ඔයා දෘෂ්‍ය මායාවල් ගැන අහල තියෙනව? දෘෂ්‍ය මායාවක් කියන්නේ අපේ දෘෂ්ටියේ ස්වාභාවය භාවිතා කරලා ඇත්තටම නැති දේවල් ඇත්ත වගේ පෙන්වන ක්‍රමයක්. මැජික් ශිල්පයේදී මේක ගොඩක් භාවිතා වෙනවා. ඒ වගේම ඔයාලා දැකලා ඇති පාරවල් වල එහෙම ඇඳලා තියෙන ත්‍රිමාණ චිත්‍ර, ඒවගේදිත් පාවිච්චි කරනනේ මේ සිද්ධාන්ත. දෘෂ්‍ය මායාව පාවිච්චි කරන්න පුලුවන් මැජික් වලට, කලාවට විතරක් නෙවෙයි, ඔබේ පෙනුම වඩාත් කැපී පෙන්වන්නත් පාවිච්චි කරන්න පුලුවන්.

විශේෂයෙන් ඔයා ටිකක් මහත කෙනෙක් නම් ඔයාට පුලුවන් ඔයා අඳින ඇඳුම් වලින් ඒක ගොඩක් අඩු කරලා පෙන්වන්න. ඒක ඇහුණාමත් ගොඩක් දෙනෙක්ට සහනයක් දැනෙනවා නේද?

01. අඳුරු පැහැති ඇඳුම් වලින් ඔයාව කෙට්ටු කරලා පෙන්වනවා
© AP/EastNews

ඔයාගේ ශරීරයේ වැඩිපුර මහත තැන් අඳුරු පාට ඇඳුම් වලින් කෙට්ටුවට පෙන්වන්න පුලුවන්. ඒ කියන්නේ සමහරුන්ගේ ඇඟේ ඉනෙන් උඩ කොටස තමයි මහත, තවත් අයගෙ කලව, කකුල් වගේ තැන් තමයි මහත. එතකොට ඔයා ටොප්ස් හරි කලිසම්, ස්කර්ට් වගේ මිලඳී ගන්නකොට මේක ගැන සැලකිළිමත් වෙන්න. උදාහරණයක් විදියට ඔයාගේ ඇඟේ උඩ කොටස මහත නම් කලු පාට ටොප් එකක් අඳින්න, ඒ වගේම අමතක කරන්න එපා, එතකොට ඔයාගෙ පෑන්ට්ස් හෝ ස්කර්ට්ස් ලා පාටින් තෝරාගන්න.

02. දිග අතට ඉරි සහිත ඇඳුම්
© PG/BauerGriffin.com/East News

දිග අතට ඉරි සහිත ඇඳුම් වලින් ඔබව කෙට්ටු වෙලා පේනවා. ඒ වගේම ඉරි ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ඔබේ උසත් වැඩි වෙලා පේනවා. ඒ නිසා ඉරි අතර දුර අඩු සිහින් ඉරි සහිත ඇඳුම් තෝරා ගන්න.

03. හරස් අතට ඉරි තියෙන ඇඳුම් හරියට භාවිතා කරන්න
© MEGA/Mega Agency/East News

හැමෝම කියන්නේ හරස් අතට ඉරි තියෙන ඇඳුම් වලින් ඔබේ මහත වැඩි වෙලා පේනව කියලනේ, නමුත් මේක හරියට පවිච්චි කරලා ඔබට ඔබේ ශරීරයේ සමබරතාවය පවත්වාගෙන යන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔබේ උකුල ශරීරයේ අනිත් තැන් වලට වඩා පුළුල් බවින් අඩුයි නම් උකුල හරියට ඉරි තියෙන ඇඳුමකින් මේ අඩුපාඩුව මකා ගන්න පුලුවන්. ඒ වගේම රවුම්, මහත උණත් හැඩැති සිරුරක් තියෙන කෙනෙකුගේ සිරුරේ හැඩය හරස් ඉරි වලින් කැපී පෙනෙනවා.

04. වෙනස් වර්ණ මගින් සිරුරේ හැඩය මුළුමනින් වෙනස් කර පෙන්වන්න.
© EastNews

වර්ණ අවහිර කිරීම කියන්නේ 1980 පමණ සිට ප්‍රකට ක්‍රමයක්. මේ මගින් කරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ණ භාවිතා කිරීම මගින් ඇඟේ හැඩය මුලුමනින්ම වෙනස් කොට පෙන්වන එකයි. ප්‍රතිවිරුද්ධ වර්ණ එකලඟ යෙදුණාම කැපීපේනවා. එයින් අනෙක් අයගෙ ඇස පහසුවෙන් රවටන්න පුලුවන්.

05. අසමමිතික රේඛා
© AXELLE/BAUER-GRIFFIN/East News

උදරය සඟවන්න උත්සාහ කරන අයට අසමමිතික රේඛා සහ හැඩතල ඉතාමත් උපකාරී වෙනවා. සමමිතික රේඛා සහ හැඩතල සහිත ඇඳුමක් ඇන්දාම ඇඳුමේ රේඛා ඔස්සේ සිරුර පුරාම ඇර යැවෙනවා. එවිට උදරය නෙරා ඒමක් එහෙම හොඳින් පේන්න ගන්නවා. නමුත් අසමමිතික හැඩ සහ රේඛා වලින් මේ බැල්ම මගහැරෙනවා. ඒ වෙනුවට මේ හැඩතල සහ රේඛා බැල්ම සොරා ගනීවි.

