වාසනාව කියලා කියන්නේ කලින් දැනුම් දීල එන දෙයක් නෙවෙයි.  පරණ බඩු ගොඩක් අස්කරනකොට, ගේ පිටිපස්ස සුද්ද කරනකොට, පරණ බඩු කඩේකින් බඩුවක් ගන්නකොට වගේ වෙලාවල් වල නොසිතූ විදියට ඉතාම වාසනාවන්ත දේවල් සොයා ගන්න සමහර අයට පුළුවන් වෙනවා. වාසනාවට තියෙන්නේ අපි හීනෙකින්වත් හිතන්නේ නැති මුහුණුවරක් වෙන්න පුළුවන්.

අපි අද කියන්න යන්නේ ඒ වගේ පුදුමාකාර විදිහට වාසනාව මුණගැහුනු පුද්ගලයන් කීපදෙනෙක් ගැන.

1. කාසි පිරුණු බිත්තියක්
© pxhere© pxhere

පෙන්සිල්වේනියාවේ වින්බර් කියන ගමේ අවුරුදු විස්සක් විතර කවුරුත් පදිංචි වෙලා හිටපු නැති පරණ අත ඇරලා දාපු ගෙදරක් තිබුණා.  මේ ගෙදරට කලාතුරකින් හරි ආව ගිය එකම අමුත්තො තමයි සෙල්ලම් කරන්න මේ තැනට ආපු ගමේ ළමයි. එක දවසක් මේ ළමයි සෙල්ලම් කර කර ඉද්දි මේ නිවසේ තිබිලා පරණ කාසි වගයක් ඒ ගොල්ලන්ට හම්බ වුනා. ඒ ගොල්ලෝ මේ ගැන තමන්ගෙ දෙමව්පියන්ට කිව්වා. කාසි වැටිල තියෙන තැන අනුව බලලා දෙමව්පියෝ ඊට ආසන්නයේ තිබුණු බිත්තිය කඩල බලන්න තීරණය කළා.

ගණනය කිරීම් වලට අනුව මේ බිත්තියේ තිබිලා ඔවුන්ට $ 8500 ක් වටින සාමාන්‍ය කාසි සහ තවත් ඉපැරණි කාසි කීපයක් හමුවුනාලු. ඒ ඉපැරණි කාසි වර්ෂ 1793-1857 කාලයට අයත් කාසි වූ අතර ඒවා $ 200,000 මුදලකට අලෙවි වුනාලු.

2. රත්තරන් 
© wikimedia© wikimedia

ගොඩක් විදේශිකයන් metal detector නමින් හඳුන්වන පොළොවේ සැඟවී ඇති ලෝහ සොයා ගන්නා උපකරණයක් භාවිතා කරනවා ඔබ දැක ඇති. ඕස්ට්‍රේලියාවේ බැලරැට් නගරයේ ගොවියෙක් මේ ආකාරයෙන් metal detector එකක් අරගෙන තමන්ගේ නිවස අසල ඇති කාන්තාරයේ ඇවිද්දේ විනෝදයට වගේ. ඔහුට තරමක් දුරට යනකොට metal detector එකේ beep සද්දේ ඇහුනා. ඔහු එතැන නතරවෙලා හාරන්න පටන් ගෙන තරමක් දුරට හාරනකොට ඔහුට රත්තරන් කැබැලි කිහිපයක් හමු වී තියෙනවා. ඔහු දිගටම හෑරුවා. ඔවුන් හෑරීම නතර කරනකොට 5.5 kg බර රත්තරන් සොයාගන්න ඔහුට හැකි වුණා. මෙය 

$ 315,000 මිල වුනාලු.

මේ කාන්තාරය පුරා ඉන්පසුව සෝදිසි කිරීම් කළත් කිසිම විශේෂ දෙයක් හොයාගන්න ලැබුණේ නැහැ.

