අද කාලේ බර අඩු කරගන්න ක්‍රම ගොඩාක් ගැන අන්තර්ජාලයේ දැනගන්න ලැබෙනවා. ව්‍යායාම, කෑම පාලනය කරන ක්‍රම වගේම විවිධ බෙහෙත් වර්ගත් තියෙනවා. සමහර අයට මේවගෙන් ඉතාම ඉක්මණින් සාර්ථක ප්‍රථිපල ලබාගන්න පුලුවන් වුණත්, තවත් කොටසකට කිසිම ප්‍රථිපලයක් ලැබෙන්නේ නැහැ.

මේකට ප්‍රධාන හේතුව එක් එක් පුද්ගලයන්ගේ ශරීරයේ මේදය රැස් වෙන විදිය අනුව බර අඩු කර ගැනීමේදී අවධානය යොමු කළ යුතු දේවල් සහ කරන්න ඕන දේවලුත් වෙනස් වීමයි. ඔබේ ශරීරයේ හැඩය සහ මේද තැන්පත් වෙන ආකාරය අනුව ඔබේ ස්ථුලභාවයේ ප්‍රධාන ආකාර කිහිපයක් හඳුනාගත හැකියි. අපි ඒ ගැන හොයල බලල මේ ඔබට ඉදිරිපත් කරන්නේ ශරීරයේ ප්‍රධාන හැඩයන් 6ක් සහ ඒවාට අනුව බර අඩු කරගන්න විදියයි.

මේ ප්‍රධාන ශරීර මාදිලි වලින් ඔබේ ශරීරය අයත් වෙන්නේ කෝකටද කියලා ඔබට පහසුවෙන් දැනගත හැකියි. ඒ අනුව ඔබේ ශරීරයේ බර අඩු කරගන්න කරන දේවලුත් වෙනස් කරගැනීමෙන් කාර්යක්ෂමව බර අඩු කරගන්න ඔබට පුලුවන් වේවි.

01. සිරුරේ ඉහල කොටස පමණක් සම්පූර්ණයෙන්ම මහත් වීම

හේතුව:

මේ ආකාරයේ ස්ථුලභාවය ඇති වෙන්නේ වැරදි ආහාර රටාව නිසයි. වැඩිපුර කැලරි සහිත ආහාර ගැනීමෙත්, ක්‍රියාශීලි බව අඩු වීමත් නිසා මේ තත්වය ප්‍රධාන වශයෙන්ම ඇති වෙනවා.

බර අඩු කර ගැනීමේ ක්‍රම:

  • මෙවැනි ශරීරයක් හිමි අය ඇරොබික් ව්‍යායාම කිරීම තමයි සුදුසුම. අඩුම ගානේ දවසට පැය භාගයක් වත් ඇවිදීම, දිවීම, පිහිනීම වැනි ව්‍යායාමයක යෙදෙමින් ක්‍රියාශීලිව සිටියොත් ඔබට පහසුවෙන් අනවශ්‍ය කැලරි දහනය කරගත හැකියි.
  • සීනි සහිත පැණි රස ආහාර වලින් වැලකීමත් ඉතාම වැදගත්. සීනි වලින් රස කරන ලද බීම සහ එවැනි ආහාර වර්ග වලින් ඔබට කුසගිනි අඩුවෙන්නේ නැහැ. ඒව ගැනීමෙන් ඔබ දිනකට පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය වැඩි වෙනවා.
02. යටි බඩ ආශ්‍රිත ස්ථුලතාවය

හේතුව:

මෙම තත්වයට ප්‍රධාන හේතුවක් වෙන්නේ කාංසාව, ආතතිය සහ පීඩනය ආදී මානසික තත්වයි.

බර අඩු කර ගැනීමේ ක්‍රම:

  • මානසික ආතතිය මගින් කෝටිසෝල් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය වැඩිකිරීම හරහා යටි බඩ ආශ්‍රිතව මේදය රැස් කරවනවා. භාවනා කිරීම, යෝගා වල නිරත වීම හෝ ඔබට මානසික පීඩනය ඇති කරන දේවල් වලින් ඈත් වීම හා අවශ්‍ය නම් ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් මෙය තවදුරටත් වැඩිවීම පාලනය කළ හැකියි.
  • ‌ග්‍රීන් ටී පානය මගින් උදරය ආශ්‍රිත මේදය දහනය වෙනවා.ඒ වගේම ග්‍රීන් ටී වලින් මානසික ආතතියත් අඩු වෙනවා.
03. ශරීරයේ ඉණෙන් පහල කොටසෙහි ස්ථුලභාවය

හේතුව:

මෙය ඔබේ පවුලේ අයගේ අනන්‍ය තත්වයක් නොවෙයි නම්, මේකට ප්‍රධාන හේතුව ආහාර වල අඩංගු ග්ලූටන් පරිභෝජනය වැඩිවීමයි. ග්ලූටන් රහිත ආහාර රටාවකින් මෙයට විසඳුමක් ලබා ගත හැකියි.

