ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව තවදුරටත් ලොව දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ ද ඉන්දියාවයි.

මේ අතර ඊයේ දිනයේදී ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වුනේ ද ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 1283 ක්.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා මරණ 82,091 ක් වාර්තා වනවා. 

මේ වනවිට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි අනූහත් ලක්ෂ 13, 891 ක්. ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන නව ලක්ෂ 38, 362 ක් වනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here