3. රාජකීය අග්නි මාණික්‍යය  
© imgur© pixnio

ඕස්ට්‍රේලියාවෙ තවත් ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක් ලෝකයේ විශාල ම අග්නි මාණික්‍ය (Black opal) සොයා ගන්න සමත් වුණා. තමන්ගේ නම හෙළි කරන්න අකමැති තමන්ව බොබී ලෙස හඳුන්වපු පතල්කරුවෙක් විසින් තමන් ගොඩට ගත්තු සාමාන්‍ය ගල් අතරේ තිබිලා මෙම කළුඅග්නි මාණික්‍ය සොයාගත්තා. නමුත් මෙය සොයාගත් අවස්ථාවේ ඔහු එය මතක සටහනක් ලෙස තබාගැනීමට තීරණය කළා.

මෙය මැණික් පිළිබඳ විශේෂඥයෙක්ට ඔහු පෙන්වූයේ ඊට වසර දාහතරකට පසුවයි. මේ සොයාගෙන තිබෙන්නේ ඉතා දුර්ලභ මෙන්ම ඉතා මිල අධික කළු අග්නි මාණික්‍යයක් බව ඔහු දැන ගත්තේ එවිටයි. මෙම මැණික හඳුන්වන්නේ “the royal one” යන නමින්. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට අනුව මෙම මැණික පළවෙනි වෙළඳ සල්පිලේදීම ඩොලර් මිලියන 3කට අලෙවි වුනාලු. 

4. සල්ලි පිරුණු ලියුම්  කවරය 
© nbc news

 2009  වසරේ cleveland හි බොබ් කීට්ස් නැමැති නිවාස  තනන්නෙකු, ඇමැන්ඩා රීස් නැමැති තම පාසල් මිතුරියගේ නිවස අලුත්වැඩියා කරමින් සිටියා. ඔහු නාන කාමරයේ ටයිල් නැවත පිළිසකර කරමින් සිටින විට ඔහුට යකඩ බෙහෙත් පෙට්ටි දෙකක් හමු වුණා. මේ බෙහෙත් පෙට්ටි තුළ තිබී ඔහුට මුදල් පිරවූ ලියුම් කවර රාශියක් හමු වුණා. මේ ලියුම් කවර සියල්ල P. Dunne News Agency යන නමට යොමු කර තිබූ අතර ඒවා තුළ තිබූ මුළු මුදල $ 182,000 පමණ වුණා. 

මුදල් හොයාගන්න වාසනාවන්ත වුණත් මුදල් බෙදා ගන්න හැකියාවක් නම් මේ අයට තිබුණේ නැහැ. නිවසේ අයිතිකාරිය වන බොබ් කීට්ගේ පාසල් මිතුරිය සහ ඔහු අතර මුදල් බෙදා ගැනීම පිළිබඳ ආරවුලක් ඇති වුණා. ඇමැන්ඩා රීස් 10% ක් ලබා දීමට කැමති වුවත් බොබ් 40% ඉල්ලා සිටියා. පසුව දෙදෙනා මුදල් බෙදා ගැනීම සඳහා නීතියේ පිහිට පැතුවා. මෙය අධිකරණ නඩුවක් බවට පත් වූ පසුව මුදල් මුල්කොට යොමු කොට තිබූ ප්‍රවෘත්ති ඒජන්සිය මේ පිළිබඳව දැන ගත්තා. ඔවුනුත් නඩුවේ කොටස්කරුවන් බවට පත්වුණා. අවසානයේ අධිකරණය තීරණය කළේ මෙය සියලු පාර්ශ්ව අතර සම සමව බෙදී යා යුතු බවයි.

5. නැති වුණු මිටිය

1992 දී බ්‍රිතාන්‍ය ජාතික ගොවියෙක් වන පීටර් වොට්ලින් ගේ මිටිය අතුරුදහන් වුනා. මිටිය සොයා ගැනීම සඳහා metal detector එකක් අයත් ව තිබූ තම මිතුරෙකු වන එරික් ලෝවෙස් ගේ සහාය පැතුවා.

පළවෙනි විනාඩි කිහිපයේම ලෝවෙස් විශාල රිදී කාසි කිහිපයක් සොයා ගත්තා. එම ස්ථානය තවදුරටත් කැණීමෙන් පසුව ඔහුට රත්තරන් ආභරණ තොගයක් හා රත්තරන් කාසි විශාල ප්‍රමාණයක් අඩංගු ලී පෙට්ටියක් හමුවුණා.

