හිපොක්‍රටීස් තමයි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ. ඔහුගේ ප්‍රකට කියමනක් තියනවා. “මිනිසාගේ හොඳම ඔසුව ඇවිදීමයි” කියලා. ඇවිදීම ඖෂධයක් ද? මොකද මේ හැමෝම ඇවිදින එක හොඳයි කියල කියන්නෙ? ඔක්කෝටම වඩා ඇයි මේ ගොඩක් දෙනා උදේට ඇවිදින්නෙ?

ඉතින් අපි මේ උත්සහා කරන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට ඔයාට උත්තරයක් දෙන්න. දිනපතා ඇවිදීම මගින් ශරීරයට ලැබෙන ප්‍රථිලාභ 10කුයි මේ.

සමබල ආහාර වේලක් ලබාගැනීමෙන්, හොඳ නින්දක් ලබා ගැනීමෙන් සහ දිනපතා විනාඩි 10-15ක් පමණ ඇවිදීමෙන් ඔබේ ශරීරයට විශ්මිත වෙනස්කමක් ලබා ගන්න පුලුවන්. 

01. මොළයේ යහපත් වෙනසක්

දිනපතා ඇවිදීම සහ සරල කාඩියෝ ව්‍යායාම  මගින් ඩිමෙන්ෂියා සහ අල්සයිමර් රෝගය ඇතිවීමේ අවදානම් තත්වයන් වලින් ඈත් විය හැකි බව මෑත කාලීන පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ රෝග දෙකම මතකය නැතිවීම සම්බන්ධ සහ බුද්ධි හීනතාවය සම්බන්ධ රෝග වර්ග. ඒ වගේම ඇවිදීමෙන් මානසික සෞඛය සැළකිය යුතු මට්ටමෙන් යහපත් වෙනවා. ඒ වගේම මානසික පීඩනය මගහැරී ධනාත්මක මෙන්ම ප්‍රීතිමත් සිතුවිලි ඇති වෙනවා. 

02. පෙනීම දියුණු කරනවා

ඇස් පෙනීම ඇවිදීම එක්ක තියෙන්න පුලුවන් ඉතාම දුරස්ථ සම්බන්ධයක් වගේ පෙණුනත්, ඇවිදීමෙන් ඇසේ සහ දෘෂ්ටියේ යහපැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඇසේ පීඩනය අඩු කිරීම මගින් ග්ලූකෝමියා රෝගි තත්වයට එරෙහිවත් සටන් කරනවා. 

03. හදවත් රෝග වලට තිත

මේක නම් ටිකක් ප්‍රසිද්ධ කාරණාවක්. දිවීම වගේම, හෝ ඊටත් වැඩියෙන් හදවත් රෝග ඇතිවීමේ සහ හෘද්‍යාබාධ වැළකීමේ හැකියාව ඇවිදීමට තිබෙන බව, ඇමරිකානු හෘද සංගමය ප්‍රකාශ කරනවා. මෙය සිදුවන්නේ ඇවිදීම හරහා කොලොස්ටරෝල් මට්ටම පාලනය වීම සහ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින්. 

04. හොඳ පෙණහල්ලක්

හොඳ හදවතක් විතරක් නෙවෙයි ඉඩ තියන පෙණහල්ලකුත් ඕන නිරෝගි ජීවිතයට. ඇවිදීම කියන්නෙ සවායු ව්‍යායාමයක්, මේ මගින් ඔබේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය වැඩිවෙලා ඔබේ පෙණහල්ල නිසි ලෙස ක්‍රියාකාරී කරවනවා. එමෙන්ම රුධිරයෙන් විෂ සහිත දෑ සහ අපද්‍රව්‍ය ඉවත් වෙනවා. 

05. දියවැඩියා අවදානම අඩු කරනවා

දිනපතා ව්‍යායාම වලට දුවන සහ ඇවිදින කණ්ඩායම දෙකක් සමඟ මාස 6ක් පමණ කළ පර්‍යේෂණයකින් හෙළි වුණා දිනපතා දුවන අයට වඩා දිනපතා ඇවිදින අය අතර දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉතාම අඩු බව. 

