teslaටෙස්ලා සමාගමේ කොටස් වෙළෙඳපොළ දිනකින් 11% ක උත්පාදනයක් සිදුවීම තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් ඉපයීමට සමත්ව තිබේ.

එමගින් ටෙස්ලා හිමිකරු එලෝන් මස්ක් ලොව සිව්වැනි ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

මස්ක්ට පසු ධනය තුළින් ලොව පස්වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙන්නේ ප‍්‍රංශ ජාතික බිලියනපතියකු වන, ලූයි විටන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බර්නාඞ් ආනොල්ඞ් පසු කිරීමෙනි.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය පෙන්වා දෙන අන්දමට, ටෙස්ලා සමාගමේ කොටස් 11% කින් ඉකුත් සඳුදින ඉහළ ගොස් තිබේ. එමගින් මස්ක් සතු මුළු වටිනාකම

ඇ. ඩො. බිලියන 84.8 දක්වා වැඩි වී ඇත.

ටෙස්ලා හිමිකරු මස්ක්ට ඉදිරියෙන් සිටින්නේ ඇ. ඩො. බිලියන 99 ක ධනයක් උපයන ෆේස්බුක් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ය.මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here