මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමක් වෙත අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන අය මෙම නඩුවේ අනිකුත් විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි.

පසුගිය 2014 වසරේ අගෝස්තු මස 01 දා සහ එම වසරේ නොවැම්බර් මස 01 දා අතර කාල සීමාව තුළ, මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමක් වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි එවකට ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අධිචෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here