06. ශරීරයේ ඉහල හෝ පහළ ඇති තිරස් රේඛාව
© Invision/Invision/East News

ඔබේ ඇඳුමේ ඉහළ හෝ පහළ ඇති තිරස් පුළුල් රේඛාවකින් ඔබේ උස වැඩි කරලා පෙන්වනවා. විශේෂයෙන් උරහිසේ ඉහළ මල් හෝ වෙනත් රටාවන් තිබෙන ටොප්ස් හෝ ඉහල හෝ පහල පුලුල් කැපී පෙනෙන වර්ණ වල වාටි සහිත ඇඳුම් වලින් මේ ට්‍රික් එක කරන්න පුලුවන්.

07. High waist ඇඳුම් වලින් නිතරම ඔබව උසට පෙන්වනවා.
© silviabraz

ඔබේ සිරුර ඉනෙන් තමයි සාමාන්‍යෙන් වෙන් කර පෙන්වන්නේ. ඉණ ඉහලට අඳින ස්කර්ට්ස් හෝ පෑන්ට්ස් මගින් ඔබේ කකුල් උසින් වැඩි කර පෙන්වන්න පුලුවන්. තවත් මේක හොඳට කැපී පෙනෙන්න නාභිය හරහා පුලුල් බෙල්ට් එකක් පළදින්න.

08. V හැඩැති කර සහිත ඇඳුම්
© Birdie Thompson/AdMedia/SIPA/Sipa Press Russia/East News

V කර සහිත ඇඳුම් වලිනුත් ඔබේ සිරුරේ හැඩය ඇත්ත ප්‍රමාණයට වඩා දිගු කර පෙන්වනවා. උඩුකය තරමක් විශාල කාන්තාවන්ට මේ මගින් තමන්ගේ සිරුරේ සමබරතාවය පෙන්වන්න පුලුවන්. මෙය ගැඹුරු කැපුමක් සහිත කරක් වීම අත්‍යාවශ්‍ය නෑ. V කරෙන් ඔබේ උඩුකය දිගින් වැඩි කර පෙන්වනවා.

09. ලොකු සහ කුඩා ප්‍රින්ට් මෝස්තර
© JEAN-BAPTISTE LACROIX/AFP/East News

‌ඇඳුමක ඇති ඕනෑම ආකාරයේ මල්, ඩොට්ස් වැනි ප්‍රින්ට් එකකින් ඔබේ සිරුරේ හැඩය මනාව සමබර කරගතහැකියි. ඔයාට වඩත් විශාල කර පෙන්වීමට අවශ්‍ය තැන් වලට තරමක් ලොකු ප්‍රින්ට් සහ කුඩාවට පෙන්වීමට අවශ්‍ය තැන් වලට කුඩා ප්‍රින්ට් භාවිතා කරන්න.

10. ඉණ ඉස්මතු කර පෙන්වීමට වෙනස් වර්ණ සහ රේඛා භාවිතා කරන්න
© NYPRF/starmaxinc.com/East News

ඔබේ ඉණේ ප්‍රමාණය කුමක් උණත් ඉණ කැපී පෙන්වීමෙන් ශරීරයට ලස්සනක් එනවා. ඉණ ප්‍රදේශය සිහින් නොවුනත් දීප්තිමත් වර්ණ සහිත පුලුල් බෙල්ට් එකක් පැළඳීමෙන් හෝ ඉණේ හර්ස් ඉරි සහිත ඇඳුම් ඇඳීමෙන් ඔබේ ඉණ සිහින්ව පෙන්වනවා.

11. උඩුකය ප්‍රමාණයෙන් කුඩා නම්
© EastNews

අපි කලිනුත් කිව්ව වගේ සමහර දෙනාගේ උඩුකය ලොකුයි සමහර අයගේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඔබේ දෙපා, කලව, නිතඹ සහ උකුල ප්‍රමාණයෙන් විශාල නම්, ඒ වගේම ඔබේ උඩුකය ඊට සාපේක්ෂව කුඩා නම් දිග ටොප්ස් අඳින්න.

12. ඔබේ සිරුරේ ඔබ වඩාත් කැමති තැන් හයිලයිට් කර පෙන්වන්න
© PacificCoastNews/EAST NEWS

හැමෝටම තියෙනවා තමන්ගේ ඇඟේ තමන් කැමති සහ අකමැති තැන්. ෆැෂන් කරනකොට ඔයා අකමැති තැන් හංගලා විතරක් මදි ඔයාගෙ ලස්සන පෙන්වන්නත් ඕන. ඔයාට ලස්සන උඩුකයක්, නිතඹක් තියෙනවා නම් ඒ තැන් කැපී පෙනෙන විදියට අඳින්න. ඒකෙන් අවධානය ඔයා අකමැති තැන් වලට යන් එක වැළැකේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here