබ රාත්‍රි නින්දට පෙර අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක් ගැනයි. ඒ තමයි මේකප් ඉවත් කරලා මුහුණ සෝදන එක. ඒක කළොත් ඔබට ලැබෙන් ප්‍රතිලාභ 10කුයි මේ.

01. කුරුලෑ නැති කරන්න

ඔබ හිතන්නේ කුරුළෑ වලින් ප්‍රශ්න ඇති වෙන්නේ නව යොවුන් තරුණියන් හා තරුණයන්ට කියලා, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද ඔබ නින්දට කලින් මුහුණ සේදුවේ නැත්නම්, කුරුලෑ නැවත ඇති වෙන්න පුලුවන්.

විශේෂයෙන් ඔයා මේකප් භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම ඒවා ඉවත් කරලා, මූණ සෝදන්න ඕන. තෙල් රහිත මේකප් රිමූවර් වර්ගයක් භාවිතා කරලා ඉන් පස්සෙ micellar water වලින් සෝදා හරිනවා නම් වඩාත් හොඳයි.

02. වියපත් වීම වැළැක්වීම

රාත්‍රියට අපේ සම අලුත් වෙනවා. ඒක නැවත ඉපදීමක් වගේ. මේ වෙලාවට ඔබේ සමේ කුණු දූවිලි ආදි අපද්‍රව්‍ය රැඳී තිබුණොත් ඉක්මණින් සම වියපත් වී රැළි වැටීමට පටන් ගන්නවා.

මුහුණ සෝදන එකට විනාඩි කිහිපයක් වැය කිරීම කිසිසේත් අතපසු කරන්න එපා! මොකද එයින් ඔබෙ සම වියපත් වීම වළක්වනවා.

03. ඔබේ මුහුණේ සම පෝෂණය කරනවා

කලිනුත් කිව්වා වගේ සමේ සෛල රාත්‍රියට ප්‍රති නිශ්පාදනය වෙනවා. එම ක්‍රියාවලියට ඔබ මුහුණ සේදීමෙන් වෙන්නේ විශාල උදව්වක්. මුහුණ සෝදලා ප්‍රතිඔක්සිකාරක අඩංගු මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. මුහුන සෝදලා නින්දට යන එක පහසු සැපවත් නින්දකටත් හේතුවක්.

ඒ වගේම මතක තියාගන්න, බාල වර්ගයේ මේකප් භාවිතා කිරීමෙන් සමට දරුණු ලෙස හානි වෙන්න පුලුවන්, මේකප් ගනිද්දි ඉතාම සැළකිල්ලෙන් මිලදී ගන්න.

04. අසාත්මිකතා වලට එරෙහි සටන් කරනවා

ඔබ ඔබට අසාත්මිකතාවයන් තියෙනවාද කියලා දන්නෙ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මේකප් නොසෝද නිදාගැනීමෙන් අසාත්මිකතා වර්ධනය වෙන්න පුලුවන්, ඒ වගේම දද වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුලුවන් මේවයෙ ලක්ෂණ ඉක්මණින් පහල වෙන්නෙ නෑ. නමුත් ඔබ මේකප් නොසෝදා නිදාගන්නවා නම්, සමේ රතු වීම, බිබිලි, දැවිල්ල ආදිය ඇති වෙන්න පුලුවන්.

05. සම අවපැහැ ගැන්වීම පාලනය කරනවා

පිග්මන්ටේෂන් ඇති වීම කියලා සාමාන්‍යෙන් හඳුන්වනෙ මෙම තත්වයේදී මුහුණේ තැන් තැන් වල තදපාට ලොකු කැළැල් මතු ඇති වීම දකින්නට ලැබෙනවා. මේක ඇති වෙන්න ප්‍රධාන හේතුව අසාත්මිකතායි. මේකප් නොසෝදා නින්දට යාමෙන් අසාත්මිකතා ඇති වීම සහ තියෙන ඒවා වැඩි වීම වෙන්න පුලුවන්.

06. දෙතොල් වල තෙතමනය ආරක්ෂා කර ගැනීම

ඔබ ලිප්ස්ටික් විත‍රක් භාවිතා කරන කෙනෙක් නම්, හවස් වෙනකොට ඔබේ ලිප්ස්ටික් එක දෙතොල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා කියලා දැනෙනවා වුණත්, එය සේදීමෙන් තොරව ඔබේ ඇසට නොපෙනී ඉතිරි වෙලා තියෙනවා. මේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය හොඳටම ඇති ඔබේ දෙතොල් වල සම වියළා දමන්න. එයින් දෙතොල් පැලීමත් ඇති වෙන්න පුලුවන්.

07. ඇස් යට රැළි ඇති වීම වළක්වනවා

ඔබ නිදාගන්නකොට මේකප් එක ඉවත් කරන්නෙ නැතුව නිදාගන්නවා නම් ඇස් යට ඇති වෙන අයිබෑග් එකක් ඇති වෙන්න පුලුවන්. ඒ වගේම ඔබ මේකප් සෝදනවද නැද්ද කියලා හොදටම හොයාගන්න පුලුවන් ඔබේ ඇස් අවට කළුවීම සහ නිරෝගි නොවන පෙනුමෙන්.

08. ඇහිපිහාටු හැළී යාම වළක්වනවා

කිසිම විටක මස්කාරා නොසෝදා නිදාගන්න එපා. මස්කාරා වලට ඇහිපිහාටු වියළීම නිසා ඒව ගැලවී යන්න පුලුවන්. මස්කාරා මිළදී ගන්න විට වෝ‍ටර්ෆෘෆ් ඒවා භාවිතා කරන්න එපා. එය සෝදා යවන්න අපහසුයි. ඒ වගේම මේකප් රිමූවර් කොට්න් බඩ් එකකට අරගෙන පහල අතට පිස දමන්න, රවුමට කරකවන්න සහ තදින් අතුල්ලන්න එපා.

09. නැවත නැවත විෂබීජ සමට ඇතුල් වීම වැළැක්වෙනවා

ඔබ මේකප් හෝ කුණු දූවිලි සහිතව ඔබේ කොට්ටයේ හිස තිබ්බාම ඒවා ඉබේම රාත්‍රිය පුරාවට කොට්ටයේ ගෑවෙනවා. එවිට ඔබ නැවත නැවතත් එම විෂබීජ වලට නිරාවරණය වෙනවා සහ ඒවාගේ භයානකකම තවත් වැඩි වෙනවා.

10. ඔබ භාවිතා කරන රාත්‍රී ක්‍රීම් වල නිසි ප්‍රයෝජන ඔබට ලැබෙනවා

ඔබ නින්දට පෙර මොනවා හරි ක්‍රීම්, ජෙල් වර්ගයක් භාවිතා කරනවා නම්, ඔබ මුහුණ නොසෝදා ඒවා භාවිතා කරොත් ඉන් ඔබේ සමට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නෙ නෑ. රාත්‍රී ක්‍රීම් සහ වෙනත් ආලේපන නිශ්පාදනය කර ඇත්තේ රාත්‍රියේ සිදුවන සම ප්‍රතිජනන ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වී වැඩ කිරීමටයි. නමුත් ඔබ මුහුණ නොසේදුවොත් මේ ක්‍රියාවලිය නිසි ලෙස වෙන්නේත් නෑ වගේම සම තුලට ඔබේ නිශ්පාදන වලට ඇතුල් වීමේ හැකියාවත් ඇහිරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here