පිරිමින් කාන්තවන් පිළිබඳ කැමති වෙන දේවල් එකිනෙකට ඉතාම වෙනස්. සමහර පිරිලි අය හැඩ ශරීරයක් තියෙන කෙට්ටු කාන්තාවන්ට කැමති අතර තවත් අය කැමති මහත අයටයි. තවත් සමහර අය සහ්‍රීරයේ හැඩය ගැන උඅනන්දුවක් ඇත්තේම නෑ. කාලයක් තිස්සේ කරපු පර්‍යේෂණ ගණනාවකින් පිරිමින් අවිඥානිකවම ගැන ආශක්ත වෙන දේවල් රාශියක් ගැන හෙළිදරව් වෙලා තියෙනවා.

අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ විදියට කාන්තාවන්ට පිරිමින්ව ආකර්ෂණය වෙන අමුතු ලක්ෂණ කිහිපයක් ගැනයි. කාන්තාවන්ගේ ජීවිතය කියන්නේ පිරිමින්ව ආකර්ෂණය කරගැනීම මූලික කරගත්ත එකක්විය යුතු නැහැ. නමුත් විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය වීම කියන එක සෑම කෙනෙක්ගේම ජීවිතයේ කිසියම් තීරණාත්මක වෙනස්කම් ඇති කරනවා කියන එක තමයි ඇත්ත.

01. කතා කරන විදිය

මුල්කාලීනව විද්‍යාඥයින් සොයා ගත්තා පිරිමින් වැඩිපුර ආකර්ෂණය වෙන්නේ ඉතාමත් ස්ත්‍රීමය කටහඬක් තිබෙන කාන්තාවන් වෙත කියලා. මේකට ඉතාම හොඳම උදාහරණය ලෙස ඔවුන් දක්වන්නේ, මර්ලින් මොන්‍රෝව. කිම් කාර්ඩිෂියන්ගේ වැනි කටහඬවල් ඔවුන්ට ආකර්ශනීය බවිනිතාම අඩුයි කියලා ඔවුන් කියනවා.

මේකට හේතුව කාන්තාවන්ගේ ස්ත්‍රීමය කටහඬ තාරුණ්‍යය සංකේතවත් කිරීම බවයි විද්‍ය්ඥයන්ගේ අදහස වුණේ. සාමන්‍යෙන් පුරුෂ කටහඬකට සමාන කටහඬක් තිබෙන්නේ වැඩිහිටි කාන්තාවන්ටයි.

ඒවගේම පිරිමින් තමන් කතා කරන විදියට, එනම් එම රිද්මය, එම වචන සහ වාක්‍ය රටා වලට සමාන රටා තිබෙන කාන්තාවන් වෙත වැඩිපු ආකර්ශනය වෙන බවත් සොයා ගැණුනා.

02. උස

පිරිමින් සාමාන්‍යෙන් කැමති තමන්ට වඩා උසින් අඩු කාන්තාවන්ටයි. ස්සමානයෙන් මෙය තමන්ට වඩා අඟල් 6ක් හෝ 7ක් වැනි ප්‍රමාණයකින් කොට වීම බව කියන්වා.

නමුත්, හැම පිරිමියෙක්ම ඉතා උසට ඉන්නේ නැහැ, එවැනි අය තාමාගේ උසට සමාන උසක් සහිත කාන්තාවන් සොයන බව කියනවා.

03. වයස

සාමාන්‍යෙන් අපි දකින් බහුල දේ තමයි පිරිමියාට වඩා අඩු වයසකින් යුත් කාන්තාවක් සහිත යුවල. නමුත්, මෙය සෑම විටම පොදු නැහැ, තමාට වඩා වයසින් වැඩි කාන්තාවන් සමඟ සිටින පිරිමිනුත් දුලභ නැහැ.

වයස 20-30 ත් අතර පිරිමින් සාමාන්‍යෙන් වයස 24-26ත් අතර කාන්තාවන් ලිංගිකසහකරුවන් ලෙස තෝරාගන්නා බව විද්‍යාඥයන් කියනවා. මේකට හේතුව එම වයසේ කාන්තාවන්ට දරුවන් සෑදීමට හැකි ඇති හැකියාව වැඩි වීම බවයි ඔවුන් කියන්නේ. නමුත් මෙහිදී කාන්තාව හෝ පිරිමියා දරුවන් සෑදීම ගැන හිතන්නේවත් නැති වෙන්න පුලුවන්. මේක පරිණාමියව ඇති වෙන එකක්.

ඒ වගේම වයස 30ට වැඩි පිරිමින් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් තෝරා ගැනීමේ සම්භාවිතාවය වැඩි කියලයි කියන්නේ. මෙහිදී පරිණාමීය අවශ්‍යතා ඉක්මවා මානසික අවශ්‍යතා සහ පෞද්ගලික අත්දැකීම ආදී දේ ඉදිරියට පැමිණෙන බව කියනවා.

04. ඇසේ වර්ණය

අපේ වගේ රටකදී නම් මේක ඒ තරම් ලොකු බලපෑමක් ඇති කරන්නේ නෑ. නමුත් ඇස්වල වර්ණය ඉතා වෙනස් වෙන මිනිසුන් ඉන්න රටවල නම් මෙය විශාල බලපෑමක් ඇති කරනවා.