බර අඩු කර ගැනීමේ ක්‍රම:

  • කඳු හෝ පඩිපෙළක් දිගේ නැගීම මේ තත්වය ඇති අයට ඉතාම හොඳ ව්‍යායාමයක්. මෙයින් ඔබේ කලවා වල මේදය ඉක්මනින් දහනය කරගත හැකියි.
  • උදේ ආහාරය මග නොහැර ලබාගැනීම වැදගත්. ඔබ උදේ ආහාරය මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය ආරම්භ කරගත්තේ නැත්නම් දවස පුරා කුසගිනි දැනෙමින් ඔබට වැඩිපුර කැලරි ලබා ගැනීමට හිතෙනවා.
04. උදරයේ ස්ථුලතාවය

හේතුව:

උදරයේ ස්ථුලතාවයට ප්‍රධාන හේතුවක් වෙන්නේ අධික ඇල්කොහොල් පරිභෝජනයයි. ඔබ කොයි තරම් බොනවද කියන එක ගැන නිවැරදි තක්සේරුවක ඉඳීම ආරක්ෂිතයි.

බර අඩු කර ගැනීමේ ක්‍රම:

  • ලබාගන්න ඇල්කොහොල් ප්‍රමාණය අඩු කරන්න. ඇල්කොහොල් වල කැලරි වැඩියෙන්ම උදරයට බලපානවා වගේම ඒ මගින් වෙනත් සෞඛ්‍ය ගැටලුත් රැසක් ඇති කරනවා.
  • ප්‍රධාන ආහාර වේල් තුනක් විශාල ප්‍රමාණ වලින් ගන්නවා වෙනුවට කුඩා ආහාර වේල් 6ක් ලබා ගැනීම මගින් ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිරන්තරයෙන් ඔබට ලැබෙනවා වගේම සෑම ආහාර වේලකටම පසුව ඔබට උදරය ප්‍රමාණයෙන් අඩු වෙන බව දැනේවි.
05. උදරයේ පහල සහ දෙපා වල දණහිසින් පහල කොටසේ ඇති වෙන ස්ථුලභාවය

හේතුව:

මේ තත්වය වඩාත් බහුල වන්නේ ගර්භණී හා දරුවන් ලද කාන්තාවන් අතරයි. ගර්භණී සමයේ දෙපා වල ශිරා වල ඇති වන සංකූලතා නිසා මෙය ඇතිවිය හැකියි.

බර අඩු කර ගැනීමේ ක්‍රම:

  • ලුණු අඩුවෙන් පරිභෝජනය කිරීම මගින් මෙය තරමක් පාලනය කළ හැකියි.
  • විනාඩි 30කට වඩා වැඩි කාලයක් නොසෙල්වී එකම ඉරියව්වෙන් ඉඳගෙන සිටීමෙන් වැළකිය යුතුයි. හැකිතාක් ක්‍රියාශීලිව සිටීම වැදගත්. ඒ වගේම ඔබට දෙපා ඉහළින් තබාගෙන දිගා වී සිටීම්ට හැකි නම් දෙපා වල දියර රැස් වීම අවම කරමින් මේ තත්වයට සහනයක් ලැබෙනවා.
06. උදරයේ සහ කොන්දේ ස්ථුලභාවය

හේතුව:

මේ තත්වයට ප්‍රධානම හේතුව ක්‍රියාශීලි නොවීමයි. ඔබගේ මේදය උදරයේ සහ කොන්දේ රැස් වෙනවා නම් ඔබ වහාම ව්‍යායාම පටන්ගත යුතුයි.

බර අඩු කර ගැනීමේ ක්‍රම:

  • ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් හෝමෝන වල වෙනස්කම් සිදුවෙන අතර ඒ මගින් අමතර කැලරි ප්‍රමාණයක් ලබා ගැනීමට ඔබව යොමු කරනවා.
  • වැඩිපුර තන්තුමය ආහාර ගන්න. මේ මගින් ඔබේ ආහාර රුචියත් අඩු කරවනවා වගේම කැලරි අවශෝෂණයත් සීමා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here