ඔබ දන්නවා ඇති  F.B.I. නියෝජිතයන් ගේ රැකියාව ඉතාම අපහසු බව. සංඛ්‍යා දත්ත වලට අනුව අයදුම්කරුවන්ගෙන්  5% පමණ ප්‍රතිශතයක් තමයි මෙම රැකියාවට තෝරා ගනු ලබන්නේ. ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සැපයීම මගින් අයදුම්කරුවන් හට නිර්මාණශීලී චින්තනයත් තර්කානුකූල බවත් වර්ධනය කර ගැනීමට ස්වභාවික හැකියාවක් ඇත්ද යන්න පරීක්ෂා කරනු ලබනවා. ඔබටත් එවැනි හැකියාවක් ඇත්ද යන්න මෙම ගැටලුවලට පිළිතුරු ලබා දීමෙන් දැනගත හැකියි.

1. දරුවාගේ මව හඳුනාගන්න

 ඉහත ඡායාරූපයේ කාන්තාවන් දෙදෙනෙක් මුහුණට මුහුණ වාඩිවී සිටි, ඒ අතර කුඩා ළමයෙක් පොළොවේ සෙල්ලම් කරමින් සිටි.

ප්‍රශ්නය 

මෙම කාන්තාවන් දෙදෙනා ගෙන් දරුවාගේ මව කවුද ?

පිළිතුර 

දරුවාගේ මව වන්නේ වම් පස වාඩිවී සිටින කාන්තාවයි. ඇය වාඩි වී සිටින්නේ දරුවා දෙසට තම දෙපා හරවමිනි. දරුවෙකු ආරක්ෂා කර ගැනීමට මවක් තුළ තිබෙනවා ස්වභාවික ආශාවක්. වම් පස කාන්තාව වාඩිවී සිටින ඉරියව්වෙන් පිළිබිඹු වන්නේ ඇය දරුවා කෙරෙහි ආරක්ෂා කාරී ලෙස සිටින බවයි. ඇය මදක් ඉදිරියට නැමී සිටී. දරුවන් සෙල්ලම් කරන විට ඔවුන් අසල තම මව රැඳී සිටී නම් ඇය දෙස ට හැරී සෙල්ලම් කිරීම දරුවන්ගේ ස්වභාවික තත්වයකි.

2. විශ සහිත බෙහෙත් පෙත්ත

එක්තරා අපරාධකරුවකු මිනිසුන් පැහැරගෙන ගොස් ඔවුන්ට රූපයේ දැක්වෙන බෙහෙත් පෙති දෙකෙන් එකක් බීමට බල කරයි. ඔහු පවසන්නේ මින් එක් පෙත්තක විෂ අඩංගු බවත් අනෙක් පෙත්ත විෂ රහිත බවත්ය. තමන් කැමති එක් පෙත්තක් පානය කරන ලෙස ඔහු මෙම පුද්ගලයාට බලකරයි. අනෙක් ඉතිරි බෙහෙත් පෙත්ත ඔහු විසින් පානය කරයි. කෙසේ වුවත් සෑම අවස්ථාවකදීම මිය යන්නේ මිනිමරු පුද්ගලයා නොව පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයාය.

ප්‍රශ්නය 

හැමවිටම මෙම මිනීමරුවා විශ රහිත පෙත්ත පානය කරන්නේ කෙසේද?

පිළිතුර 

මෙම පෙති දෙකම විශ අඩංගු නොවූ ඒවාය. විශ ඇත්තේ පෙත්ත බීමට ගන්නා වතුර වීදුරුවෙහි ය.

3. සිසිල් බීම 

එක් කාන්තාවක් හා පුරුෂයෙක් රාත්‍රී භෝජනයක් සදහා අවන්හලකට පිවිසෙයි. ප්‍රධාන ආහාර වේල ලැබෙන තෙක් මෙම කාන්තාව සිසිල් බීම වීදුරු පහක් ඇනවුම් කරයි. ඇය මෙම වීදුරු පහෙන් හතරක්ම එය ලැබුණු විගස එකවර පානය කරයි. මෙම පිරිමි පුද්ගලයා පානය කරන්නේ එක් සිසිල් බීම වීදුරුවක් පමණි. ටික වෙලාවකට පසු මෙම පුරුෂයා ජීවිතක්ෂයට පත්වෙයි. වෛද්‍යවරු පවසා ඇත්තේ සියලුම සිසිල් බීම වල විෂ අන්තර් ගතවී තිබූ බවයි.

ප්‍රශ්නය 

මෙම පිරිමි පුද්ගලයා පමණක් ජීවිතක්ෂයට පත්වී කාන්තාව ඉතිරිවූයේ කෙසේද?

