අපි සෑම විටම දිගු හා පෝශ්‍යදායී කෙස් කළබක් ලබා ගැනීමට නොයෙකුත්  ක්‍රම හොයනව. කොණ්ඩය යනු ඔබේ මුහුණට ඔබට අවශ්‍ය අකාරයේ පෙනුමක් ලබාදිය හැකි දෙයකි. විද්‍යාවට අනුව දවසකට කොණ්ඩය 0.3 mm සිට 0.5mm අතර ප්‍රමාණයක් වැවෙනවා. එය මසකට 1 cm සිට 1.5cm අතර ප්‍රමාණයක් ද වර්ෂයකට  12cm සිට 15cm  අතර ප්‍රමාණයක් ද වනවා. ශරීරයේ වේගයෙන් වර්ධනය වන පටක වල දෙවන ස්ථානය හිමිවන්නේ හිසකෙස් වලටය. කෙසේ වුවත් අපි සියලුම දෙනා අපේ කොණ්ඩෙ සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් ගැටලුවලට මුහුණ දෙනවා.

ඉතින් අප අද ගෙන එන්නේ ඔබේ කොණ්ඩය  ශක්තිමත් කිරීමට හා වර්ධනය කිරීමට අත්හදා බැලූ පිළියම් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමටයි. පහත දැක්වෙන ක්‍රම අනුගමනය කලාම ඔයාට සැබෑ වෙනසක් අත්දකින්න පුලුවන්.

1. කතුර සමග මිතුරු වෙන්න

ඔයා කොණ්ඩය වවන්න දිවි පරදුවට තියලා උත්සහ කරනකොට, කොණ්ඩයට කතුරක් ලං කරනවා කියන්නේ බියකරු හීනයක් වගේ නේද? හැබැයි ඇත්ත තත්වය නම් මීට වැඩිය හාත්පසින්ම වෙනස්. විශේෂඥයන්ගේ උපදේශය වන්නේ ඔබ කොණ්ඩය වැවීමට උත්සාහ කරනවා නම් ඔබේ කොණ්ඩය සඳහා නිතිපතා කප්පාදුවක් අවශ්‍ය බවයි.

කොණ්ඩයේ අග කැපීමෙන් ඔයාගේ කැඩුණු බිඳුණු හිසකෙස් කෙළවර වල් ඉවත් වීම පමණක් නෙවෙයි ඔබේ හිසකෙස් වල සෞඛ්‍ය පවත්වා ගැනීමට ද සිදුවෙනවා. හිසකෙස් අග පැලීම නතර වීම් මගින් හිසකෙස් වලට වෙන හානිය මුල දක්වා ගමන් නොකරන අතර ඔබේ කොණ්ඩයේ සෞඛ්‍යසම්පන්නභාවය ආරක්ෂා වෙනවා. අමතක කරන්න එපා කොණ්ඩෙ අග කැපීම මගින් හිසකෙස් විලාසිතාවලට ද වඩා පහසුවක් ඇති කරනවා.

2. කිසිවිටෙකත් ඔබේ කන්ඩිශනර් ඉවත් නොකරන්න

මුලින්ම කියන්න ඕනා ඔයාගේ කොණ්ඩය මත conditioner  තබාගත යුතු කාලය ගැන මිත්‍යා මතයක් තියෙනවා. Conditioner කියන්නේ ඔබේ කොණ්ඩයට ක්ෂණික වාසිදායක බලපෑම් ඇති කරන දෙයක්. මීට අමතරව එය අපගේ තෙත් හිසකෙස් වල තුවායක් ඔතා ගැනීමෙන් සිදුවන හානියෙන් අපව ගලවා ගන්නවා. මෙම හානිය towel damage ලෙස හඳුන්වනවා.

Conditioner  විශේෂිත කෙස් වර්ග කිහිපයකට පමණක් යයි සිතන්න එපා.  සියලුම හිසකෙස් වර්ග වල සෞඛ්‍ය පවත්වා ගැනීමට conditioner  උපකාරී වෙනවා. එබැවින් සෑම සේදීමකින් පසුව conditioner  ආලේප කර කොණ්ඩය පහතට කඩා දමන්න.