පුරාවිද්‍යාඥයන් මෙම  භාණ්ඩ තොගය Hoxne Hoard ලෙස නම් කරනු ලැබුවා. එහි මුල් වටිනාකම ඩොලර් මිලියන පහළොවක් පමණ වුණා. සියළුම පුරාවස්තු බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලබා දෙනු ලැබුවා. පීටර් හට ඩොලර් මිලියන 2.3 ක ත්‍යාග මුදලක් හිමිවුණා.  ඔහු එය සිය මිතුරා සමග බෙදා ගත්තා.  නමුත් පීටර්ට ඔහුගේ මිටිය හමුවූයේ නෑ. 

6. නිදහස් ප්‍රකාශනය
© wikimedia© Art Gallery ErgsArt© wikimedia

පෙන්සිල්වේනියාවේ පුද්ගලයෙක් ඩොලර් 4කට සේල් එකකින් චිත්‍රයක් මිලදී ගත්තා. ඔහු මෙය මිලදී ගත්තේ නිවස අලංකාර කිරීමට එල්ලීම සඳහාය. නමුත් මෙහි රාමුව වෙනස් කිරීමට පැරණි රාමුව ඉවත් කරන විට ඔහුට චිත්‍රයේ පිටුපස තිබී කිසියම් ලිපියක් හමු වුණා. මෙය1776 සකස් කරන ලද නිදහස් ප්‍රකාශන වල මුල්පිටපත් 26න් එකක් බව ඔහු පසුව වටහා ගත්තා. පසුව මෙය සල්පිලක දී ඩොලර් මිලියන 2.4 ක ට අලෙවි වුණා. 

මෙවැනිම සිදුවීමක් නැෂ්විල් ප්‍රදේශයේ මයිකල් ස්පාර්ක් නමැති පුද්ගලයාටත් සිදු වී තියෙනවා.ඔහු සාමාන්‍ය සාප්පුවකින් නිදහස් ප්‍රකාශනයක copy එකක් මිලදී ගත්තේ ඔහු එහි පෙනුමට කැමති වූ නිසයි. ඔහු මේ සඳහා $2.49ක් ගෙව්වා. සෑහෙන කාලෙකට පස්සේ ඔහු තීරණය කළා මෙය විශේෂඥයකුට පෙන්විය යුතුයි කියලා. 

එහිදී සොයාගනු ලැබුවා මෙය වසර 184 ක ට පෙර නිර්මාණය කළ මුල් පිටපත් වලින් එකක් කියලා. මෙය පසුව $ 125,000කට අලෙවි වුණා.

7. බ්‍රිතාන්‍ය වංශාධිපතිවරුන්ගේ රත්තරන්
© wikimedia© wikimedia© wikimedia© publicdomainpictures

ආධුනික පුරාවිද්‍යාඥයකු  වන ටෙරී හර්බට්, ස්ටැෆර්ඩ්ෂයර් ප්‍රදේශයේ සිය මිතුරකු වන ගොවියෙකුගෙන් ඔහුගේ ඉඩම metal detector එකක් ආධාරයෙන් පරීක්ෂාකර බැලීමට අවසර ඉල්ලුවා. ඔහුට අවශ්‍ය වූයේ රත්තරන් කාසි කීපයක් සොයා ගැනීමටයි. පළමු දින ඔවුන් කිලෝ ග්‍රෑම් 4.5 ක් බරැති පුරාවස්තු හාර දහසක් සොයාගත්තා.

 පුරාවිද්‍යාඥයා මේවා හත්වන සියවසේ වංශාධිපතිවරුන්, ආගමික නායකයන්, හමුදා නායකයන් වැනි අයට අයත් ව තිබූ දෙවියන් වෙනුවෙන් පූජා කරන ලද රත්තරන් වන බව වටහාගත්තා. මෙහි තක්සේරු වටිනාකම ඩොලර් මිලියන 5.3 ක් පමණ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here