නැවත වරක් අවධානයෙන් කියවන්න 

පිළිතුර 

විෂ අන්තර්ගත වී තිබුණේ අයිස් කැට වලය. මෙම කාන්තාව එම සිසිල් බීම ලැබූ විගස ම ඉතා ඉක්මනින් ඒවා පානය කරයි. එම නිසා අයිස් කියුබ් දිය වීමට කාලයක් නොවීය. මෙම පිරිමි පුද්ගලයා ඔහුගේ සිසිල් බීම වීදුරුව පානය කළේ ඉතාමත් සෙමිනි. එම නිසා ඔහුගේ සිසිල් බීම වීදුරුවේ අයිස් කැටය දියවී ඔහුගේ බීම එකත් සමඟ මිශ්‍ර වී විෂ ශරීරයට ඇතුළු වී ඇත. 

4. කැසට් රෙකෝඩරය

මෙම සිද්ධිය සිතින් මවාගන්න. පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවේ. ඔහු අතේ පිස්තෝලයකි. එසේම ඔහුට යාබදව කැසට් රෙකෝඩරයක් ද විය. පොලිස් පරීක්ෂකයා කැසට් රෙකෝඩරයේ play බොත්තම ඔබා පණිවිඩයට සවන්දෙයි. පණිවිඩය වූයේ “මට මේ ජීවිතය හොඳටම ඇති වෙලා. මම තීරණය කරනවා මගෙ වේදනාවන් සහ විඳවීම් අවසන් කිරීමට” ඉන්පසු වෙඩි ශබ්දයක් ඇසේ. කෙසේ වුවත් මෙය සියදිවි නසා ගැනීමක් බව පරීක්ෂකයා විශ්වාස නොකරයි.

ප්‍රශ්නය 

පරීක්ෂකයා මෙය සියදිවි නසා ගැනීමක් නොවන බව සිතීමට හේතුව කුමක්ද ?

පිළිතුර 

මෙම පුද්ගලයා සිවිදිවි නසා ගත්තා නම් කැසට් රෙකෝඩරයේ ඇති පටිගත කිරීම එහි මුලට පැමිණියේ කෙසේද?

5. නත්තල් දා අභිරහස

එක්තරා පොලිස් පරීක්ෂකවරයෙක් නත්තල් නිවාඩු දා එනම් දෙසැම්බර් 25 උදයේ රාජකාරි සිටියදී එක්තරා ඇමතුමක් ලැබී ඒ සඳහා පිටත්ව ගියේය. ඔහු ඉදිරිපස සීනුව නාද කළේය. විනාඩියකට පමණ පසුව නිදිබර නිවෙස් හිමියා දොර විවෘත කළේය. පරීක්ෂකවරයා පැවසුවේ “ඔබගේ අසල්වැසියා ඊයෙ, නත්තල් දිනට පෙර දින හවස ඔබේ නිවසට සාදයක් සදහා පැමිණි බවත්, ඔහු ඔබේ නිවසේ රැඳී සිටින අතර තුර දී ඔබ ඔහුගේ නිවෙසට කඩා පැන වටිනා දේවල් සොරකම් කර ගොස් ඇති බව පැවසූවා” යනුවෙනි. ගෙහිමියාගේ පිළිතුර වූයේ “එය සත්‍යයක් නො ව අපි අපේ නත්තල් දින සාදය සමරනු ලැබුවේ මිතුරෙකුගේ නිවසේය. අපිට අපගේ නත්තල් ගස සරසා ගැනීමට කාලයක් ලැබුණේ නෑ” පරීක්ෂකයා ගේ පිළිතුර වූයේ “කණගාටු වෙන්න එපා ඔබගේ අසල්වැසියා බොරුවක් කිවූ බව මට පැහැදිලියි” කියාය.

ප්‍රශ්නය 

පරීක්ෂකවරයා එය දැනගත්තේ කෙසේද?

පිළිතුර 

නත්තල් ගස මත එල්ලා ඇති විදුලි බල්බ විසන්ධි කොට තිබුණි. එසේම එක් බල්බයක් එහි තිබුණේ නැත එම බල්බය නොමැතිව අනෙකුත් බල්බ දැල් වෙන්නේ නැත. පරීක්ෂකවරයාට ඉතා පැහැදිලි වූයේ නිවෙස් හිමියා සත්‍ය පවසන බවයි. මෙම නත්තල් ගස ඉතා හදිසියෙන් සරසා ඇති බව ඔහුට අඳුනාගත හැකි විය. එමනිසා නිවෙස් හිමියාට මෙම නත්තල් ගසේ ඇති බල්බ සියල්ල දැල්වෙනවා ද යන්න දැන ගැනීමට හැකියාවක් නොතිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here