13 හැවිරිදි පාසල් සිසුවියක් දරුවෙකු බිහි කරනු ලැබූ අනතුරුව දරුවාගේ පියා අවුරුදු 10ක පිරිමි ළමයෙකු යැයි ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ රුසියානු රාජ්‍යයෙන්.

 කෙසේ වෙතත්, පසුව ඇය අනාවරණය කර ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු තමන්ව අතිශය අමානුෂික ලෙස දූෂණය කළ බවයි.

ඇය තම දරු ප්‍රසූතිය ඉතාමත් අසීරුවෙන් සිදු කර අනතුරුව රාත්තල් 8ක් බර දරුවෙකු (දියණියක්) බිහි කර තිබුණා.

මෙම දරුවාගේ ඡායාරූප හෝ වෙන යම් හෝ තොරතුරක් මාධ්‍ය වෙත මුදා හැර නැහැ.

“මම උදේ 10ට ගැහැණූ ළමයෙක් බිහි කළා…. ඒක අමාරුයි……. මම හැම දෙයක්ම පසුව කියන්නම්.. මට දැන් විවේකය අවශ්‍යයයි..”

කෙසේ වෙතත් ඇය රුසියාවේ ප්‍රයිම් ටයිම් රූපවාහිනියට පවසා ඇත්තේ, තම දරුවාගේ පියා අයිවන් නම් 10 හැවිරිදි පිරිමි දරුවා බවයි.

මෙම අවුල ලිහා ගැනීමට, පොලිසිය උත්සහා කරමින් සිටින අතර අලුත උපන් දැරියගෙන් ඩීඑන්ඒ සාම්පල ලබා ගැනීමේ සුදානමකින් ඔවුන් පසුවනවා.

එම පිරිමි දරුවාට (ඇගේ පෙම්වතාට.) අලුත උපන් දරුවාගේ උපන් දිනය දා පැමිණිමට අවසර ලැබී නැහැ.

මෙම අසාමාන්‍ය පුවත මේ වන විට සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරු වෙමින් පවතිනවා.

Dailymail ඇසුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here