3. මැජික් අමුද්‍රව්‍යවලින් උදව් ලබාගන්න 

මෙහිදී අදහස් කරන්නේ හිසකෙස් සහ හිස්කබල මත අමුද්‍රව්‍ය කිහිපයක් ආලේප කිරීමයි. උදාහරණයක් වශයෙන් ලූණු සහ සුදු ලූණු යුෂ, gooseberry, sikakai, ඇපල් සයිඩර්,විනාකිරි සහ පොල්කිරි යන ආදිය දක්වන්න පුලුවන්. මේවා මගින් කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබා දී ඒවා වර්ධනය කර වැඩි දියුණු කරනවා.

මේවා මගින් හිසකෙස් වර්ධනය පමණක් නෙවෙයි ඔයාගේ හිස් කබලේ සහ හිසකෙස් වල සමස්ත සෞඛ්‍යයට ම උපකාරී වෙනවා.

ඔබ දැන ගත යුතු විශේෂ කරුණක්

සිසිල් බියර් හොඳින් නටන තුරු රත් කර ගන්න. ඊට පසුව ඔබගේ සාමාන්‍ය ෂැම්පු එයට එකතු කර ඔබේ හිසකෙස් සෝදා හරින්න. බියර් වල තවත් ප්‍රයෝජන තියෙන බව ඔබට වැටහුණා නේද? සතියකට දෙවරක් හෝ තුන් වරක් ඔබේ හිසකෙස් මේ ආකාරයට පහසුවෙන් සෝදා හරින්න.

මෙම බියර් ෂැම්පු මගින් හිසකෙස් වල සියලු ආකාරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම පමණක් නොවෙයි conditioner එකක් ලෙසද ක්‍රියා කරනවා.

4. තෙල් හා හිසකෙස් ආවරණ හරහා සතිපතා පෝෂණය

හිසකෙස් ආවරණයක් හෝ හිසකෙස් වල තෙල් ආලේප කිරීම සතිපතා ආගමික කටයුත්තක් වගේ අනුගමනය කළ යුතු දෙයක්. ඔබට ඔබගේ හිසකෙස් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් මෙය ඉතාම වැදගත් දෙයක්. මෙමඟින් කෙස් වල අත්‍යවශ්‍ය මේදය රඳවා තබා ගැනීමට උපකාරී වනවා වගේම එමගින් හිසකෙස් සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඔබේ හිසකෙස් වල තෙල් ආලේප කිරීම සඳහා ඉඟියක් වන්නේ තෙත් හිසකෙස් සදහා තෙල් ආලේප කිරීමයි. 

සම්භාහන මධ්‍යස්ථානකට ගොස් සම්බානයක් ලබා ගැනීම මගින් ද මෙය සිදු කළ හැකියි. එසේම නිවසේදීම ඔබට මෙය සිදු කර ගත හැකිය. හිසකෙස් ආවරණයක් හදා ගැනීම සඳහා මී පැණි ලෙමන් අලිගැටපේර ඔලිව් තෙල් සහ ලූණු යුෂ වැනි අමුද්‍රව්‍ය යොදා ගත හැකියි.

5. කපු කොට්ට උරයෙන් සිල්ක් කොට්ට උරයට මාරුවන්න 

හිස කෙස් වර්ධනය සඳහා උපකාරීවන ඉතාමත් පහසු වෙනසක් තමයි කපු වෙනුවට සැටින් හෝ සිල්ක් කොට්ට උර වලට මාරු වීම. මෙ මගින් හිසකෙස් වර්ධනය ඉහළ යෑම ඔබටම දැකගත හැකියි. මෙයට හේතුව වන්නේ කපු වලට වඩා සිල්ක් සහ සැටින් රෙදි වල මෘදු බව ඔබේ කොණ්ඩයට වඩාත් හිතකර වීමය.

සිල්ක් හෝ සැටින් රෙදි මගින් ඔබේ හිසකෙස් වලට ඝර්ෂනයක් ඇති නොකරයි. එමනිසා ඔබගේ හිසකෙස් පටලැවීම නිසා හිසකෙස් කැඩී යාම අවම කරයි.

