මේකප් පළදින එක ඉස්සර නම් ටිකක් රහසින් වගේ තමයි හැමෝම කළේ. ඉස්සර මේකප් පළඳින කාන්තාවන් අනවශ්‍ය අවදානයක් ගන්නවා වගේ මතයක් සමාජයේ තිබ්බා. නමුත් දැන් ඒ දේවල් වෙනස් වෙලා. හැමෝම බය නැතුව මේකප් පළඳිනවා. මේකප් වලින් කෙනෙක්ගේ පෞර්ෂය ශක්තිමත් කරන්න පුලුවන්. ඒ වගේම හැමෝටම රූප රාජිණියන්ට වගේ ලස්සන රූපයක් උපතින්ම ලැබෙන්නේ නැති නිසා මේකප් වලින් පුංචි පුංචි අඩුපාඩු මකාගෙන ලස්සන වෙන්න හැමෝටම සමාන අවස්ථාවක් ලබාදෙනවා.

‌නමුත් ලංකාවෙ ගත්තහම ගොඩක් සැලුන් වල මේකප් කරන අය නිකන්ම ඒ ඒ නිශ්පාදන ගල්වන ආකාරය මිස ඒක එක් එක් පුද්ගලයාට ගැලපෙන විදියට කලාත්මක විදියට කරන්න දන්නේ නෑ. ඒ නිසාම මේකප් එකෙන් පස්සෙ සමහරු දිහා බලන්නත් බය හිතෙනවා. නමුත් මේකප් එකක් කරන්න හරියටම ඉගෙනගත්ත අය ඉන්නව, මේකප් ආටිස්ට්ලා. ලංකාවෙත් මේකප් ආටිස්ට්ලා ඉන්නව,ඉතාම දක්ෂ අය. නමුත් මේ අයගේ සේවය බොහෝදුරට එක්කෝ ඉහල මිලකට යටත්ව ලබා දෙනවා නැතිනම් වැඩිදෙනා රූපවාහිනි හා සිනමා ක්ශේත්‍ර වලයි වැඩ කරන්නේ.

මේ ඔබට ගෙන එන ඡායාරූප පෙළ මේකප් ආට්ස්ට්ලා තමන්ගේ හැකියාවෙන් මැජික් එකකින් වගේ කාන්තාවන්ගේ රූපය වෙනස් කරලා තියෙන හැටි පෙන්වනවා. මේකප් කරන්න කලින් සහ පසු චායාරූප දෙකම තියෙන නිසා ඔබට මෙ දෙකේ වෙනස හොඳට බලාගන්න පුලුවන්.

මේවගේ දක්ෂ මේකප් ආටිස්ට්ලා රැජිණිය පාඨක ඔබ අතරත් ඉන්නවනම් අපට කියන්න.

‌#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
‌#23
‌#24
#25
#26

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here