06. ආහාර ජීර්ණය නිසි පරිදි සිදු වීම

දිනපතා කෙටි වේලාවක් ඇවිදීම මගින් මහා බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇවිදීමේ අවදානම අඩු වෙනවා. එමෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම තුළින් මල බද්ධය වැනි රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකියි.

07. මාංශ පේශී ශක්තිමත් වීම

දිනකට පියවර 10,000 පමණ ඇවිද යාම (විශේෂයෙන් කෙටි විවේකයන් ගනිමින් හෝ කන්දක් ඉහලට ගමන් කිරීම) තුළින් සම්පූර්ණයෙන් ජිම් එකක ව්‍යායාම කිරීමට සමාන ශාරීරික සුවතාවයක් ඔබට ලබා දෙනවා. මෙමගින් අධිබර පුද්ගලයන්ට බර පාලනය කරගත හැකි වනවා සේම මාංශපේශී හොඳින් ශක්තිමත් නිසි හැඩයට පැමිණෙනවා. එමෙන්ම ඇවිදීමේ ව්‍යායාම වලින් පසු දින ඔබට සිරුරේ අපහසුතා ඇති නොවන බැවින් පසුදින ව්‍යායාම නොකිරීමෙන් ඇතිවන මානසික පසුබෑමට ඔබව ලක්වන්නේ නැහැ. 

08. ශක්තිමත් අස්ථි සහ සන්ධි

ඇවිදීමෙන් සන්ධිවල චලනය ඇතිවෙනවා. එමගින් සන්ධි ඉක්මනින් ගෙවී යාම මෙන්ම අස්ථි ස්කන්ධය හීන වීම ද අවම වෙනවා. ආතරයිටීස් පදනම පවසන්නේ දිනපතා සාමාන්‍ය ආකාරයෙන් විනාඩි තිහක් පමණ ඇවිදීමෙන් සන්ධි හා අස්ථිවල ඇතිවන වේදනාවන් මෙන්ම දැවිල්ල අඩු කරගත හැකි බවයි.    

09. කොන්දේ වේදනාවලට සහනය

සාමාන්‍ය ව්‍යායාම වලින් කොන්දේ වේදනා තත්වයන් ඇති වන අයට ඇවිදීම ඉතාමත් හොඳ ව්‍යායාමයකි. මෙ මගින් කොන්දේ හෝ වෙනත් තැනක වේදනාව ඇති නොවන අතර, රුධිර සංසරණය නිසි ලෙස සිදුවීම මගින් කොදු නාරටිය හරහා ලේ ගමනාගමනය ‍යථා තත්වයට පත් වීමෙන් කොන්දේ වෙනත් අපහසුතාවයන් වලට ද සහනයක් ගෙන දෙනවා.

10. මනස නිරවුල් සහ සැහැල්ලු කරයි

ඔබට සාමාන්‍යෙන් මානසට වද දෙන ප්‍රශ්නයක් තිබෙන විට ඔබ කරන්න හිතන දේවල් වලින් එකක් තමයි ඇවිදීම. ඒකෙන්ම තේරෙනවා ඇවිදීම මනසට සහනයක් ගෙන එනවා කියලා.

හිතවත් අය හෝ පවුලේ අය එක්ක දිනපතාම ඇවිදින්න ලැබෙනවා නම් මානසික ආතතිය වගේම වෙනත් මානසික රෝග රාශියකින් ඈත් වෙලා ජීවිත් වීමට හැකියාව ලැබෙනවා.

ඔබට මේ ගැන අත්දැකීමක් තියෙනවද? අපිත් එක්ක ඔබේ අත්දැකීම බෙදාගන්න, කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන සඳහන් කරන්න. ඔබේ හිත මිතුරන් සහ පවුලේ අයගේ අතරත් මේ තොරතුරු බෙදා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here