6. සේදීමෙන් පසු කොණ්ඩය වේළා ගන්නා නිවැරදි ආකාරය 

ඔබගේ තුවාය කෙතරම් මෘදු එකක් වුණත් ඔබගේ තෙත හිසකෙස් වලට හානියක් වනවාමයි. කාන්තාවන් තම කොණ්ඩය සේදීමෙන් පසු තුවායකින් ඔතා තැබීම බහුලව දැකිය හැකි වේ. එසේ ඔතා දැමීමෙන් සිදු වන්නේ තුවායේ ඇති තන්තුවල හිසකෙස් පැටලී ඒවාට හානි ඇති කිරීමයි.

ඔබට ඔබගේ කොණ්ඩය දිගින් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඔබ හිස කෙස් වියලන යන්ත්‍ර සහ අනිකුත් කොණ්ඩය වේළා ගැනීමට භාවිතා කරන තාපන මෙවලම් වලින් ඈත් වී සිටින්න. සියලුම ආකාරයේ තාප මෙවලම් වලින් සිදුවන්නේ හිසකෙස්වලට හානියකි.

ඔබ හිසකෙස් වියලනය භාවිතා කළ යුත්තේ ඔබගේ හිසකෙස් 60% කට වඩා ප්‍රමාණයක් ස්වභාවිකව වියලීමට ලක් වීමට පසුවයි. එසේම ඔබ ආරක්ෂණ ආලේපනයක් කෙස් වියළීමට පෙර භාවිතා කරන්න.

7. ඔබගේ හිසකෙස් වලට ද විවේකයක් ලබා දෙන්න 

ඔබගේ කාර්යබහුල දිනයන්හිදී ඔබට නිතර නිවෙසෙන් එළියට යාමට සිදුවේ. එවිට ඔබ කොණ්ඩයට නොයෙකුත් ආලේපන වර්ග යොදනවා. මෙම ආලේපන නිසා අපගේ හිසකෙස් වලට විශාල හානියක් සිදුවෙනවා. ඔබට අවශ්‍ය ඔබගේ කොණ්ඩය ඉක්මනින් වර්ධනය කරගන්න නම් ඉතා තදට කොන්ඩෙ ගැටගසා තැබීමෙන් වලකින්න. 

තවත් විශේෂ දෙයක් වන්නේ අපගේ හිසකෙස් නිතරම microbial විෂබීජ වලට නිරාවරණය වීමට ප්‍රවණතාවක් දක්වයි. මෙම විෂබීජ මගින් ඔබගේ හිසකෙස් වර්ධනයට බාධාවක් ඇති කරයි. කිසිදු බාධාවකින් තොරව ඔබගේ හිසකෙස් වර්ධනය වීමට නම් ඔබ කලින් කලට antimicrobial සත්කාරය ඔබගේ හිසකෙස් වලට ලබාදිය යුතුයි. තවත් වැදගත් කාරණාවක් වන්නේ ඔබ නිවසින් එලියට පැමිණෙන විට ඔබගේ හිස කෙස් ආවරණය කර තබා ගැනීමට සැලකිලිමත් වීමයි. ඔබගේ සමට මෙන්ම ඔබගේ හිසකෙස් වලට ද ඉර එළිය මගින් හානි කරයි. එම නිසා හිස් වැස්මක් හෝ හිසකෙස් සඳහා අව් ආවරණ ආලේපන  භාවිතා කරන්න.

8. ඔබගේ ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් වන්න

විද්‍යාඥයන් පවසන අන්දමට සමහර ආහාර වර්ග මගින් ඔබගේ හිසකෙස් වර්ධනයට උපකාරයක් ලැබෙනවා. මේ සඳහා බයෝටීන් හා විටමින් H බහුල ආහාර වඩාත් සුදුසුය. මේවා මගින් කාබෝහයිඩ්‍රේට් සහ මේද පරිවෘත්තිය ක්‍රියාවලියට උදව් කරනවා. එසේම ඇමයිනෝ අම්ල ද ශරීරයේ ප්‍රෝටීන් මට්ටම ඉහළ නැංවීමට උපකාරීවනවා. 

