උදරයේ තරබාරුව කියන්නේ ගොඩක් දෙනා මානසිකව පීඩා විඳින තත්වයක්. මේක ආත්ම විශ්වාසයටත් ගොඩක් බලපානවා. සමහර දෙනෙක්ගේ ශරීරයේ අනෙක් තැන් වල සාමාන්‍ය බරක් තිබුණත් උදරය විතරක් මහත් වෙලා තියෙනවා. ඇඳුම් ඇන්ඳම මේක කැතට පේනවා. ව්‍යායාම වලින් මේක අඩු කරගන්න ඔබ උත්සහ කරත් අසමත් වුණා වෙන්නත් පුලුවන්.

අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ උදරයේ ඇති මෙම තරබාරුව ඉවත් කළහැකි විශ්මිත රාත්‍රී පානයක් ගැනයි. ඇත්තටම මෙය ඔබට ගෙදරදීම පහසුවෙන් සකස් කරගන්න පුලුවන් ඉතාම සරල සම්පූර්ණයෙන්ම ස්වාභාවික පානයක්.

මේ පානය ඔබ නින්දට යන්න පෙර පානය කරලා ඊළඟ දවසේ උදේ විනාඩි 30ක් පමණ එකම රිද්මය සහිත පිහිනීම, දිවීම, ඇවිදීම වැනි ව්‍යායාමයක හෝ ඇරොබික් ව්‍යායාමයක නිරත වීම මගින් මෙම ක්‍රියාවලිය වේගවත් කරගන්න පුලුවන්.

‌පානය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

01. ඉඟුරු
  • ඉඟුරු කියන්නේ ශරීරයේ පරිවෘතිය ක්‍රියාවලිය කාර්‍යක්ෂම කරන දෙයක්. ඒ මගින් මළබද්ධය ඇති වීමත් වළක්වනවා. මළබද්ධයෙන් වැළකීම සහ නිසි ලෙස පරිවෘතිය ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම මේද දහනයට ඉතාම වැදගත්.
  • නින්දේදි මේද දහනය වීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරවීමට ඉඟුරු විශාල දායකත්වයක් සපයනවා.
02. දෙහි යුෂ
  • දෙහි යුෂ කියන්නේ මේද දහනය කිරීමේදි සහ තරබාරුව අඩු කිරීමේදි නිතර ම භාවිතා වෙන පළතුරක්. දෙහි යුෂ වලිනුත් පරිවෘත්තිය ක්‍රියාවලිය කාර්‍යක්ෂම වෙනවා.
  • අප ගන්නා ආහාර, දුම්පානය හෝ ඇල්කොහොල් භාවිතය නිසා අපේ සිරුරේ විෂ වර්ග තැන්පහ් වෙනවා. මේවා මගින් ඔබව තරබාරු කරනවා මෙන්ම ලෙඩ කරවනවා. දෙහි යුෂ පානයෙන් මෙම විෂ ඉවත් කරනවා. කාලයක් පානය කරනකොට විෂ ඉවත් වීමෙන් ඇති වෙන සහනය ඔබට දැනේවි.
03. පාස්ලි සහ කොත්ත
  • පාස්ලි සහ කොත්තමල්ලි කොළ ඔබට පහසුවෙන් සුපිරි වෙළඳසැලකින් ලබා ගන්න පුලුවන්. නමුත්, උත්සාහ කරොත් ඔබට මේ පැළ ඔබේ නිවසේ ගෙවත්තේ හෝ පෝච්චියක වවාගන්නත් පුලුවන්.
  • පාස්ලි සහ කොත්තමල්ලි කොළ වල ඛණිජ ලවණ සහ විටමින් අඩංගුයි. මේ දෙකම මේද දහනයට අතිශයෙන්ම වැදගත් සංඝටක.
  • ඒ වගේම මේ කොළ වර්ග වල ප්‍රතිඔක්සිකාරකත් ඉහළ ලෙස අඩංගු වෙනවා.
04. පිපිඥ්ඥා
  • පිපිඥ්ඥාත් බර අඩු කරන අය අතර ඉතාම ප්‍රසිද්ධ ආහාරයක්. විශාල ප්‍රමාණයේ පිපිඥ්ඥා ගෙඩියක පවා අඩංගු වෙන්නෙ කැලරි 45ක් වගේ අඩු ප්‍රමාණයක්.
  • ඒ වගේම පිපිඥ්ඥා වල ජලය විශාල ප්‍රමාණයක් මෙන්ම තන්තුත් විශාල ප්‍රමාණයක් අඩංගුයි. මේද දහනය වේගවත් කිරීමට ජලය ඉතාම වැදගත්.
  • ‌පිපිඥ්ඥා කියන්නේ ශීත ගුණය සහිත එළවලුවක්. ඒ මගින් මේ පානය ඉතාම රසවත් කරනවා.
05. කෝමාරිකා
  • කෝමාරිකා වලත් ඉතාම සෞම්‍ය ගුණ තියෙනවා. කෝමාරිකා ඉතාම ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක්, ඒ මගින් පිළිකා ඇති කරන නිදහස් අණු නිර්මාණය කිරීම වළක්වනවා. මේ නිදහස් අණු මගින් ශරීරය ඉදිමීම සහ පුරවා දැමීමත් වළක්වනවා.
  • කෝමාරිකා සහ පිපිඥ්ඥා දෙකම ඉතාම සෞම්‍ය දේවල්. මේ පානයට අපි අඩංගු කරන අනෙක් දේවල් අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටිස් ඇති කරන බවට මතයක් තියෙනවා. පිපිඥ්ඥා සහ කෝමාරිකා මේ තත්වයටත් විසඳුමක්.

මේ පානය සාදාගැනීමට අමුද්‍රව්‍ය භාවිතා කරන ප්‍රමාණයන්

  • මධ්‍යම ප්‍රමාණයේ දෙහි ගෙඩියක්
  • මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩියක්
  • ගා ගත් ඉඟුරු මේස හැන්දක්
  • සුරා ගත් කෝමාරිකා මේස හැන්දක්
  • පාර්ස්ලි හා කොත්තමල්ලි කොළ මිටක්
  • වතුර විදුරු භාගයක්
සාදාගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩර් කිරීමෙන් පානය සදාගත හැකියි. මෙයින් වීදුරුවක් නින්දට පෙර පානය කරන්න. පසුදින විනාඩි 30ක් අමතක නොකරම ව්‍යායාම කිරීමෙන් ඔබට ඉක්මනින් උදරය අඩු කරගන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here