කෝපි කෝප්පයක් ,දෙහි බීම වීදුරුවක්, යෝගට් එකක්, පෝෂදායි උදෑසන ආහාරයක් කිව්වම මේවා තමයි ගොඩක් අයගේ ඔලුවට මුලින්ම එන ආහාර වර්ග.  නමුත් ගොඩක් දෙනා නොදන්න කරුණක් තමයි මේ ආහාර වර්ග ගොඩක් හිස්බඩ කෑමට ගන්න එක ශරීරයට හිතකර නැහැ.  මේ තියෙන්නෙ ඒ වගේ හිස්බඩ ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර සහ හිස්බඩ ආහාරයට ගත්තට ශරීරයට අහිතකර නැති ආහාර වර්ග කිහිපයක්.

හිස්බඩ ආහාරයට නුසුදුසු ආහාර

  • ශෝට් ඊට්ස් සහ පේස්ට්‍රි

ඊස්ට් අඩංගු ආහාර වර්ග ආමාශ බිත්ති වල දැවිල්ල ඇති කරනවා වගේම උදරයේ වාතය පිරීමට හේතු වෙන්නත් පුළුවන්.  

  • පැණි රස කෑම  

පැණි රස කෑම මගින් ශරීරයේ  ඉන්සියුලීන් මට්ටම වැඩි කිරීම නිසා උදේම අග්න්‍යාශයට වැඩ වැඩි වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඉක්මනින් දියවැඩියා රෝගී තත්ත්වය කරා ඔබව ගෙනයාවි.

  • යෝගට් සහ වෙනත් මුදවපු කිරි වර්ග 

හිස් බඩ යෝගට් ආහාරයට ගැනීමෙන්  උදරයේ Hydrocloric acid නිෂ්පාදනය වෙනවා. මේ මගින් ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා විනාශ වෙනවා. ඒ නිසා එවැනි ආහාර වර්ග හිස්බඩ ගැනීම සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ.

  • පෙයාස්  

පෙයාස් වල ඇති රළු කෙඳි  වලින් හිස් උදරයේ මෘදු ශ්ලේෂ්මල පටලයට තුවාල සිදු  විය හැකියි.   

  • තක්කාලි  

තක්කාලි වල ඉතා විශාල ප්‍රමාණයක් ටැනික් අම්ලය අඩංගු වන අතර මෙය උදරයේ ආම්ලිකතාවය ඉහළ දමමින් gastric තුවාල උදරයේ ඇති කිරීමට හේතුවිය හැකිය.

  • පිපිඤ්ඤා සහ වෙනත් කොළපාට එළවළු

පිපිඤ්ඤා සහ කොළපාට එළවළු වල ඇමයිනෝ අම්ල විශාල ප්‍රමාණයක් අඩංගුයි.  උදෑසන හිස් බඩ මේවා ආහාරයට ගැනීම මගින් බඩ පපුව දැවිල්ල, බඩේ වාතය පිරීම සහ උදරයේ වේදනාව යන තත්වයන් ඇතිවිය හැකියි. 

  • කෙසෙල් ගෙඩි 

උදෑසන හිස් බඩ කෙසෙල් ගෙඩි ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ ලේවල මැග්නීසියම් ප්‍රමාණය අධික ලෙස ඉහළ යන අතර මෙය හදවතට හිතකර නොවේ.

  • සැර කුළුබඩු සහිත ආහාර වර්ග  

සැර කුළුබඩු සහිත ආහාර වර්ග වලින් ඔබගේ ආමාශයික තරලයට හානි සිදුවිය හැකිය. උදෑසන සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කිරීම සුලබ ආහාර අජීර්ණ රෝග රාශියකට අතවැනීමකි. 

  • සිසිල් කරන ලද කාබනීකෘත බීම 

කාබනීකෘත සිසිල් බීම වර්ග උදෑසන හිස්බඩ පානය මගින් ඔබගේ මෘදු ශ්ලේෂ්මලය ට හානි සිදුවිය හැකි අතර මෙමගින් උදරයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී වේ. 

  • පැඟිරි පලතුරු

නාරං, දොඩම්, දෙහි ආදී පැඟිරි සහිත පලතුරු වල අඩංගු සිට්‍රික් ඇසිඩ් වලින් උදරයේ ආම්ලිකතාවය ඉහළ නංවයි. මෙය ද උදරයේ දැවිල්ල මෙන්ම ආමාශයික තුවාල ඇති වීමටත් හේතු විය හැකියි. 

