අපි වැඩියෙන්ම කතා කරන්නේ කාන්තාවන් ගැනනේ. අද අපි පුර්ෂ ඔබ වෙනුවෙන් යමක් ගෙන එන්න හිතුවා. පිරිමි පාර්ෂවයේ කඩවසම් පෙනුම ලස්සනට තියාගන්න, ඕනම තැන්ක කැපී පෙනෙන්න වැදගත් මහත්මා ගතිය ඔප් නැංවෙන විදියට අඳින්න පළඳින්න අවශ්‍යම දේවල් 9ක් ගැනයි මේ කියන්නෙ යන්නෙ.

01. හොඳ සපත්තු ජෝඩුවක්

ස්මාර්ට් කැෂුවල් අඳින කොට අත්‍යවශ්‍යම දෙයක් තමයි හොඳ සපත්තු ජෝඩුවක් කියන්නෙ. කොච්චර හොඳට ඇන්දත් වැඩක් නැහැ සපත්තු දෙක පිළිවෙලකට නැතිනම්. සපත්තු වලින් කෙනෙක් ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන්. සාමාන්‍යෙන් ඔබ පළදින සපත්තු ඔබ අඳින කලිසමේ වර්ණයට සමාන හෝ ඊට වඩා තද පටකින් යුතු වීම තමයි ගැලපෙන්නෙ.

02. හෙන්ලී කමිසය

හෙන්ලී කමිසය කියලා කියන්නෙ කොලර් එක රහිත ඉදිරිපස ඕපන් එකක් සහ බට්න් දෙකක් තුනක් තියන කමිසයට. මේක ගොඩක් හොලිවුඩ්, බොලිවුඩ් තරු අඳිනවා ඔබ දැකලා ඇති. මේ කමිසය පිරිමි අයගේ අංග ලක්ෂණ ලස්සනට කැපිලා පෙනෙන්න සලස්වනවා. ඇත්තටම මේ කමීසය ඇන්දාම හරිම සෙක්සි ලුක් එකක් තමයි තියෙන්නෙ.

03. නිල් ඩෙනිම් එකයි සුදු ෂර්ට් එකයි

මේක කොහෙදිවත් වදරදින්න බැරි ගැලපීමක්. ඔබ සුදුද කලුද උසද කොටද කෙට්ටුද මහතද අදාලම නෑ. සුදු ශර්ට් එකයි නිල් ඩෙනිම් එකයි අනිවාර්‍යෙන්ම ඔබට ගැලපෙනවා. ඕනම හදිස්සියකදි ගැලපෙන ඇඳුමක් නැති වුණොත් මේක පාවිච්චි කරන්න පුලුවන්.

04. V කර සහිත ස්වෙටර්ස්

V කර තියෙන ස්වෙටර්ස් ඕනම කෙනෙක්ට ගැලපෙනවා. මේ ඇඳුම ඇන්දාම ඔබව වගකීම් සහගත කෙනෙක් වගේ පේනවා. ඒ වගේම කාන්තාවන් මේ ඇඳුමට ගොඩාක් කැමතියි. මේ ඇඳුමෙ තියෙන්නෙ උණුසුම් ආරක්ෂාකාරී හැඟීමක්.

05. රෝල් කරපු කමිස අත් සහ සිහින් ටයි පටිය

‌මේ සංයෝජනයෙන් ඔබට වැදගත් වගේම රොමැන්ටික් ලුක් එකක් ලබා ගන්න පුලුවන්.

06. ඇඟේ මිම්මට මස්සවා ගත් සූට් එකක්

වැදගත් ගමනක් බිමනක් යද්දි අඳින්න හොඳ ටේලර් කෙනෙක්ගෙන් අලුත් මෝස්තරයේ සූට් එකක් මස්සවා ගන්න එක බොහොම වටිනවා. සූට් එකක් රෙන්ට් කරන්න ගියත් වියදම් කරන්න වෙනවා. ඒවා ඔබේ ඇඟට ගැලපෙන්නෙත් නෑ, මෝස්තරත් බොහොමයක් යල් පැනලා. ටිකක් වියදම් ගියත් මේක කරගන්න වටින වැඩක්.

07. ගැලපෙන ආභරණ

කාන්තාවන් තමයි ආභරණ වලට කැමති කියලා හිතුවත් ඇස් ඇරලා වටපිට බැලුවොත් ඔබට පෙනේවි පිරිමි අයත් ගොඩක් ආභරණ පළඳිනවා. ලෙදර් බෑන්ඩ්ස් සහ බීඩ්ස් තියන බෑන්ඩ්ස් තමයි මේ කාලේ වැඩියෙන්ම ජනප්‍රිය. ඒ වගේ කරාඹු පැළදීමත් දැන් ගෑනු ළමයි අතර හිත් දිනාගන්න පුලුවන් මෝස්තරයක්. ඔබ අඳින ඇඳුමට මේව ගලපන්න.

08. තොප්පි

පිරිමි අයගෙ කඩවසම්කම වැඩියෙන් කැපිල පේනව තොප්පි දැම්මාම. ලස්සන තොප්පියක් නම් කොල්ලෙක්ට තියෙන්නම ඕන. සෙනඟ ගොඩක් මැද්දෙදි තොප්පියකින් ඔබව කැපිලා පෙන්න ගන්නවා. කැප් තොප්පිය නෙමෙයි මේ කියන්නෙ හැට් වර්ගේ තොප්පි මෝස්තර ගැන.

09. පිළිවෙල පෙනුම

කොච්චර ලස්සනට ඇන්දත් පැළැන්දත් වැඩක් නෑ හොඳට කොණ්ඩය රැවුල කපලා පී‍රලා හිටියෙ නැත්නම්. ඔබ මේ දෙකම වවනවා වුණත්, නිකම්ම වැවෙන්න දෙන්න එපා, පිළිවෙලකට සැලුන් එකකින් සකසා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here