බයෝටීන් බහුල ආහාර වන්නේ කිරි, චීස්  බිත්තර, සියලු වර්ග වල ඇට වර්ග, ඌරු මස් පීකුදු, සැමන්, වට්ටක්කා සහ අලිගැටපේර යනාදියයි.

9. කොන්ඩය සේදීමට ඕනෑවට වඩා උනන්දු වන්න එපා 

ඔබගේ කොණ්ඩය අපිරිසිදු වීමට ඉඩ නොදිය යුතු බව සත්‍ය වුණත් නිතර නිතර ඔබේ හිසකෙස් සේදීම එතරම් හොඳ නැත. පිරිසිදු හිසකෙස් මගින් හිසකෙස් වර්ධනය වැඩි වූවත් නිතර සෝදා හැරීම ඒ තරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. හිසකෙස් දිනපතා සෝදා හැරීම මගින් හිස්කෙස් වල ඇති අත්‍යවශ්‍ය ස්වභාවික තෙල් ගතිය නැතිවී යයි. 

හිසකෙස් සේදීමේදී මෘදුව හා පහසුවෙන් සම්බාහනය කර ඔබේ හිසකෙස් පහලට පීරන්න.

10. ලූණු යුෂ සහ පොල් තෙල් මිශ්‍ර කරන්න 

ලූණු යුෂ වල ඇති කොණ්ඩය වර්ධනය කිරීමට ඇති හැකියාව ඉතා ජනප්‍රියයි. alopecia areata සත්කාරය සඳහා මෙම  ලූනු යුෂ ඉතා ප්‍රයෝජනවත්. මෙ මගින් හිසකෙස් වර්ධන චක්‍රය නියාමන කරන අතර හිසකෙස් වලට පෝෂණය ලබා දෙයි. ලූණු යුශ වලට පොල් තෙල් මිශ්‍ර කිරීම මගින් මේ ප්‍රතිලාභ තව තවත් වැඩි කරයි. 

පොල් තෙල් මගින් හිසකෙස් වල ඇති ස්වභාවික තෙල් ගතිය රඳවා ගැනීමට උපකාරී වන අතර එමගින් වියළි බව වළක්වාලයි. පොල්තෙල් වල විටමින් C සහ ලෝරික් අම්ලය ඉතා විශාල වශයෙන් ඇත. ඔබට පොපොල්තෙල් සොයාගත නොහැකි නම් ආමන්ඩ් හෝ අබ තෙල් ද භාවිතා කළ හැකිය.

11. ඉවසිලිමත් වන්න 

හිසකෙස් වර්ධනය එක රැයකින් සිදු වන්නේ නැත. නමුත් මෙය පිළිබඳව කනස්සලු වීම මගින් ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබිය හැකියි. සාමාන්‍යයෙන් හිසකෙස් වර්ධනය වන්නේ මසකට අඟල් කාලක් හෝ බාගයකි.

ඔබ ඉහත කී සියලුම සත්කාරයන් යොදා ගත්තත් එය අගලකට වැඩිය වැඩි නොවේ. එම නිසා ඉවසිලිවන්ත භාවය ඉතා වැදගත් වේ. හිසකෙස් වලට කරන සත්කාරය නවතා ලීමෙන් වළකින්න. අවසානයේදී ඔබට ඔබ සිහින දකින ඉතා සෞඛ්‍යයමත් කෙස් කළඹක් ලබා ගැනීමට හැකිවේ. 

සෞඛ්‍යසම්පන්න දිගු දිදුලන කෙස් කලබක් ලබා ගැනීම හැම කෙනකුගේම ආශාවකි. එසේම එය ඉතාමත් අමාරු කාර්යයකි. අපි හිතනවා ඉහත ලබාදුන් උපදෙස්  ඔබ බලාපොරොත්තුවන ආකාරයේ කෙස් කලබක් ලබා ගැනීමට උපකාරීවුණා කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here