උදෑසන හිස්බඩ ආහාරයට සුදුසු  ආහාර වර්ග

  • ඕට්ස්

ඕට්ස් වලින් ආමාශයික බිත්ති වටා ආරක්ෂිත තරලයක් නිපදවන අතර hydrocloric acid වර්ගවලින් ආමාංශික බිත්ති වලට සිදු කරන හානිය මෙයින් අවම වේ. තවද ඕට්ස් වල අඩංගු ද්‍රාව්‍ය තන්තු ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට ද දායක වේ.

  • බක්වීට් තිරිඟු පිටි 

බක්වීට් තිරිඟු පිටි මගින් ආහාර ජීර්ණ පද්ධතිය මෘදු ලෙස උත්තේජනය කරන අතර මෙය යකඩ, විටමින් සහ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු පෝෂදායි ආහාරයකි. 

  • Cornmeal porridge

මෙය ඔබේ ශරීරයේ ඇති බැරලෝහ සහ වෙනත් විෂ වර්ග ශරීරයෙන් ඉවත් කිරීමට දායක වන අතර බඩවැල් වල ක්ෂුද්‍රජීවින් සමනය කිරීම ද සිදුකරයි.  උදෑසන  Cornmeal porridge ආහාරයට ගැනීමෙන් ඔබට දවස පුරා කුස පිරුණු ගතියක් අත්විඳිය හැක. 

  • බීජ තිරිඟු 

බීජ තිරිඟු තේ හැඳි දෙකක් ආහාරයට ගැනීමෙන් ඔබට එක් දිනක් සඳහා අවශ්‍ය විටමින් E ප්‍රමාණයෙන් 15%ක් ද folic acid ප්‍රමාණයෙන් 10%ක් ද ලබාගත හැකිය. මීට අමතරව මෙමගින් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය වඩාත් සුමට කරගත හැකිය. 

  • බිත්තර

උදෑසන ආහාර වේලට බිත්තර ආහාරයට ගැනීමෙන් දවස පුරා ඔබ ගන්නා කැලරි ප්‍රමාණය ඉතා විශාල වශයෙන් අඩු කර ගත හැකි බව සමීක්ෂණ රාශියකින් හෙළි වී තිබේ.

  • කොමඩු 

උදෑසන හිස්බඩ කොමඩු ආහාරයට ගැනීමෙන් ඔබගේ ශරීරයට උදෑසන අත්‍යාවශ්‍ය දියර විශාල ප්‍රමාණයක් ලබාගත හැකිය. මීට අමතරව කොමඩු වල අඩංගු ලයිසොපීන් හදවතට සහ ඇස් වලට ඉතා හිතකර වේ.

  • Blueberry

මෑතකදී සිදු කරන ලද පරීක්ෂණ කිහිපයකට අනුව දිනපතා blueberry ආහාරයට ගැනීමෙන් ඔබගේ මතක ශක්තිය දියුණු වේ. මීට අමතරව පරිවෘත්තීය ක්‍රියාවලිය සහ රුධිර පීඩනය ක්‍රමවත් කිරීමටද blueberry වලට හැකියාවක් ඇත.

  • ඊස්ට් රහිත පරිපූර්ණ ධාන්‍යමය පාන්

පාන්වල අඩංගු කාබෝහයිඩ්‍රේට් සහ වෙනත් පෝෂපදාර්ථ ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය ඒවා වේ. පාන් ආහාරයට ගැනීමට දවසේ සුදුසුම වේලාව උදෑසන ආහාරය යි.

  • ඇට වර්ග

ඇට වර්ග ඔබගේ උදෑසන ආහාර වේලට එකතු කර ගැනීම මගින් ඔබගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් වනවා සේම උදරයේ pH අගය සමනය කරයි.

  • මී පැණි

මී පැණි මගින් උදෑසන ඔබේ සිරුර පිබිදීමටත් අවයව වලට ක්‍රියාත්මක වීම සඳහාත් අවශ්‍ය ජවය ලබා දීමට හැකිවේ. එමෙන්ම මී පැණි මගින් පුද්ගලයන්ගේ ප්‍රීතිමත්භාවය ඇති කරවන හෝමෝනය වන සෙරොටනින් ප්‍රමාණය ඉහල දමන අතර බුද්ධිමය ක්‍රියාවලීන්ද තියුණු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here