එහිදීපිරිමින් තමන්ගේඇහේ වර්ණයට සමාන වර්ණයක් සහිතා කාන්තාවන් තෝරා ගැනීම සුලභ බව පර්යේෂණ කණ්ඩායමක්මගින් සොයා ගනු ලැබුවා.

05. මේකප්

2014දී කරන ලද පර්‍යේෂණයකින් හෙළි වුණා පිරිමින් වඩාත් කැමති අඩුවෙන් මේකප් පළදින කාන්තාවන්ට කියලා. නමුත් පුදුමය තමයි කාන්තාවනුත් අඩුවෙන් මේකප් පළදින්න කැමති වුණත් ඔවුන් පිරිමින් වැඩිපුර මේකප් වලට කැමති වේ යැයි සිතීම.

06. උකුලේ සහ ඉණේ ප්‍රමාණය

දකුණු කැරොලිනාවේ බෙෆොර්ට් විශ්විද්‍යාලයේ මනෝ වෛද්‍යවරයෙකු වන කේරි ෆිස්ගැරල්ඩ් සහ කණ්ඩායම විසින් මෙහෙයවන ලද පර්‍යේෂණයකින් හෙළි වෙලා තියෙනවා ඉණේ සහ උකුලේ ප්‍රමාණය අතර අනුපාතය වඩා පැහැදිලිව තිබෙන කන්තාවන්ව පිරිමින්ට හොඳින් මතක තිබෙන බවත්, එවැනි කාන්තාවන් ඉතාම ආකර්ශණීය ලෙස පිරිමින් සිතන බවත්.

ඉතාම ආකර්ෂණීයම ඉණ සහ උකුල අතර අනුපාතය වන්නේ 0.7ක් බව කියනවා. මෙය්ට ගණනය කිරීම ඉතාම පහසුයි, ඉණේ සහ උකෙලේ වට ප්‍රමාණය මැනලා ඉණේ අගය උකුලේ අගයෙන් බෙදුවාම අනුපාතය ලැබෙනවා.

07. ඇසේ කළු ඉංගිරියාව වටා ඇති රේඛාව

මේක තරමක් පුදුම සහගත එකක්. මේ කියන්නේ ඇසේ බබා වටා ඇති කළු පැහැති රේඛාව ගැනයි. මේ රේඛාව පළලින් වැඩි වෙන තරමට කානතාවන්ට පිරිමින් ආකර්ෂණය වෙන බව සොයාගෙන තිබෙන්වා. තරුණ කාන්තාවන්ගේ මේ ‍රේඛාව පළලින් වැඩිවෙන් අතර මේ රේඛාවේ පළල වැඩි වයසින් වැඩි කාන්තාවන් වෙත පවා පිරිමින් වැඩිපුර ආකර්ෂණය වෙන බවයි කියන්නේ.

08. කොණ්ඩයේ වර්ණය

මෙ කතාවත් ලංකාවේ කාන්තාවන්ට ඒ තරම් විශේෂ වැදගත්කමක් නැති එකක්. නමුත් අපේ කාන්තාවනුත් එක එක වර්ණ වලින් තමන්ගේ කොණඩය වර්ණ ගන්වන නිසා මේක ගැන අවධානය යොමු කළ හැකි වෙනවා.

විශේෂයෙන් කොණ්ඩය රත්තරන් පාට සහ දුඹුරු පාට කාන්තාවන් වැඩිපුර පිරිමින්ට ආකර්ෂණය වෙන බව කියනවා. නමුත් රතු පාට කොණඩ සහිත කාන්තාවන් වෙත ඇති වෙන ආකර්ෂණය අඩු බව ප්‍රංශ පර්‍යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගැනුනා.

විද්‍යාඥයන් කියන්නේ මේකට හේතුව කොණ්ඩයේ වර්ණයටත් වඩා සමේ වර්ණය බවයි. රතු කොණ්ඩය සහිත කාන්තාවන්ගේ සමේ වර්ණය තමයි අවම වශයෙන් ආකර්ෂණීය බවක් ගත්තේ.

09. කකුල් වල දිග

ලෙයොන් සෙල්ට්සර් කියන සායනික මනෝ වෛද්‍යවරයා විසින් කරන ලද පර්‍යේෂණයකින් හෙළි වුණා දිගු දෙපා සහිත කාන්තාවන්ට පිරිමින් වැඩියෙන් ආකර්ෂණය වෙන බව. නමුත් කොට කාන්තාවන්ට කැමති පිරිමි සම්බන්ධයෙනුත් මෙය වෙනසක් වුණේ නැහැ. ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව දෙපා වල දිගු වැඩි වෙන තරමට කාන්තාවන් ආකර්ෂණීය බව පිරිමින් සිතනවා.

10. නිතඹේ සහ ඉණේ හැඩය

මෙයත් පරිණාමය සමඟ පිරිමින්ට ඇති වුණ අවශ්‍යතාවයක්. කාන්තාවන්ගේ පිට සහ උකුල අතර අංශක 45.5ක පමණ කෝණයක් ඇති වීම පිරිමින්ට ඉතාමත් ආකර්ෂණීය බව සොයාගෙන තිබෙනවා. මේ ප්‍රමාණය ඇති වීමට නම් කාන්තාවන්ට ඉතා පුළුල් නිතඹක් හිමි විය යුතුයි.

නමුත් ඔබ මේ දේවල් කියවලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද ගොඩක් වෙලාවට ආකර්ෂණයත් සැබෑ ආදරයත් අතර ලොකු පරතරයක් තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here