පසුගියදා පැය 8ක පමණ කාලයක් මුළු රටටම විදුලිය බිඳවැටුනේ එක් පුද්ගලයෙකුගේ අත්වැරැද්දකින් බව සාමාන්‍ය මතයක් වී ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී වැඩි වශයෙන් සාකච්චා කලේ විදුලිය බිඳ වැටීම ගැන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් විදුලිය බිඳ වැටීම ගැන කරුණු පැහැදිලි කිරීම ඊට වගකිව යුතු නිලධාරීන් සිදුකළ යුතු බව ජනාධිපතිතුමන්ගේ මතය වූ බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here