දෙතොල් කියන්නේ කාන්තාවකගේ නම් මුහුණේ දෙවනියට වැඩියෙන්ම ආකර්ශණීය ස්ථානය. පළවෙනි එක ඇස්. නමුත් සමහර කාන්තාවන්ගේ දෙතොල් ඔවුන්ගේ ඇස් වලට කලින් පුද්ගලයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට සමත්. ලෝකයම ජයගත් ලාංකික නිළියක් වෙන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ගේ දෙතොල් මේකට හොඳ උදාහරණයක්.

‌මිනිස්සුන්ගේ තොල් වල මෙලනින් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා සමට සිදුවන හානියට වඩා හානියක් බාහිර සාධක මගින් දෙතොල් මත ඇති කරනවා. ඒ වගේම දේශගුණය, කාළගුණය, පරිසර දූෂණය, වැරදි පුරුදු ආදී හේතු විශාල ප්‍රමාණයක් ඔබේ දෙතොල් වල පැහැය අඳුරු කරවීමට, වියැළීමට වගේම පැලීමට හේතු වෙනවා.  අප අද ඔබ වෙත ගෙන එන්නේ එවැනි දෙතොලක් නැවත සුන්දර කරගන්න ඔබට කළ හැකි සත්කාර කිහිපයක් සහ ගත හැකි අමතර පියවර කිහිපයක් ගැනයි.

01. Matte ලිප්ස්ටික් භාවිතය නවත්වන්න

සිත් ගන්නා සුළු තද වර්ණයන්ගෙන් යුක්ත නිසා matte ලිප්ස්ටික් භාවිතා කරන්න බොහෝ අය කැමති වගේම, ඒක අලුත් විලාසිතාවකුත් වෙනවා. නමුත් ඔබට ඇත්තේ වියළි සහ පැළුණු දෙතොල් නම් මේවා භාවිතයෙන් වියැලීම වැඩි වෙනවා. ඔබට එය භාවිතා කරන්නම අවශ්‍ය අවස්ථාවක, ලිප්ස්ටික් ආලේප කරන්න කලින් ඔබේ තොල් වල තෙතමනය සුරකින වෙනත් බාම් වර්ගයක් ආලේප කරන්න.

02. lip scrub භාවිතා කරන්න

තොල් මතුපිට මැරුණු සම ඉවත් කිරීම අත්‍යාවශ්‍යයි. නමුත් මේ සඳහා ඔබ යොදා ගන්නා ස්ක්‍රබ්වර්ග රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ඒවා විය උතුයි. හොඳින් අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුව පරීක්ෂා කර මිලදී ගන්න. නමුත්, ඔබට නිවසේදීම ස්ක්‍රබ් එක සාදා ගන්නත් පුලුවන්. පොල්තෙල් හෝ ෂියා තෙල් සමඟ කුඩු කරගත් සීනි ස්වල්පයක් එක් කිරීමෙන් ඔබට ස්ක්‍රබ් එකක් පහසුවෙන් සාදා ගත හැකියි. මෙම ස්ක්‍රබ් එක සුවඳවත් වීමට ඔබට පළතුරු යුෂ හෝ සගන්ධ තෙල් වර්ගයක් අවශ්‍ය නම් භාවිතා කළ හැකියි.

03. දෙතොල් සුවපත් කරන වට්ටෝරුවක්

සුවපත් දෙතොලක් සඳහා පහත වට්ටෝරුවෙන් සාදාගත් මාස්ක් එකක් රාත්‍රියට ඔබේ දෙතොල් මත ආලේප කරන්න

  • කාබනික මී පැණි
  • කොකොවා බටර්
  • ‌ඔලිව් ඔයිල්

මේවා මිශ්‍ර කර සාදාගත් පේස්ට් එකක් නින්දට පෙර ඔබේ දෙතොල් වල ආලේප කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

04. Comedogenicity එක ඉහල තෙල් වර්ග භාවිතා කරන්න

මෙය වැඩි දෙනෙක් දන්නා වචනයක් නොවේ. සමේ සිදුරු වැසීමට තෙල් වලට ඇති හැකියාව මෙම මිනුමෙන් මනිනු ලබනවා. පොල්තෙල් Comedogenicity එක ඉහල තෙල් වර්ගයක්. එය සමේ සිදුරු වසා දමන නිසා මුහුණට ආලේප කරන්න සුදුසු නැහැ. නමුත් එක ඔබේ සමට සහ තොල් වලට ඉතාම හොඳයි.

05. සිරුර අභ්‍යන්තර සහ පිටත තෙතමනය ආරක්ෂා කරගන්න

සමේ තත්වය යහපත්ව පවත්වාගෙන යාමට නම් ජලය අවශ්‍ය පරිදි පානය කරමින් සිරුරේ අභ්‍යන්තර තෙතමනය පවත්වාගෙන යා යුතුයි. බාහිර තෙතමනය ආරක්ෂා කිරීම සඳහා ඔබට මොයිස්චරයිසින් බාම් එකක් තොල් වලටත් භාවිතා කළ හැකියි.

06. ආර්ද්‍රතාකාරකයක් භාවිතා කරන්න

ඔබේ නිවසේ හෝ කාර්‍යාලයේ වාතාශ්‍රයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය අඩු වීමත් වියැළීමට බලපානවා. මේ සඳහා ඔබට නිවසේ තැනින් තැන ජල බඳුන් තැබීම, ස්නානය කරන විට නාන කමරයේ දොර හැර තැබීම, නිවසේ අභ්‍යන්තරයේ වවන පැළෑටි භාවිතා කිරීම ආදිය කරන්න පුලුවන්.

07. පිපිඥ්ඥා සත්කාරය

ඇස් වල ඇති වියළි බව හා වෙහෙසකර බව ඉවත් කරන්න සාමාන්‍යෙන් පිපිඥ්ඥා පෙති භාවිතා කරනවා. ඔබට මෙයම ඔබේ තොල් වලටත් කරන්න පුලුවන්.

08. සෙරමයිඩ් අඩංගු ලිප් බාම් එකක් භාවිතා කරන්න

සාමාන්‍යෙන් අපේ තොල් වල බාහිරින් ආරක්ෂිත පෘෂ්ටයක් තියෙනවා. නමුත් මෙය පහසුවෙන් විනාශ වී යනවා. එයට අප ගන්නා ආහාර, බෙහෙත් වර්ග, පරිසරය ආදිය හේතු වෙනවා. මෙම ආරක්ෂිත මතුපිට නැවත ඇති කිරීමට සෙරමයිඩ් වලට පුලුවන්.

09. ආම්ලිකතාවය වැඩි ආහාර වර්ග සහ කුළු බඩු භාවිතයෙන් ඈත් වෙන්න

ආම්ලික ගතිය සහ සැර වැඩි ආහාර වලිනුත් ඔබේ දෙතොල් වල බාහිර ආරක්ෂක පටලය බිඳී, තොල් හානියට නිරාවරණය වෙනවා. ඔබේ දෙතොල් වියළි සහ පැළීතිබෙනවා නම් මේ ආකාරයේ ආහාර වලින් හැකිතාක් ඈත් වෙන්න.

10. සන්ස්ක්‍රීන් භාවිතා කරන්න

ඉර එළියෙන් ඔබේ දෙතොල් වියළවනවා.එමෙන්ම ඉහත සඳහන් කළ පරිදි දෙතොල්වල මෙලනින් නොමැති නිසා ඉර එළියෙන් වෙන හානිය කොහොමත් වැඩියි. මෙය වළක්වාන්න SPF අගය 15ට වැඩි සන්ස්ක්‍රීන් භාවිතා කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here